ජැක්සන්ගේ කාරයේ ගැටුනු අලියා සෙවීම නවතියි ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අනතුරට හේතුවූ වන අලියා සෙවීමේ මෙහෙයුම නතර කළ බව වනජීවී අධ්යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර මහතා පැවසීය. 16 August 2022
කෙලිගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන්ව මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන පාලකවරයා ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ත ජාතික කෙළි ප්‍රේසර් මෙනෙවිය ගොනුකර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට අභියාචනාධිකරණය අද (16) තීරණය කළේය. 16 August 2022
ඉන්දියාවේ නිදහස් සැමරුමට ඒකාබද්ධ සමරු මුද්දර ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය තැපැල් දෙපාර්තමේන්තු ඒකාබද්ධව සමරු මුද්දර දෙක බැගින් නිකුත් කිරීමට තීරණයක් ගෙනතිබේ. 16 August 2022
වී අලෙවි මණ්ඩලයේ සහල් කිලෝව රුපියල් 5කින් අඩු කරයි වී අලෙවි මණ්ඩලය අලෙවි කරන සෑම සහල් කිලෝවක්ම අද (16) සිට රුපියල් 5කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 16 August 2022
ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ හඳුන්වාදීමට යයි ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්රමිතීන් හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 16 August 2022
ජාතිය ගොඩනැගීමේ දී තම කාර්යය නිසි ලෙස ඉටුකරන්න ජාතිය ගොඩනැගීමේ කාර්යයේ දී තමන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉටුකරන ලෙස වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී ප්‍රකාශ කළේය. 16 August 2022
විමලවීර කලකිරෙයි ඉදිරි මහ මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. 16 August 2022
වනජිවි වෙඩිල්ලෙන් අයකුට තුවාල කරුවලගස්වැව එරමුදුගස්වැව ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වනසත්ව නියාමකවරුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි. 16 August 2022
රාජ්‍ය ආයතන වල මුල් පුටු හිතුමතේ වෙනස් කිරීම නවත්වයි රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. 16 August 2022
ඉන්ධන මිලේ වෙනසක් නෑ ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලුම ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. 16 August 2022
ගිංතොට වැරදුණු කුරුමානම ගිංතොට පියදිගම සුදර්ශනාරාම මාර්ගයේ පිහිටි වෙළදසල් හිමියකුට යතුරු පැදියකින් ආ දෙදෙනකු වෙඩි තබා ඇතත් ඔහුට වෙඩි වැදි නොමැති බව ගාල්ල පොලිසිය පවසයි. 16 August 2022
යූරියා දෙවැනි නැවත් මෙි සතියේ එයි ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දෙන යුරියා පොහොර වලින් මෙට්‍රික් ටොන් 21,000ක් සහිත දෙවන නෞකාව මෙම සතියේ කොළඹ වරායට ලඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 16 August 2022
අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි දිවයිනේ පළාත් කිහිපයකට අද (16) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 August 2022
යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට වරායට සේන්දු විය. 16 August 2022
හරක් කටා බේරා ගන්න කුඩ්ඩෝ සැලසුම් හදති ඩුබායි රාජ්‍යයේ දී එරට ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගත් නදුන් චින්තක හෙවත් හරක්කටා නැමැත්තා මෙරටට පිටුවහල් නොකරන ලෙසට එහි වෙසෙන මත්කුඩු ජාවාරම්කරුවන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කිරීමට සුදානමින් සිටින බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. 16 August 2022
විසි දෙකට කඹ ඇදිල්ලක් විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරුණු වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර කඹ ඇදීමක් හටගෙන තිබෙන බව වාර්තා වේ. 16 August 2022
නිමල් සිරිපාල සම්බන්ධයෙන් අල්ලස් විමර්ශනයක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව එල්ලවූ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (15) විමර්ශනයක් ආරම්භ කළේය. 15 August 2022
පොලිසියෙ 7ක් නීතිඥවරු ලෙස දිවුරති පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන නිලධාරීන් හත් දෙනෙකු නීතිඥවරුන් වශයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයයේ දී දිවුරුම් දුන් බව පොලිස් මූලස්ථානය පවසයි. 15 August 2022
ශ්‍රී ලංකාව තව පහළට ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන එස් ඇන්ඩ් පී සමාගම ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම ’ඩී’ දක්වා පහත දැමූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.’ඩි’ ශ්‍රේණි ගත කිරීමෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා මුදල සහ පොලිය ගෙවීම පැහැර හරින බවයි. 15 August 2022
බීමත් සිවු දෙනෙක් යාල් දේවිය පැයක් ප්‍රමාද කරති කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ යාල්දේවි දුම්රියට මහව දුම්රිය ස්ථානයෙන් බීමත්ව ගොඩවූ සිව් දෙනකු දුම්රිය තුළ කලහාකාරී ලෙස හැසිරීම හේතුවෙන් දුම්රිය පැයක පමණ කාලයක් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වූ බව දුම්රිය ආරක්ෂක අංශ පවසයි. 15 August 2022
කොවිඩ් ආසාදිතයන් 129 ක් ‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 129 දෙනකු අද (15) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 15 August 2022
තවත් ඖෂධ තුනක් මෙරටදී නිෂ්පාදනය කරයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම මගින් තවත් ඖෂධ වර්ග තුනක් වෙළෙඳපොලට නිකුත් කර තිබේ. 15 August 2022
ගාලු කුමාරියේ එන්න ටිකට් ගත් අයට සල්ලිත් නෑ ටිකට් එකෙන් වැඩකුත් නෑ රුහුණු කුමාරි දුම්රිය බූස්ස ප්‍රදේශයේදී අද (15) පෙරවරුවේ පිලී පැනීම හේතුවෙන් බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ ‘ගාලු කුමාරි’ දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් පසු අපහසුතාවට පත්වූ මගීන්ට ගාල්ල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහන සැලසීමට ක්‍රියානොකිරීම පිළිබඳව ජනතාව චෝදනා කරති. 15 August 2022
කාන්තාවකගේ පා පහරින් කොන්දොස්තර බසයෙන් එළියට විසි වෙයි කොළඹ සිට මහනුවර බලා අද සවස ධාවනය වෙමින් තිබු බසයක ගමන් ගත් කාන්තාවක කොන්දොස්තරවරයාට එල්ල කළ පා පහරක් හේතුවෙන් බස් රථයෙන් එළියට විසිවී බිව වැටී තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි කඩවත පොලීසිය පවසයි. 15 August 2022
ලාංකිකයන් පිරිසක් ව්‍යාජ මුදල් ආයෝජන ක්‍රමයකට අසුවෙලා ස්පෝර්ට්ස් චේන් නැමැති ව්‍යාජ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ක්‍රමයකට ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් හසු වී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.ස්පෝර්ට්ස් චේන් වෙබ් අඩවියේ සහ ජංගම දුරකථන මෘදුකාංගයේ ආයෝජනය කල ආයෝජකයින්ට ලක්ෂ ගණන් මුදල් අහිමි වී ඇතැයි අල් ජසිරා පුවත් සේවය පෙන්වා දුන්නේය. 15 August 2022
පාසල් සිසුවියක අපයෝජනය කළ පහක් අල්ලයි පාසල් සිසුවියක ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම් සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ලග්ගල පොලිසිය කියයි. 15 August 2022
ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් කෝටි 200ක් ඉල්ලයි ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපතිවරයා මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන අර්ජුන රණතුංග මහතාගෙන් රුපියල් බිලියන දෙකක් හෙවත් රුපියල් කෝටි 200 ක වන්දියක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (15) පස්වරුවේ තීරණය කළේය. 15 August 2022
තනතුරු පහකට උසස් නිලතල කමිටුවේ අනුමැතිය තානාපතිවරයකු සහ ලේකම්වරුන් පස් දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය අද (15) හිමිවිය. 15 August 2022
නාවික හමුදා මැරීන් භටයෝ බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය සංවිධානය කළ බහුපාර්ශවීය සාගරික අභ්‍යාසයට සහභාගීවූ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භට කණ්ඩායම ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් හා දකුණු කැලිෆෝර්නියා ආශ්රිත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැසිෆික් සාගර කලාපය තුළ සාර්ථක අභ්‍යසය අවසන් කරමින් පසුගියදා නැවත පැමිණියේය. 15 August 2022
’’ඩෝනියර් 228’’ ලංකා ඉන්දියා සහයෝගයේ ඇරැඹුමක් ඉන්දියාව විසින් ඩෝනියර් ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දීම දෙරට සමුද්‍ර ආරක්ෂණ සහයෝගීතාවයේ හොඳ ආරම්භයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025