(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ.හිරිඹුරේගම මහතා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්වරයා) ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමතිය දුන්නේය.
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් තනතුර අනිද්දා (31) සිට පුරප්පාඩු වෙයි.
එම පුරප්පාඩුවට කේ.බී.කේ.හිරිඹුරේගම පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා නිර්දේශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 24 වැනිදා රැස්විය. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd