ස්ථිර කැබිනට්ටුව ලබන සතියේ දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් ලබන සතියේ දී පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 August 2022
නිමල් - මහින්ද යළි වැඩ ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධුර හොබවන ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන, නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් එම පක්ෂයේ දේශපාලන කටයුතුවලට යළි සම්බන්ධ වි සිටින බව වාර්තා වේ. 17 August 2022
සතියේ දින පහේම බස්නාහිර වාහන ලයිසන් කරයි ඉන්ධන අර්බුදය සමනය වී ඇති බැවින් බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවලට සතියේ දින පහේම (වැඩකරන දිනවල) ආදායම් බලපත්‍ර නිකුත් කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී. ජයන්ති මහත්මිය පැවසුවාය. 17 August 2022
නිදන කාමරයකට රන්ඩුවෙලා පොල්ගහවෙල - කොළඹ දුම්රියත් නතර වෙලා දුම්රිය රියදුරන්ගේ නිදන කාමර ප්‍රශ්නයක් හේතුවෙන් පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන කාර්යාල දුම්රිය සතියක් පමණ ධාවනය අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. 17 August 2022
බිත්තර - කුකුල් මස් මිල අඩු කරන්න සාකච්ඡා බිත්තර සහ කුකුල් මස් මිල අඩු කිරීමට ඒවායේ ප්‍රධාන නිෂ්පාදකයන් කැමැත්ත පළ කළ බවත් මිල අඩුකිරීමට නම් නිෂ්පාදකයන්ගේ ගැටලු කීපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කළ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එස්. ටී. කොඩිකාර මහතා අද (17) පැවසීය. 17 August 2022
කරුවලගස්වැව වනජීවි දෙදෙනාට ඇප මහජනතාව,මාධ්‍ය හෝ වෙනත් මහජන ප්‍රවර්ධන තොරතුරුවලින් අධිකරණයෙ තින්දුවලට බලපෑම් සිදුකිරීමට කටයුතු කිරීම පිළිබදව අප්‍රසාදය පළ කරන බව පුත්තලම අතිරේක දිසා විනිසුරු අසේල ද සිල්වා මහතා අද විවෘත අධිකරණයෙ පැවසිය. 17 August 2022
ලාෆ් ගෑස් මිල 1050කින් පහළට ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1050කින් පහළ දමන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි. 17 August 2022
රට යවන්න ගිය පරණ යකඩ තොගයක් රේගුවෙන් අල්ලයි නීති විරොධී ලෙස මෙරටින් අපනයනය කිරීමට උත්සහ කළ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් අබලි ලෝහ කිලෝ 32,000 ක් අඩංගු බහාළුම් දෙකක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 17 August 2022
ජනපති නිවෙසට ගිනි තැබීම ගැන ජුලියන් බෝලින් සහ ජොනතන් මාටින්ස්ටයින්ගෙන් ප්‍රකාශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7 පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව හිටපු පිහිණුම් ශූර ජුලියන් බෝලින් සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් යන මහත්වරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) පැය 7 1/2 ක ප්‍රකාශයක් ලබා දුන්හ. 17 August 2022
ගැටුමින් පසු ධීවර වාඩියට ගිනි තබති මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි ධීවර වාඩියකට දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු ගිනි තැබීම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න ධීවර ආම්පන්නවලට අලාභයක් සිදුව ඇතැයි පේසාලෙයි පොලීසිය පවසයි. 17 August 2022
විදුලි සැරෙන් තවත් අලියෙක් මරුට වවුනියාව, ගනේෂපුරම් හි ගෙවත්තක වන සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී වල් අලියකු මියගොස් ඇතැයි වවුනියාව වනජීවි කාර්යාලය පවසයි. 17 August 2022
කොවිඩ් මරණ තවත් 5 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) පස්වරුවේ තහවුරු කළේය. 17 August 2022
දකුණු තායිලන්තයේ පිපිරීම් සහ ගිනි තැබීම මාලාවක් දකුණු තායිලන්තයේ අවම වශයෙන් ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි තැබීම මාලාවක් සිදු වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.එකිනෙකට සම්බන්ධ මෙම සිදුවීම් මාලාව හොඳින් සැලසුම් කර සිදුකර ඇතැයි තායිලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය. 17 August 2022
කෘතිම සිංචන නැතිව කිරි ගොවියෝත් අමාරුවේ ගවයින් කෘතීම සිංචන ක්‍රියාවලියට ලක්කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති නිසා ඉදිරි වසරේදී කිරී නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම බිදවැටෙනු ඇතැයි ගොවීහු චෝදනා කරති. 17 August 2022
දිවි සැරිය ගැට ගසන්න මසකට 12,444 ඇතිලු එක් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගනිමින් ශ්‍රී ලංකාවේ මාසයක් ජීවත් වීම සඳහා ඉකුත් ජූනි මසදී අවම රුපියල් 12444 ක මුදලක් ප්‍රමාණවත් වූ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා පෙන්වා දෙයි. 17 August 2022
වතුකර ජනතාවට ඔන්ලයින් ක්‍රමයට වෛද්‍ය සේවාවක් වතුකර ජනතාව වෙනුවෙන් මාර්ගගත ක්‍රමවේදය යටතේ (online) වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශන සේවාවක් සැප්තැම්බර් 1 වැනිදා සිට ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 17 August 2022
ගෝඨා දක්ෂ දේශපාලකයෙක් නොවේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලබන 24 වැනි දා මෙරටට පැමිණනෙ බව පවසා ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. 17 August 2022
බෙදුම්වාදයට පණ දෙන කුමන්ත්‍රණ පරදවමු ‘බෙදුම්වාදයට පණ දෙන කුමන්ත්‍රණ පරදවමු’ යන තේමාව යටතේ බොදු උරුමය සුරැකීමේ ජාතික ව්‍යාපාරය කොළඹ ගාලුමුවදොර අරගල භූමියේදී අද (17) විරෝධතාවක් පැවැත්වූහ. 17 August 2022
ඩීසල් ටොන් ලක්ෂයක් අද එයි ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් සහිත නෞකාවක් කොළඹට අද (17) ළගාවීමට නියමිත බවත් රට තුළ පවතින සුපිරි ඩීසල් හිඟය ඒ අනුව අවසන් වනු ඇති බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. 17 August 2022
සතියකදී ඩෙංගු රෝගීහු 1590ක් ඩෙංගු රෝගීන් 1590ක් පසුගිය සතියක කාලයේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 17 August 2022
උදයංග වීරතුංග සී අයි ඩියට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ප්‍රකාශයක් ලබා දීමය අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. 17 August 2022
රට පනින්න හැදූ 10 ක් තලෙමන්නාරමේදී අල්ලයි නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 10 දෙනෙකු තලෙමන්නාරම කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය. 17 August 2022
විදේශීය ගුවන් සමාගම් හතක් ගමන් වාර අඩු කරයි විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නොමැති වීම සහ ආදායම ඉපයීමේ ගැටළු හේතුවෙන් මෙරට ගුවන් ගමන් වාර සංඛ්‍යාව ( සතියක් තුළ) 56 කින් අඩු කර ඇතැයි වාර්තා වේ. 17 August 2022
අලෙවිය පහත වැටී බිස්කට්වලට වට්ටම් බිස්කට් මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් එම නිෂ්පාදන අලෙවිය ද පහත වැටී ඇතැයි වාර්තා වේ. 17 August 2022
සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් කප්පම් නඩුවේ විත්තිකාරිය කරයි ඉන්දීය රුපියල් කෝටි 215 ක මුදලක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය සුකේෂ් චන්ද්‍රශේකර්ට විරුද්ධ ගොනු කර ඇති මූල්‍ය විශුද්ධිකරණ නඩුවේ විත්තිකාරියක් ලෙස ශ්‍රී ලංකා සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් මහත්මිය ලෙස නම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 17 August 2022
දේශපාලන පක්ෂ වලට රට නටවන්න ඉඩ දෙන්න බෑ එක් එක් දේශපාලන පක්ෂවලට අවශ්‍ය විදිහට රටෙි ප්‍රතිපත්ති මාරු කිරීමට ඉඩ ලබානොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 17 August 2022
’’මේ වෙලාවේ දේශපාලනඥයන්ගේ කළු සුදු බලන්න හොඳ නෑ’’ රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 17 August 2022
වී මිලදී ගැනීම ගැන චෝදනා නැගෙන්න ඉඩ තබනු එපා වී මිල දී ගැනීම සම්බන්ධව ගොවි ජනතාවගෙන් කිසිදු චෝදනාවක් එල්ලවන්නට ඉඩ තබන්න එපා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට නියෝග කළේය. 17 August 2022
බඩ ඉරිඟු ගොවීන්ගේ ඔන්ලයින් ලියාපදිංචිය අරඹයි මහ කන්නයේ බඩ ඉරිගු වගා කරන ගොවීන්ට යුරියා පොහොර ලබා දීම සඳහා ඔන්ලයින් ලියාපදිංචි කිරීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 17 August 2022
සංවිධාන අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම ගැන ජනපති කාර්යාලය කරුණු කියයි පුද්ගලයන් සහ සංවිධාන කිහිපයක් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම සහ තවත් පුද්ගලයන් සහ සංවිධාන අසාදු ලේඛණගත කිරීම පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. 17 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025