ගුරාගේ වාචාල කට සිසුවියට විෂය කරුණු අමතක කරලා මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියමින් සිටි සිසුවියක් පිළිතුරු ලිවීම සඳහා කොළ ඉල්ලා සිටි අවස්ථාවේ එම ශාලාවේ විභාග පරීක්ෂකවරයකු ලෙස රාජකාරියේ නිරතව සිටි ගුරුවරයකු ඊට දැක්වූ ප්‍රතිචාරය නිසා කම්පනයට පත් වූ බව කියමින් එම ගුරුවරයාට එරෙහිව සිසුවිය පැමිණිල්ලක් කර ඇතැයි මාතලේ මූලස්ථාන පොලිසිය පවසයි. 02 February 2023
පෙට්‍රල් ලීටරයක් 30 කින් උස්සයි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (1) රාත්‍රී නිවේදනය කළේය. 01 February 2023
ජනපතිගේ අලුත් තීන්දුව මැතිවරණයට බාධාවක්? ජනාධිපතිවරයාගේ නව නියෝගය හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට තවත් බාධාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ. 01 February 2023
සැමියාට ගෙනා හෙරොයින් කලිසමේ ඉනෙන් මතුවෙයි කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුගේ බිරිද එම සැකකරුට දීමට ගෙනා ඩෙනිම් කලිසමක ඉනේ වෙළෙඳ සන්නාමය සලකුණු කර ඇති ලේබලයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් බන්ධනාගාර නිලධාරීන් අද (1) අත්අඩංගුවට ගත් බව අතිරේක බන්ධානගාර කොමසාරිස් ජනරාල්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 01 February 2023
විදුලි කප්පාදුව නීති විරෝධියි උසස් පෙළ විභාගය පැවැත්වෙන මේ මස 17 වැනිදා දක්වා කාලය තුළ විදුලිය කප්පාදු කිරීම අනවසර මෙන්ම නීති විරෝධී බවත් එම කාලය තුළ විදුලි කප්පාදුව සඳහා කරන කිසිඳු ඉල්ලීමක් අනුමත නොකරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පස්වරුවේ පැවසීය. 01 February 2023
පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් දිවයිනට පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland ) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහ අද සවස පැමිණියාය. 01 February 2023
මොරවකදී රැඳවියෝ දෙදෙනෙක් පනිති මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් දෙදෙනකු නැවත බන්ධානාගාර ගත කිරීමට බන්ධනාගාර බස් රථයට රැගෙන යද්දී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. 01 February 2023
මවගේ කෙස්වැටියෙන් අල්ලා පහරදුන් නොසන්ඩාල පුතා අල්ලයි විදුලි බිල ඉහළ නිසා තමාගේ ගෙදරින් රෙදි මදින්න එපා යැයි කියු 66 හැවිරිදි තිදරු මවකට පහර දුන් 37 හැවිරිදා පුතකු අත් අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි. 01 February 2023
ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨයන් 77 කට සේවා විභූෂණ සම්මාන යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 February 2023
අදත් ලයිට් කපයි විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20 ක් අද (1) දිනයේ ක්‍රියතේමක කරන්නේ යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 01 February 2023
හොක්කට අත දමා කොක්ක ගලවයි කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිල දමා මහත් අපහසුවෙන් සිටි අඩි 13 ක් පමණ දිගින් යුත් කිඹුලකුගේ කටට අත දමා එම ඇම ඉවත් කිරීමට කළුතර මොරන්තුඩුව ගෝනදූව කවටයාගොඩ තරුණයෙක් කටයුතු කළේය. 01 February 2023
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අනිද්දා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා(3) සිකුරාදා පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතය. 01 February 2023
ජාතික රෝහලේ නිල නොවන වැඩවර්ජනයක් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය දක්වමින් එම රෝහලේ සේවකයන් පිරිසක් වැඩවර්ජනයක් ප්‍රකාශ නොකර සේවයෙන් ඉවත්ව සිටින බවත් අදාල පිරිස හදුනාගැනීම සදඟා සෞඛ්‍ය හදිසි වැටලීම් අංශය පරීක්ෂණ ආරම්භ කළ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (1) පැවසීය. 01 February 2023
කෙහෙළියට රට යන්න අවසර මෙරට ජනතාවට හා සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා සමුළු තුනකට සහභාගී වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (01) නියම කළේය. 01 February 2023
නාවිකයන් හතළිහකට රක්ෂණ ඔප්පු නාවිකයන් හතළිස් දෙනෙකුට වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් සමාජ ආරක්ෂණ ඔප්පු අද ප්රදානය කෙරිණ. 01 February 2023
කැලණි සරසවි සිසුන්ට ජල ප්‍රහාරයක් ශිෂ්‍ය මර්ධනයට එරෙහිව කලණිය සරසවියේ සිසුන් පිරිසක් ආරම්භ කළ විරෝධයක් විසුරුවා හැරීමට පොලිසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කළේය. 01 February 2023
ඇපේ විනිවිදද බලන්න තුන් කට්ටුවක් තැන් තුනකට මැතිවරණය සඳහා අපේක්ෂකයන් විසින් තැන්පත් කරන ලද ඇප මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙනත් කටයුතු සඳහා යොදනවාදැයි විමර්ශනයක් කරන ලෙස ඉල්ලීම සඳහා පාර්ශව තුනක් අද (1) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මුදල් අමාත්‍යංශයටත් මැතිවරණ කොමිසමටත් පැමිණියහ. 01 February 2023
දෙන්නා දෙ නෑනෝ ඝාතනය කරලා ඇල්පිටිය පහළ ඕමත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනකු අභිරහස් ලෙස ඝාතනය කර සිටියදී අද දහවල් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි. 01 February 2023
කාන්තා ක්‍රිකට් පිල ලෝක කුසලානයට හෙට යයි දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ. 01 February 2023
ජනපතිට ඇමරිකාවෙන් සහතිකයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) මහත්මිය අතර සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 01 February 2023
මහැදුරැ අතුල සේනාරත්නට පහර දුන් සිසුන්ට ඇප පේරාදෙණිය විශ්වවිද්යාිලයේ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සහ නිවෙසට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධව රිමාන්ඩ් කර සිටි විශ්වවිද්‍යා ල සිසුන් 14 දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මහනුවර ප්රිධාන මහේස්ත්රා ත් ශ්රීිනිත විජේසේකර මහතා ඊයේ (1) දා නියෝග කළේය. 01 February 2023
ලංගම බසයට යට වූ මව සහ පුතා මරුට දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල රෝහලට ආසන්නයේ පිහිටි පිරිවෙන ආසන්නයේදී ඊයෙ 1 වෙනිදා දහවල් එකට පමණ මාර්ගයේ පෙරලී ගිය යතුරුපැදියක් ලංගම බස් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ මව සහ පුතා එම ස්ථානයේදීම මිය ගිය බව ගොකරැල්ල පොලිසිය පවසයි. 01 February 2023
ගාල්ල - මාකුඹුර අතර යන්න මාරු කාසි එපා ගාල්ල - මාකුඹුර අතර ධාවනය කරන අධිවේගී මාර්ග බස්රථවල ගමන් කිරීමට හෙට (2) සිට පෙරගෙවුම් කාඩිපත් නිකුත් කරන බවත් මහජන බැංකුවෙන් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් එම කාඩ්පත් මිලදී ගත හැකි බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 01 February 2023
ක්‍රීඩා ඇමතිගෙන් අභියාචනාධිකරණයට පොරොන්දුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ පූර්ණ විගණනයක් කර විගනකාධිපති වාර්ථාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ කිසිඳු පියවරක් නොගන්නා බවට ක්‍රීඩා ඇමතිවරයා අභියාචණාධිකරනය පොරොන්දු විය. 01 February 2023
හලාවත ප්‍රා. සභා ලේකම්වරියගේ මාරුවට අධිකරණයෙන් තහංචියක් මැතිවරණයක් කැඳවා තිබෙන අවස්ථාවක මැතිවරණ නීති රීති උල්ලංඝනය වන ආකාරයට වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගේ නියෝගයක් මත මැතිවරණ රාජකාරි කටයුතු භාර නිලධාරිනියක වන හලාවත ප්‍රාදේශීය සභාවේ ලේකම් ශ්‍රියානී ජයසිංහ මහත්මියට ලබාදී තිබෙන ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා තහනම් නියෝගයක් කළේය. 01 February 2023
නිදහසක් නැති නිසා කතෝලික සභාව නිදහස් උළෙලට නෑ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙලට කතෝලික සභාව නියෝජනය කරන කිසිවකු සහභාගී වන්නේ නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය. 01 February 2023
වල්ගා තරුව පෘථිවිය අසලට පැමිණෙයි තාරකා විද්‍යාඥයන්, ‘සී/2022ඊ3’ යනුවෙන් නම් කළ වල්ගා තරුව අද (1) සහ හෙට (2) පෘථිවිය අසලට පැමිණියේය. රාත්‍රී අහස පැහැදිලි නම්, කොළ පැහැති ආලෝකයක් විහිදුවන මෙම වල්ගාතරුව පහසුවෙන් දැක ගැනීමට හැකි බව නාසා විද්‍යාඥයන් කල් කියා පැවැසීමත් සමඟ වල්ගා තරුව දැක ගැනීමමට ලොකු කුඩා කවුරුත් උනන්දු විය. 01 February 2023
මුදලිගේ ගෙදර යයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවත් නඩු තුනකට ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය. 01 February 2023
ඡන්දෙ තිව්වොත් රට නැවතත් අගාධයකට ජනතාවගේ බලාපොරොත්තු නැවත ඉහලට යන අවස්ථාවේදී පළාත් පාලන ආයතන සභිකයන් 8000කට වැටුප් ගෙවන තත්ත්වයක් විපක්ෂය අපේක්ෂා කරන්නේ නම්, එයින් රට නැවතත් ආර්ථික අගාධයකට ඇද වැටී සංචාරක කර්මාන්තයට ද හානියක් විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 01 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026