IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජේ.ශ්‍රී රංගා යළි රිමාන්ඩ්

( සිතුම් චතුරංග)

රිය අනතුරක් සිදුකොට ප්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මරණයට පත්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණය මඟහරිමින් හා එම නඩුවිභාගයේ සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීම යන චෝදනා මත අත්අඩංගුවටගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා මැයි 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහධිකරණ විනිසුරු එම්. මොහොමඩ් නිහාල් මහතා  නියෝග කළේය.

 සැකකාර හිටපු මන්ත්‍රීවරයා හට පසුගිය 17 වැනිදා වවුනියාව මහාධිකරණයෙන් වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පොලිස් අත්අඩංගුවටපත්වූ අතර පසුව වවුනියාව මහධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදී තිබූ ඇප අවලංගු කොට රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබීය.

2011 වසරේ මාර්තු 30 වැනි දින සැකකාර මන්ත්‍රීවරයා මැදවච්චිය සිට සෙට්ටිකුලම ප්‍රදේශයට ගමන් කරමින් සිටින අවස්ථාවක සෙට්ටිකුලම රෝහල ඉදිරිපිට සිදුවූ එම රිය අනතුරින් අලව්ව, නවතල්වත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියකුවූ සැරයන් (36759) ජී.උදය ජයමිණි පුෂ්පකුමාර නිලධාරියා මියගොස් සිටි අතර සාවද්‍ය තොරතුරු වාර්තාකරමින් සැරයන්වරයා රියපදවා ජීවිතක්ෂයටපත්වූ බවට පවසා එවකට පොලිස් නිලධාරීන් හා එක්ව විමර්ශන අවසන් කොට ඇති බවට අධිකරණයේ ප්‍රකාශ විය.

එම අනතුර සම්බන්ධයෙන් මියගිය සැරයන්වරයාගේ බිරිඳ සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැවැත්වූ විමර්ශනයකදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා විසින්  රිය පදවා අනතුර සිදුකොට ඇති බවට අනාවරණයවූ අතර මහධිකරණයේ අධිචෝදනා ලබා සිටි  ඇපමත මුදාහැරිනු ලැබීය.

අදාල නඩු විභාගයේදී සාක්ෂි ලබාදුන් දෙදෙනකු හට දුරකථනයෙන් බලපෑම් කරමින් අනතුරව එම සාක්ෂිකරුවන් වෑන් රථයක නංවාගෙන වෙනත් ස්ථානයකට ගොස් සාක්ෂි ලබානොදෙන ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන වාර්තාව හා දුරකථන විශ්ලේෂණ වාර්තා පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහධිකරණ විනිසුරුවරයා නියෝග කළේ සැකකාර හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ පැහැරගෙන ගොස් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් නඩු ගොනු කරන ලෙසත්ය.

තොරතුරු වසන්කිරීම ඇතුළු චෝදනා ලබාසිටි එවකට හිටපු සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව මහතා අධිකරණයේ පෙනී සිටිමින් වරද පිළිගත් අතර ඒ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයටපත්කිරීම ලබන නඩුවාරයේදී සිදුකරන බවද මහධිකරණ විනිසුරුවරයා දැණුම්දෙනු ලැබීය.

හිටපු වවුනියාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී අමරසිරි සේනාරත්න (විශ්‍රාමික නියෝජ්ය පොලිස්පති) වවුනියාව හිටපු සහකාර පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර බණ්ඩාර (විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී) පොලිස් සැරයන් ප්‍රියදර්ශන හේරත්, පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.ජි.පද්මපාල යන නිලධාරීන් මෙම නඩුවිභාගයේ අධිචෝදනා ලැබූ සෙසු පිරිස වෙති.

          



අදහස් (3)

ජේ.ශ්‍රී රංගා යළි රිමාන්ඩ්

Senarath Tuesday, 28 March 2023 11:05 AM

මෙ අපෙ රටෙ යහපාලනය සහ ප්‍රජතන්ත්‍රවාදය ගෙනෙන්නට කතා කරපු කෙනෙක්ගෙ ඇත්ත පැත්ත.. මෙඋන් හරහට යන ගමන් අපිට කියා දෙන්න එනව කෙලින් යන්න.

:       1       12

visnu Tuesday, 28 March 2023 11:08 AM

ඉතා කණගාටුදායක තත්වයක්. දේශපාලකයෙකුට උදව් කළ නිසා පොලිස් නිලධාරීන් අමාරුවේ.

:       0       7

Hafeel Tuesday, 28 March 2023 01:25 PM

මේ ඉරණමයි අනාගතයේ වත්මන් මුදල් ලේකම්, වත්මන් මුද්‍රනාධිපති සහ වත්මන් පොලීස්පතිටත් වෙන්නේත්. ඔවුන් දන්නවා විධායකයා හෝ ඇමති හෝ මොන නියෝගය දුන්නත්, ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් පිට වැඩ කරන්න ඔවුන් බෙදී නැහැ කියල.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site