IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයකට අනුමැතිය

(ඩයනා උදයංගනී)

ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සුර්ය විදුලි බලාගාරයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මීට පෙර සාම්පූර් ගල්අඟුරු බලාගාරය ඉදි කිරීමට සැලසුම් කළ ස්ථානයේම මෙගාවොට් 135ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ඒකාබද්ධව අදියර 02ක් යටතේ ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එකඟතාවයකට පැමිණ ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව නිකුත් කළ කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ දැක්වේ.

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දීයාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් එකතුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදුලිබල හා බලශත්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 42.5ක සම්පූර්ණ ආයෝජනයකින් මෙගාවොට් 50ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 23.6ක ඇස්තමේන්තුගත වියදමකින් සාම්පූර් සිට කප්පල්තුරේ දක්වා කිලෝමීටර් 40ක දිගකින් යුත් කිලෝමීටර් 220ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට අපේක්ෂිතය.

මෙම අදියර 2024 සිට 2025 දක්වා වසර 2කින් නිම කිරීමට නියමිත බව සඳහන් වේ.

ව්‍යාපෘතියෙහි අදියර දෙකකදී අමෙරිකානු ඩොලර් මිලියන 72ක සම්පූර්ණ අයෝජනයක් යටතේ අතිරේක මෙගාවොට් 85ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදි කිරීමට නියමිතය.

එහි දෙවන අදියරේදී ජනනය කරනු ලබන විදුලිය බෙදාහැරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 42ක ඇස්තමේන්තුගත වියදමින් කප්පල්තුරේ සිට නව හබරණ දක්වා කිලෝවෝල්ට් 220ක ධාරිතාවක් සහිත කිලෝමීටර් 76ක දිගින් යුත් සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත.

මීට අමතරව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා විදුලිබල හා බලශත්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත්කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.



අදහස් (0)

සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයකට අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site