
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නවගත්තේගම පොලිසියේ කොස්තාපල්වරයකුට පහර දී ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් කනත්තක් අසල දමා ගිය බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් නවගත්තේගම පොලිසිය විසින් සැකපිට අද (28) අත්අඩංගුවට ගනු ලැබූහ.
පොලිස් කොස්තාපල්වරයකුට පහර දී කනත්තක් අසල දමා ගියේ ඇයි කියන සිද්ධියකට සම්බන්ධ බව කියමින්, මෙම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔවුන් ආණමඩුව පොලිසියට ඊයේ (28) දහවල් පැමිණ බාර වී යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
එම නිලධාරීන් පස්දෙනාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදැයි එම නිලධාරියා කීය.
මෙම පොලිස් කොස්තාපල්වරයා රාජකාරි නිමාකර යතුරුපැදියකින් සිය නිවෙස බලා ඉකුත් දෙවැනිදා රාත්‍රියේ යමින් සිටියදී පිරිසක් ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණ නිවෙස ඉදිරිපිට සිටිනු දැක ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම පහරදීම සිදුවී ඇතැයි වත්තේගම පොලිසිය සඳහන් කරයි.
පොලිස් කොස්තාපල්වරයාගේ නිවෙස ඉදිරිපිට සිටි පිරිසගෙන්, නිවස ඉදිරිපිට රැඳී සිටීමට හේතුව විමසූ විට ඔවුන් කොස්තාපල්වරයා සමඟ බහින්බස් වී ඇති අතර එහිදී මෙම පහරදීම සිදුවී ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.
පහරදීමෙන් පසුව කොස්තාපල්වරයා ත්‍රිරෝද රථයක නංවාගෙන රැගෙන ගොස් සුසාන භූමියක් ආසන්නයේ දමා ගොස් සිටියදී සොයාගනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් පස්දෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාලහාමිට පහරදුන්නාට එස්.ටී.එෆ් පහක් අත්අඩංගුවට