IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සංචාරකයින්ට කරදර කළ 4ක් කටුනායකදී අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කටුනායක ගුවන්තොටුපොළේ මගින් පැමිණීමේ පර්යන්තය අසල ගැවසෙමින් විදේශීය විදේශිය සංචාරකයින්ට අපහසු තාවයක් හා කරදරයක් වන ආකාරයට නීති විරෝධී ලෙස ප්‍රවාහන සේවා සැපයීමේ තැරව්කරුවන් ලෙස කටයුතු කරමින් සිටියේ යැයි කියන පුද්ගලයින් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

නිසි බලධාරියෙකු ගේ අවසරයක් නොගෙන මෙම සැකකරුවන් සිව්දෙනා මෙම කාර්යයේ නිරතව සිට ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා කිඹුලාපිටිය, කටුනායකසහ මිනුවන්ගොඩයන ප්‍රදේශවල පදිංචි 53, 46, 39 සහ 35යන වයස් වයස්වල පසුවන්නන් වෙති.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සිව්දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන්තොටුපල පොලිසිය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන බළකායේ අණදෙන නිලධාරි බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මතඑම බළකායේ බුද්ධි සහ විශේෂ මෙහෙයුම් භාර භාර සහකාර පොලිස් අධිකාරි  සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීම යටතේ එහි පොලිස් පරීක්ෂක ආර් ඒ ඩීඒ රණසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත

 



අදහස් (2)

සංචාරකයින්ට කරදර කළ 4ක් කටුනායකදී අල්ලයි

පිටිගල මිලානෝ Tuesday, 28 March 2023 03:24 PM

මේ තක්කඩි කරන්නේ තමා කලින් විශ්වාසවන්ත ආයතනයකින් වෙන්කරවාගත් රියදුරු සොයන සංචාරකයා දෙසට සංඥාකර ඔහු ළගට ගෙන්වා ඔහුව රැගෙන යන්න පැමිනි රියදුරු ලෙස අගවා එළියට ගෙන ගොස් තැරැව්කාරයකුගේ කබල් වාහනයකට පටවා අධික මිලක් මගදී ඉල්ලීමයි. මෙය සැමදා මෙතන සිදුවේ….

:       0       26

මැක්ස් Tuesday, 28 March 2023 03:47 PM

මේ තක්කඩින්ගේ පැටිකිරිය බැලුවොත් ෂුවර් එකටම උනුත් පහුගිය කාලේ සිස්ටම් චේන්ජ් කරන්න ගෝල් ෆේස් ගිය උන්.

:       21       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site