IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජෝසප් මයිකල්ගේ දේහය හෙට මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයකුවූ  ජෝසප්  මයිකල් පෙරේරා මහතාගේ දේහය අවසාන ගෞරවය දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට හෙට (30) පෙරවරු 9.00ට රැගෙන ඒමට නියමිතය.

දේහය අවසාන ගෞරවය දැක්වීම සඳහා පාර්ලිමේන්තුවේ ඉදිරිපස විශේෂ උත්සව ශාලාවේ  පෙරවරු 9.00  සිට 10.00  දක්වා තැන්පත් කෙරෙනු ඇත.

ජෝශප් මයිකල් පෙරේරා මහතා ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ 17 වැනි කතානායකවරයාය. ඔහු කතානායක ධුරයේ 2001 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා කටයුතු කළේය.

ආණ්ඩු රැසක ධීවර හා ජලජ සම්පත්, කම්කරු ඇතුළු කැබිනට් අමාත්‍යධූර හොබවා ඇති පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ලෙසද  කාලයක් කටයුතු කළේය.

ජෝශප් මයිකල් පෙරේරා මහතා ජාඇල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ  ආදි ශිෂ්‍යයෙකි.



අදහස් (0)

ජෝසප් මයිකල්ගේ දේහය හෙට මැතිසබයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site