ගම්බද දරුවන්ට බස් නැතිවුවහොත් ‘සිපෙට්කෝ’ වගකිව යුතුයි ලංගම ඩිපෝ ආසන්නයේ නොමැති ගම්බද ප්‍රදේශවල බස් රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් ලබාදිය යුතු බවත් ගම්බද ප්‍රදේශවල බස් රථ ධාවය නොවීමෙන් දරුවන් අපහසුතාවට පත්වුවහොත් එහි වගකීම ‘සිපෙට්කෝ’ ආයතනය භාරගත යුතු බවත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (14) පෙරවරුවේ පැවසීය. 14 August 2022
‘‘අර්බුදයෙන් ගොඩයන්න තවම වැඩපිළිවෙළක් නෑ‘‘ ජනාධිපතිවරයා පත්වී සැළකිය යුතු කාලයක් ගත වුවත් රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට තවම පාර්ලිමේන්තුවට කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැතැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද පැවසීය. 14 August 2022
ආර්ථික ගැටලුව ගහෙන් වැටුණු ජනතාවට විදුලි බල මණ්ඩල ගොනා ඇන්න ආර්ථික ගැටලුව නැමැති ගහෙන් වැටුණු ජනතාවට විදුලි බල මණ්ඩලය නැමැති ගොනා ඇන්න බව ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ. 14 August 2022
අලි වැට හදන්න ගෙනා බඩු ’’සුදු අලි’’ වෙලා දිවයින පුරාම පිහිටි වනජීවී කාර්යාලවලට විදුලි වැට සැකසීමට ගෙන්වා ඇති උපකරණ වලින් නිසි පරිදි ප්‍රයෝජනයට ගෙන නැතැයි තහවුරු වී ඇති බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි. 14 August 2022
වියදම් සීමා කරන්න ජනපතිගෙන් නියෝග රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා සහයක් ලෙස රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවමින් ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 14 August 2022
රස්නායකපුර නිවෙසකට පැන කපා කොටා දේපොළ කොල්ල කති රස්නායකපුර ප්‍රදේශයේ නිවසකට කඩා වැදුන සිවු දෙනකුගෙන් යුතු කල්ලියක් නිවැසියන් ඇතුලු සිවු දෙනකුට තියුණු ආයුධවලින් පහර දී කපා කොටා,රුපියල් ලක්ෂ හයක මුදලක් සහ රන් මාල තුනක් කොල්ලකා පලාගොස් ඇතැයි රස්නායකපුර පොලීසිය පවසයි. 14 August 2022
ක්‍රීඩා තරගෙට ගිය සිසුවා දැදුරු ඔයට බිලි පාසල් ක්‍රීඩා තරඟාවලියකට සහභාගි වී ආපසු එමින් සිටියදී නිවසට නොගොස් දැදුරුඔයේ දිය නෑමට ගිය ගෝනිගොඩ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දහසය හැවිරිදි සිසුවකු දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව රිදීගම පොලිසිය පවසයි. 14 August 2022
රජයේ ක්‍රමවේදයට පිටුපාන ඉන්ධන හල්වලට වැඩ වරදි ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. ක්‍රමවේදයට බැහැර වෙමින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සම්බන්ධයෙන් නීතිමය සහ පරිපාලන මට්ටමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 14 August 2022
පැයක විදුලි කප්පාදුව තව විනාඩි 20ක් දිගුවෙයි විදුලි ජනනයට ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැතිවීම නිසා හෙට සහ අනිද්දා (15 සහ 16) දෙදින පැයයි විනාඩි 20 ක් විදුලි කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 14 August 2022
‘‘මගේ අරගලය තවම අවසන් නෑ‘‘ ගාලු මුවදොර අරගලය නැවතුනත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය සාධාරණය ඉටුවන අත්හරින්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 14 August 2022
ගෑස් කඩෙන් ලක්ෂ දහයක ගෑස් සිලින්ඩර් උස්සලට පානදුර උතුර ලිට්රෝ ගෑස් අලෙවි සැලකින් රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා ගෑස් සිලින්ඩර සහ මුදල් අද අලුයම සොරාගෙන ගොස් ඇතැයි පානදුර උතුරු පොලිසිය කියයි. 14 August 2022
දරුවාගේ ජීවිතය අනතුරේ හෙලූ පියා මාට්ටු විදෙස් ගතව සිටින බිරිය ගෙන්වා ගැනීමට පස් හැවිරිදි දරුවාගේ ජීවිතයට තර්ජනයක් වන අන්දමින් වීඩියෝ පටයක් නිර්මාණය කළ පියකු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි. 14 August 2022
ඇතෙක් - අලි දෙදෙනෙක් විදුලි රැහැනට බිලි අනවසර විදුලි රැහැනක ගැටුණු ඇතකු සහ වල් අලින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනුරාධපුර සහකාර වනජීවි කාර්යාලය කියයි. 14 August 2022
රට කුණු බක්කියට වැටුණු හේතුව ගැන වජිර කියයි එක්සත් ජාතික පක්ෂය 2020 වසරේ දී ගමින් ගමට බෙදූ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව එදා කුණු බක්කියට නොදැම්මා නම් අද රට මෙලෙස කුණු බක්කියට වැටෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 14 August 2022
වසරක් ඇතුළත අලි මිනිස් ගැටුමට තිත වන අලි හා මිනිස් ගැටුම අවසන් කිරීම සඳහා විදුලි අලි වැට අවශ්‍ය සියලුම දිස්ත්‍රික්කවලට ලබන වසර ඇතුළත විදුලි වැටවල් සකසා අවසන් කිරීමට තීරණය කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙි. 14 August 2022
දෙමළ සංවිධාන 6 ක තහනම ඉවත් කරයි ශ්‍රී ලංකා තුළ තහනම් සංවිධාන ලෙස නම් කර තිබූ සංවිධාන හයක තහනම ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 14 August 2022
ඉස්සූ තැපැල් ගාස්තු මෙන්න දේශීය තැපැල් ගාස්තු ඉහළ නංවමින් රුපියල් 15 ක්ව පැවැති සාමාන්‍ය තැපැල් ගාස්තුව සියයට 233 කින් ඉහළ දමමින් රුපියල් 50 ක් බවට පත්කර තිබේ. 14 August 2022
පළාත් කිහිපයකට වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 August 2022
හඳුනා නොගත් වකුගඩු රෝගයකින් නාවුල ගමක් ලෙඩ වෙයි නාඋල පුබ්බිලිය ග්‍රාම සේවා වසමේ පුද්ගලයන් දෙසීයකට අධික පිරිසක් මේ වන විට හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වී තවත් පුද්ගලයන් තිස් දෙනකු පමණ මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටින බව ගම්මු පවසති. 14 August 2022
ගිනි අවියක් සමග තරුණයෙක් මාට්ටු විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සමඟ සැකකරුවකු මීටියාගොඩ කලුගේ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. 14 August 2022
2600 දුම්රිය ටිකට්ටුව 7600ට විකුණලා මහනුවර දුම්රිය ස්ථානයේ දී විදේශීය යුවළකට වැඩි මිලට දුමිරිය ප්‍රවේශ පත්‍රයක් අලෙවි කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 14 August 2022
චීන නැවට හම්බන්තොටට එන්න අවසර යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව අගෝස්තු 16-22 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට අවසර ලබා දුන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 13 August 2022
සදුදා සිට පාසල් සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් මේ මස 15 වැනි සදුදා සිට සතියේ දින පහේම සාමාන්‍ය පරිදි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව එම අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය. 13 August 2022
කොවිඩ්’ ආසාදිතයෝ 181 ක් අද හඳුනා ගැනෙති ‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 181 දෙනකු අද (13) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 13 August 2022
ෆොන්සේකාගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් අරගලය අවසන් නැති බවත් අරගලය අවසන් යැයි සිතා දේශපාලඥයන් ආතල් ගැනීමට නොසිතිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 13 August 2022
ඉන්දියාව ලංකාවට ගුවන් යානයක් තෑගි දෙයි ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානාවක් ප්රදානය කිරීමට කටයුතු කර තිබේ. 13 August 2022
මැතිසබයේ කෑම වේලාවත් අඩු කෙරේ පාර්ලිමේන්තුවේ දිවා ආහාරය සඳහා වෙන් කරන කාලයද පැය භාගයකින් අඩු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 13 August 2022
ඩ්‍රෝනාව කඩා වැටීමෙන් ලක්ෂ 50ක් වතුරේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් යොදවනු ලැබූ ඩ්‍රෝන යානය දියවන්නා ඔයට කඩා වැටීමෙන් රුපියල් ලක්ෂ පනහකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ග වලින් පැවසේ. 13 August 2022
ග්ලයිෆොසේට්වලට අවසර ලැබෙන ගැසට් නිවේදනයක් ග්ලයිෆොසේට් පලිබෝධනාශක බලපත්‍රයකට යටත්ව ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 13 August 2022
ඛනිජ තෙල් සංශෝධන ගැසට්ටුව නිකුත් වෙයි ඛනිජ තෙල් විශේෂ විධිවිධාන( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. 13 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025