IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වික්‍රමසිංහ මහතාගේ ගෙට ගිනි තැබූ නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

අරගලය පැවැති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ කෝට්ටේ නගර සභා හිටපු විපක්ෂ නායක වීරසූරිය ආරච්චිගේ චන්දිම නයනජිත් මහතා ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (28) නියෝග කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පස්වැනි පටුමගේ පෞද්ගලික නිවසට’ පහර දීම සදහා පුද්ගලයින් 100 දෙනකු තමන් රැගෙන ගිය බව සඳහන් කරමින් මෙම සැකකරු ඉතාලියේ ජීවත් වන සුරංග ජයලත් යන තැනැත්තකුට ‘වට්ස්අප්’ පණීවිඩයක් යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරු මෙම සිද්ධයට සම්බන්ධ බවට කටවචනයෙන් කරුණු ඉදිරිපත් කිරීම පිලිගත නොහැකි බැවින් ඒ සදහා ඇති සාක්ෂි මොනවාදැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීය.

එහිදී අදාළ හඩ පට ලැප්ටොප් පරිගණකයක් මගින් අධිකරණයට ඇසීමට සැලැස්වූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

 



අදහස් (1)

වික්‍රමසිංහ මහතාගේ ගෙට ගිනි තැබූ නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

නිහාල් Tuesday, 28 March 2023 07:31 PM

අන්තිමට සැකකරු ජාතික ජන බලවේග සාමාජිකයෙක් වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site