(ඉන්දිකා රාමනායක)
රටේ විවිධ කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය තෙල් අර්බුධයක් පැවති සමයේ ශ්‍රි ලංකාවට තෙල් ගෙන්වන නියෝජිතවරිය වශයෙන් පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් කෝටි ගණනින් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
රජය මගින් මෙරටට තෙල් ගෙන්වීමේ නියෝජිතවරිය වශයෙන් තමන් පත්කර ඇති බවත්, ඩොලර් අර්බුධය නිසා තෙල් ගෙන්වීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව පවසා ඇය ව්‍යාපාරිකයන් රවටා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
තෙල් ගෙන්වීම සදහා තමන්ට ඩොලර් ලබා දෙන ලෙසත්, එම ඩොලර්වලින් මෙරටට තෙල් ගෙන්වීමෙන් පසු ඒවා අලෙවි කර වැඩි ලාභයක් දිය හැකි බවටත් පවසා සැකකාරිය ව්‍යාපාරිකයන් රවටා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සැකකාරියගේ එම ප්‍රකාශ අනුව ව්‍යාපාරිකයන් රැසක් ඇයට ඩොලර් ලබා දී ඇති බවත්, එලෙස ව්‍යාපාරිකයන්ගේ ලබා ගත් ඩොලර් ඇය ඒවා වංචා කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
එක් ව්‍යාපාරිකයකු ඇයට රැවටී ඇමැරිකානු ඩොලර් 60,000 ක් , පවුම් 136 ක්, ඔස්ට්‍රේලියා ඩොලර් ලක්ෂයක් ලබා දී ඇති බවත්, තෙල් නැවට මුදල් ගෙවු පසු දින දෙකකින් එම මුදල් ලාභ සමග ලබාදෙන බවට පවසා සැකකාරිය මුදල් ලබාගෙන ඇති බවට එම ව්‍යපාරිකයා ඊයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ආර්ථික අර්බුදයකට මුහුණදී අැති මේ අවස්ථාවේ ඒවා අමතක කරන්න තිලිනි නාටකය උවමනාවටත් වඩා ඉස්මතුකර පෙන්වනවා. ඔයිට වඩා මේරටේ මුදල් වංචාවෙලා නැද්ද? මේවා අළුත් දේවල් නොවෙයි. අවසානයේ අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් කලා වගේ මේවගෙ වංචාකාරියොත් කිසිම දඩුවමක් නැතුව යසට නිදහස්වෙයි.
ඔහොම වෙලා මදි, බලන් ගියාම අපේ බේබිත් කොනක ඉන්නවානේ.
මෙ වගෙ වැස්සියකට අහු වුනා කියන්නෙ මුන් වියාපාරිකයො නෙවෙයි හොද වස්සො ටිකක්
රටේ දිනෙන් දින ලැබන ආරංචි අනුව, රටෙන් දුෂණ, වංචා, හොරකම් නැති කරන්න ලකුණු නම්, පේන්නට නැහැ. මහා පරිපානයේ කප්පම් කාරයක් සහ කොමිස් කාරයක් ඉන්න වත්මන් ඇමති මණ්ඩලයතුල වංචා දුෂණ තුරන් කිරීම කිසිසේත්ම බලාපොරුත්තු වෙන්න බැහැ.
ලංකාව මෙහෙමවත් ඉතුරුවුනා ඇති. රජයේ නියෝජිත කිවුව පමනින් සල්ලි දෙනවද? විශ්වසනීයත්වය බලන්න ඕන නේද? සලිලි දෙන්න කලින් පෙට්‍රෝලියම් එකෙන් චෙක් කරන්න ඕන නේද? සමහරවිට මෙයා දේශපාලකයො එක්ක තිබුනු සම්බන්ධකම් වලට කවුරුත් සැක නොහිතන්න ඇති. දැන් මේ සල්ලි කාගෙ ලඟද?
මෙන්න මුන්ගෙන් ආදායම් බදු ගන්න ව වෙනුවට කප්පන් ගන්න ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුලේ ඉන්න කාක්කෝ ටික අල්ලන්න.
මෙයා එංගලන්තේ හිටියානම් ෂුවර් එකටම මහරැජිනගේ ඔටුන්නටත් ගේම දෙනවා.
මේ රටේ තියෙන කලු සල්ලි එළියට ගන්න හදපු යන්ත්‍රයක් වගේ සුපිරියට කට්ටියව අන්දලා තියෙනවා. නීති විරෝධි වත්කම් ගැන හොයන ඒකකයක ප්‍රධානියා කරන්න සුදුසු කාන්තාවක්.
මේ වගේ අනුවනයන්ට මෙහෙම වෙලා මදි.
මං හිතාගෙන හිටියෙ කෝටිපති ව්‍යාපාරිකයන් බුද්ධිමත් අය කියලා. දැන් බැලුවම චීත්ත වලට නිකම්ම රවටන්න පුලුවන් නෙ.
ඔය සිද්ධිය තනිකර රඟපෑමක් කියලයි මට නං හිතෙන්නේ . ඕකේ පිටි පස්සෙ අපි කවුරුත් නොදන්නා දෙයක් තියනවා .
මුන් ඉපදෙන කොට මව් කිරි නෙමෙයි බීලා තියෙන්නේ .තණකොළ කාලා තියෙන්නේ
අනේ මෙහෙම මෝඩ හරක්. අනිත් සැරේ අපේ කට්ටිය මෙයත් දියවන්නාවට යවයි. එක වල්ලෙ පොල් වගේ තියෙයි.
මහබැංකු හොරකම විමර්ශනයට වියදම් කරපු කෝටි ගනනක මුදල් සම්භාරය. හොරකම් ගැන හොයනව පමනයි. හොරකම් හොයන්න යන එකෙනුත් ගසාකනව ඇති.
ලංකාවේ සැබෑ ව්‍යාපාරිකයෙක් නැත, සියල්ලෝම වංචාකාරයෝ සහ හොරුය. එය ඉතා ශෝචනීයයි.
ඔන්න ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව ගේ හැඳි මිටේ නුවන .පොත්ත සුදුනම් යන්නේ ලොකු වාහනයක නම් අහු උනා
ලඟඳීම ඇය අවසන් ගමන් යයි.
මහ බැංකු සහ සීනි බදු වංචා හොරුත් අල්ලනු.
මේ වංචාව නිසා අනිත් අයගේ වංචා යටගියා වගේ නේද?
මේක අපි ඔයාලට පේන වංචාවක් නොවෙයි.
නෝනාට මාර ගාණක් ගොවනව ඇති නේද මහ හොරු අමතකවෙලා යන්න ඉස්සරහට ඇවිත් රඟපානවට.
රටේ අනාගතයක් ගැන හිතන්නේ කොහොමද?.මුන් ඔක්කම එක වල්ලේ පොල්.
Few month ago Nirupama, today Tilini, tomorrow Piyumi, next month Nayomi, will go like this for decades All these are to change the people's attention on the current economic crises Shame on media Sad on the people of the motherland Mohamed, Melbourne.
මේ උන්දා මේවායේ බරපතල කම හෝ දඬුවම් ලැබිය හැකි වැරදි බව නොදැන කළා නොවෙයි. උපයපු මුදලින් නඩු කියන්නම්, හරිගියොත් මම ගොඩ වැරදුනොත් හිරේ ගීහින් එතනත් සැපට ඉඳලා එන්නම් කියලා කරපු වරදවල්.