(ඉන්දිකා රාමනායක)

ශ්‍රි ලංකා කබඩි සම්මේලනයේ   සභාපති අනුර  ධර්මරත්න මහතාගේ  හෙට්ටිපොළ දොළහමුණ ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටට කිසියම් පුද්ගලයකු විසින් විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් දමා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන්   හෙට්ටිපොළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත,

 තමාගේ ඉඩමේ නවතා තිබු තම මෝටර් රථය ඉදිරිපිට  බෝම්බයක් ඇති බවට ඒ මහතා  ඊයේ  (26) දහවල් හෙට්ටිපොළ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය එහි ගොස්  මෙම බෝම්බය සිය බාරයට ගත්  බව පොලිසිය කියයි.

කිසියම් පුද්ගලික  අමානාපයක් හේතුවෙන් සභාපතිවරයා බිය ගැන්වීම සදහා  කිසිවකු විසින් සිදුකර ඇති බවට පොලිසිය සැකකරයි.

තමන් ශ්‍රි ලංකා කබඩි සම්මේලනයේ   සභාපතිධුරයට නැවතත් තරඟ  කිරීමට සූදානමින් සිටින බවත්,  ඒයට අමානාප වු  කිසිවකු විසින් තමන් බිය ගැන්වීම සදහා මෙය සිදුකරන්නට ඇති බවට  ඒ මහතා පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.