IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රාජකාරියට බාධා කළ තෙල් සේවකයන් නිවාඩු යවයි

(යොහාන් භාසුර)

ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරිමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයන්ට බලපෑම් කරමින් එම සේවා අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයන් සහ එයට සහය දුන් සේවකයන් අනිවාර්ය නිවාඩු ගැන්වීම තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සේවකයන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරිශ්‍රයන් සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවට පත්කර ඇති බවත් සෙසු නිලධාරීන් සේවයට වාර්තා කර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් පවත්වාගෙන යාමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.

 



අදහස් (4)

රාජකාරියට බාධා කළ තෙල් සේවකයන් නිවාඩු යවයි

Prabath Wednesday, 29 March 2023 09:39 AM

මේ අය ඔක්කොම ගෙදරම යවන්න. රටෙ කිසි දෙයක් කරන්න දෙන්නෙ නැති ගොන් මෝඩ යුනියන් කාරයො JVP පෙරගමි එවුන්. ‌මුන් තමා ඇත්තටම රට කන්නෙ.

:       12       39

Prase Wednesday, 29 March 2023 09:42 AM

නියමයි ඔක තමයි වෙන්න ඔන, සදහටම යවන්න වෘර්තිය සමිති කාලකන්නි, ජනතාව ගෙ බදු මුදල් විනාස කරන එවුන්.

:       7       42

මහසෙන් Wednesday, 29 March 2023 12:14 PM

දේශපාලන ත්‍රස්තවාදය,නිලදාරී ත්‍රස්තවාදය ට එහා ගිය පිරිසක් මේ වෘත්තීය සමිති වල ඉන්න ත්‍රස්තවාදී පිරිස.ජනතාව වෙනුවෙන් උද්ගෝසන කරනවා කියලා හැමදාම තමන්ගේ ගොට්ට පුරව ගන්න මිනිසුන් ව ඇපයට ගන්නවා.හොද හෝ නරක.දැන්.කෙක්කෙන් බැරි නම්.කොක්කෙන් හරී මේ කන්ඩායම් පාලනය කරන්න ඕන.අගමැති රනිල් නෙවේ දැන් ඉන්නේ විධායක ජනපති රනිල්.ඒ නිසා රනිල් ට අදාල නෑ එයා එතනට ආපු හැටි. මේ දුන්නේ සංඣාවක් පමනයි.

:       0       0

ranfer Wednesday, 29 March 2023 12:17 PM

ඉතා හොඳ තීරණයක්. මේ යුනියන් කාරයෝ ලංකාව විනාශ කරනවා. ඔවුන් දේශපාලකයන්ට වඩා නරකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site