නාවික හමුදා මැරීන් භටයෝ බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය සංවිධානය කළ බහුපාර්ශවීය සාගරික අභ්‍යාසයට සහභාගීවූ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භට කණ්ඩායම ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් හා දකුණු කැලිෆෝර්නියා ආශ්රිත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැසිෆික් සාගර කලාපය තුළ සාර්ථක අභ්‍යසය අවසන් කරමින් පසුගියදා නැවත පැමිණියේය. 15 August 2022
’’ඩෝනියර් 228’’ ලංකා ඉන්දියා සහයෝගයේ ඇරැඹුමක් ඉන්දියාව විසින් ඩෝනියර් ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දීම දෙරට සමුද්‍ර ආරක්ෂණ සහයෝගීතාවයේ හොඳ ආරම්භයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 August 2022
අර්තාපල්,ලොකුලූණ සහ පරිප්පු මිල යළි පහතට අර්තාපල්, ලොකු ලූණු, පරිප්පු ඇතුලූ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කීපයක මිල ගණන් පහත වැටී ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 15 August 2022
ඉන්දියන් තෑග්ග කටුනායකට ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය අද දහවල් කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියේය. 15 August 2022
දරුවා කෘෘරත්වයට පත් කළ තාත්තා රිමාන්ඩ් වයස අවුරුදු 6 සිසුවාගේ ගෙලට පිහියක් තබා වීඩියෝවක් සකසා විදෙස් රටක සිටි මවට යැවූ සැකකාර පියා මේ මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැයි කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජෙනී අමරසිංහ මහත්මිය නියම කළාය. 15 August 2022
හෙට සිට යළිත් රටම පැය 3ක අඳුරට නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම හේතුවෙන් හෙට (16) සිට විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා දීර්ඝ වන බව විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය ඩී. සී. ආර්. අබේසේකර මහතා පැවසීය. 15 August 2022
කුරුල්ලා බේරා ගන්න පූසෝ ‘ලොක්ඩවුන්’ ජර්මනියේ පිටිසර නගරයක සුරතල් බළලුන්, මාස තුනක කාලයක් ‘ලොක්ඩවුන්’ කිරීමට නගර බලධාරීන් තීරණය කර තිබුණු අතර, එම ‘ලොක්ඩවුන්’ කාල සීමාව අද (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. 15 August 2022
ආර්ථික අර්බුදයට කතානායකවරයාත් වගකිව යුතුයි මහමැතිවරණයෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා මුදල් කමිටුවේ සභාපති ධුරය ආණ්ඩුවට ලබාදීමට කටයුතු කළ කතානායකවරයා සහ සභානායකවරයා රටට සිදුවූ විනාශයේ හවුල්කරුවන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී අද (15)පැවසීය. 15 August 2022
අතුරුදහන් තරුණයාගේ සිරුර තලගලඔයෙන් හමු වෙයි නිවසින් අතුරුදහන්ව සිටි තරුණයකුගේ සිරුර නුවරඑළිය ග්‍රේගරි වැවට ජලය ගලා බසින තලගලඔයේ තිබි අද හමු වු බව නුවරඑළිය පොලිසිය පවසයි. 15 August 2022
ඉන්ධන ජාවාරමේ යෙදුණු හතක් මාට්ටු පුත්තලම හා ආණමඩුව පොලිස්ථාන ස්ථාන දෙකකදී ඉන්ධන බවුසරයකින් හොර රහසේ පෙට්‍රල් තොගයක් පිටස්තර ලොරි රථ දෙකකට අලෙවි කළ පිරිසක් පෙට්‍රල් ලීටර් 13200ක් සමග අද දහවල් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 August 2022
දේශීය මත්පැන් සඳහා වෙනම ඇප් එකක් නියම ප්‍රමිතියෙන් යුතු දේශීය මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ පරිගණක යෙදවුමක්( ඇප්) පාරිභෝගිකයන්ට ඉදිරි දෙසතියේදී හඳුන්වා දීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම් . ජේ ගුණසිරි මහතා ලංකාදීපයට පැවැසීය. 15 August 2022
රාජ්‍ය නිලධාරීන්ට අධිකරණය සමග ලිපි ගනුදෙනු තහනම් කරයි රාජ්‍ය නිලධාරීන් අධිකරණය සමග සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකිය යුතු යැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. 15 August 2022
පාර්ලිමේන්තු කමිටුවලට නාමයෝජනා දෙන්නැයි මහ ලේකම් පක්ෂවලට දන්වයි අහෝසිවී ගිය පාර්ලිමේන්තු කාරක සභා සඳහා නාමයෝජනා ඉදිරිපත් කරන ලෙස සියලු දේශපාලන පක්ෂවලට දැනටමත් දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා පැවැසීය. 15 August 2022
නිවසකින් ලක්ෂ 42ක් සොරාගත් මෙහෙකාරිය දැලේ බම්බලපිටියේ නිවසික් රුපියල් ලක්ෂ 46ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් එහි මෙහෙකාරිය අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. 15 August 2022
වියදම් කපන චක්‍රලේඛය මෙන්න රාජ්‍ය වියදම් ඉතාම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනෙන චක්‍රලේඛයක් භාණ්ඩාගාර ලේකම් කේ.ඒ මහින්ද සිරිවර්ධන මහතා විසින් නිකුත් කර තිබේ. 15 August 2022
හෙට විදුලි කප්පාදුව වැඩි වෙයි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම හේතුවෙන් හෙට (16) දිනයේ විදුලි කප්පාදුව වැඩි කිරීමට සිදුව ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 15 August 2022
නොරොච්චෝල බලාගාරයේ බිඳවැටීමක් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන පද්ධතියේ බිඳවැටීමක් සිදුවී ඇති බවත් එම බිඳ වැටීම යථා තත්වයට පත්කිරීමට ආසන්න වශයෙන් දින 16 පමණ කාලයක් ගතවනු ඇති බවක් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. 15 August 2022
වියදම සැර වුණොත් ‘‘ලොක්කට‘‘ අතින් ගෙවන්න වෙයි රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිර වියදම් කළහොත් අදාල වියදම ගැන ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව වගකිවයුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ. 15 August 2022
ධානිශ් අලීට ඇප රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (15) නියෝග කළේය. 15 August 2022
රාජපක්ෂලාගේ කුණු අදින ලොරි බවට සජබ කිසිවකු පත් වන්නෙ නෑ රට මෙතරම් ප්‍රපාතයකට ඇද දැමුවේ රාජපක්ෂ පාලනය බවත්, ඒ රාජපක්ෂලාගේ කුණු අදින කුණු ලොරි බවට සමගි ජනබලවේගයේ කිසිවකු පත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 15 August 2022
පොහොර බෙදා හැරීම ගැන පූර්ණ විගණනයක් යල කන්නයේ යුරියා පොහොර ගොවීන් වෙත බෙදා හැරීම සම්බන්ධව පූර්ණ විගණනයක් කරන ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දී තිබේ. 15 August 2022
භූතයා ගණන් උස්සයි:ගොවීන් නන්නත්තාරයි ගොයම් කැපීමේ යන්ත්‍ර ගාස්තු නොසිතූ ලෙස වැඩි කිරීම නිසා අස්වැන්න නෙළා ගැනීමට නොහැකිව දිවයින පුරා ගොවීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 15 August 2022
අද වැස්ස නෑ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අද (15) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 August 2022
රුහුණු කුමාරි පීලි පනී මාතර සිට මරදාන බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය බූස්ස ප්‍රදේශයේදී පිලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි 15 August 2022
කෝටිපති කතක් මරා දමලා මහනුවර වැව රවුමේ රතු බෝක්කු හන්දිය අසල සුවිසල් නිවසක තනිව ජීවත්වූ 65 හැවිරිදී කෝටිපති කාන්තාවක ගෙල කපා ඝාතනය කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි. 15 August 2022
හරක් කටාගේ වෙඩික්කරු අල්ලයි ඩුබායි හිදී අත්අඩංගුවට පත් වූ මත්කුඩු ජාවාරම්කරුවක් බව කියන හරක් කටාගෙ ප්‍රධාන වෙඩික්කරු බොරලැස්ගමුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ කියයි. 15 August 2022
කෝප් එරාන්ට - කෝපා කබීර්ට නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව) සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාද රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති ධූරය සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද පත් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 14 August 2022
ඇවෙන්ඩ්‍රා හෝටලයෙන් මැයි 9 වැනි දා ගිනි අවි 4 ක් උත්සලා මීගමුව ප්‍රධාන පෙලේ හෝටල් සමුහයට සහ එහි හිමිකරුගේ නිවසට ඉකුත් මැයි මස 09 -10 දිනයන් හි ඇතුලු වු කළහාකාරි පිරිස එහි දේපළවලට පහර දී විනාශ කිරීමේ සිද්ධියේ දී එහි තිබු ගිනිඅවි හතරක් ද සොරාගෙන ගොස් ඇති බවට මීගමුව මුලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කර ඇත. 14 August 2022
වෙල්ගම - චම්පික සූදානම් සර්ව පාක්ෂික ආණ්ඩුවක වගකීමක් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන මහත්වරු පවසති. 14 August 2022
කොවිඩ් ආසාදිතයන් 96 ක් ‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 96 දෙනකු අද (14) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 14 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025