(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 20 අද (27) පස්වරු දක්වා වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වී ඇති බවත් එම බිත්තර තවමත් පරීක්‍ෂණ මට්ටමේ පවතින බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද පස්වරුවේ පැවසීය.
එම බිත්තර තොගය පසුගිය 23 වැනිදා කොළඹ වරායට ළගා වූ අතර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මීට දින දෙකකට පමණ පෙර පරීක්‍ෂණ සඳහා බිත්තර සාම්පල ලබාගත්තේය.
කෙසේ වෙතත් මේ දක්වා එම පරීක්‍ෂණ වාර්තා ලැබී නොමැති බව දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තර නරක් වෙන තුරු පරීක්ෂණ කරන්න