බැංකී මූන් දිවයිනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැංකි මූන් මහතා ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 06 February 2023
දරු දෙදෙනා මරා පියාත් දිවි නහගනියි අරනායක පොල්අඹේගොඩ ප්‍රදේශයේ තරුණ පියකු ගොඩිගමුව අම්බලමේ දී සිය දරු දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර ඔහුත් දිවි නසා ගෙන ඇතැයි පොලිසිය කියයි. 06 February 2023
පයාගලදීත් තරුණයකු ගසාගෙන පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයකු අද (05) පස්වරුවේ මුහුදේ රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. 05 February 2023
මහජන උපයෝගිතා කොමිසමට ඩග්ලස් නානායක්කාර පත්කරයි මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක් ලෙස ඩග්ලස් එන්. නානායක්කාර මහතා පත්කර තිබේ. එම කමිටුවේ උප සභාපති උදේනි වික්‍රමසිංහ සහ සාමාජික මොහාන් සමරනායක යන මහත්වරු ඉල්ලා අස්විමෙන් පසුව මුදල් අමාත්‍යංශය ඩග්ලස් මහතා පත්කර තිබේ. 05 February 2023
රේගුව රඳවාගත් කෝටි 500 ක භාණ්ඩ වරායේ විනාශ වෙනවා ශ්‍රී ලංකාවට ආනයනය කර රේගුව රඳවාගත් භාණ්ඩ සහ බහාලු 88 ක් පමණ වසර ගණනාවක් තිස්සේ වරායේ පර්යන්තවල සහ ගුදම් තුළ ස්ථානගත කර ඇති බවත් එම භාණ්ඩලවල වටිනාකම රුපියල් කෝටි 500 ඉක්මවන බවත් වරාය අධිකාරිය පවසයි. 05 February 2023
ජපානයෙන් මිලියන 100 ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව හා ප්රතිසංවිධාන කටයුතු සදහා අඛණ්ඩව සහාය ලබාදීමට නිරන්තරයෙන් ක්‍රියා කරන බවත්, එම කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජපන් යෙන් මිලියන 100 ක ප්‍රදානයක් ලබා දෙන බවත්, ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂුන්සුකේ මහතා සදහන් කළේය. 05 February 2023
ජනපති - හිටපු ජනපති පෙරහරට එති කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කළේය. 05 February 2023
’මානෙල් සහ රහස් කියන කඳු’ ඒතෙරදී සම්මාන ලබති නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර පසුගිය 3 වැනි දා අවසන් වූ ’’52 වැනි රොටර්ඩෑම් අන්තර් ජාතික සිනමා උළෙලේදී ’සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමට ශ්‍රී ලාංකේය චිත්‍රපට දෙකකට හැකි වි තිබේ. 05 February 2023
ඉතාලිය පුංචි ඡන්දයට ලක් කතක් ඉතාලියේ පළාත් පාලන මැතිවරනය සඳහා ලොම්බර්දිසා පළාතෙන් තරග කිරීම සඳහා ශ්‍රී ලාංකේය කාන්තාවක් වන ධම්මිකා චන්ද්‍රසේකර මහත්මිය තේරි පත්ව ඇත. 05 February 2023
මීගමුවේ තිදෙනෙක් හලවත මෝයේ ගසාන යති මීගමුවේ සිට හලාවත ඥාති නිවෙසකට ගොස් හලාවත මෝයේ දිය නෑමට ගිය නව දෙනකුගෙන් තිදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි. 05 February 2023
තලංගම ව්‍යාපාරික ඝාතනයේ අඹුසැමි යුවළ මාට්ටු තලංගම රෙදිපිලි අලෙවිසැලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවළ කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිට රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතා පැවසීය 05 February 2023
පුංචි ඡන්දයේ අපෙක්ෂකයා වන නිලධාරියට ගහලා වල්ලාපට්ටා කපන පිරිසක් ගැන සෙවීමට ආ වන නිලධාරීන් දෙදෙනකුට මාදම්පේ පනිරෙන්ඩාව රජයේ රක්ෂිතය ආසන්නයේ දී, පළාත් පාලන මැතිවරණයට තරග කරන අපෙක්ෂකයකු සහ තවත් අයකු පහරදීම නිසා එක් නිලධාරියකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 05 February 2023
පොහොදා කසිප්පු වික්ක ජාතික රෝහලේ සුළු සේවකයා මාට්ටු කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයකු නවම් පොහෝ දිනය නිවසේ කසිප්පු විකුණමින් සිටියදී කසිප්පු බෝතල් 20 ක් සමග අත් අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි. 05 February 2023
මැති සබේ අවට මාර්ගවල හැට හැටේ ගියොත් බලාගෙනයි පාර්ලිමේන්තු ඇතුළත මාර්ගවල බස් රථ ඇතුළු වාහන ධාවනය කිලෝමීටර 40 ට අඩු වේගයක පවත්වා ගෙන යන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා උපදෙස්දී ඇත. 05 February 2023
ඡන්දෙට වැඩියෙන් වියදම් කළොත් වෙන දේ පැෆරල් කියයි පළාත් පාලන මැතිවරණයේ දී එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකු වියදම් කළ යුතු මුදල සම්බන්ධයෙන් සියලු සභිකයන් දැනුවත් කිරීමට පැෆරල් සංවිධානය තීරණය කර ඇත. 05 February 2023
පර්වේස් මුෂාරෆ් මිය යයි දීර්ඝ කාලීන අසනීප තත්ත්වයකින් පීඩා විඳි පාකිස්තාන හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් මහතා ඩුබායි හි රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 05 February 2023
කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනපති විවෘත කරයි 75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු “Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික කෞතුකාගාරයේදී විවෘත කෙරිණි. 05 February 2023
ඡන්දෙට කෝටි 77ක් ඉල්ලයි පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු සදහා රුපියල් කෝටි 77ක මුදලක් මේ මාසයේදී ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. 05 February 2023
පරාක්‍රම රජුගේ ධනස්කන්දය උතුරා යයි නොකඩවා පවතින අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය මේ වනවිට වාන් දැමීමට පටන් ගෙන ඇතැයි වාරිමාර්ග නිලධාරීහු පවසති. 05 February 2023
පුතාගේ අනියම් පෙමට මව මරලා ඇඹිලිපිටියේ ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු සූරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පැහැරගෙන ගොස් ඇය ඝාතනය කර සිරුර ඇඹිලිපිටිය ආයුර්වේද රෝහල අසල දමා ගොස් තිබියදී සොයාගත් බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පවසයි. 05 February 2023
ගෑස් යළි නගී ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහල දැමූ බව ලිට්රෝ ගෑස් සමාගම අද (5) පෙරවරුවේ පැවසීය. 05 February 2023
පළාත් කීපයකට චුට්ට චුට්ට වැස්ස නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (5) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 05 February 2023
පිළිම හොරු දඹුල්ලෙන් අල්ලයි නිධානයකින් ගත් බුදුපිළිම බව පවසමින් රුපියල් කෝටි එකහමාරකට උණු කිරීම සඳහා රනින් නිමවූ පිළිම තුනක් අලෙවි කිරීම්ට ගිය පියකු සහ පුතකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල දී සැකපිට අත්අඩංගුවට ගත් දබව දඹුල්ල පොලිසිය කියයි. 05 February 2023
නිදහසේ පියාට උපන් ගමෙනුත් මල් කළඹක් 75 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මීරිගම ප්‍රාදේශීය සභා කාර්යාලය අභියස මහාමාන්‍ය ඩී එස් සේනානයක මහතාගේ ප්‍රතිමාව අසලදී අභිමානවත් ලෙස සමරනු ලැබීය. 04 February 2023
තරුණ විද්‍යාඥයා අනතුරින් මරුට තෙමස් වියැති කුළුඳුල් දරුවාගේ කිරි දානයට මල් රැගෙන නිවස කරා මෝටර් රථයකින් පැමිණෙමින් සිටි තරුණ විද්‍යාඥයකු ගෝනපොල කුඹුක ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස දමා තිබූ මාර්ග බාධකයක ගැටි මියගිය බව මොරගහහේන පොලිසිය කියයි. 04 February 2023
ලංකාදීප ඔන්ලයින් සූර්යා සුවඳ කූරු සමඟ හෙට පඬුවස්නුවරට සන්මැච් පෞද්ගලික සමාගම සහ ලංකාදීප ඔන්ලයින් එක්ව සංවිධානය කරන සූර්ය සුවඳකූරු ‘සදහම් සැරිසර‘ නවම් පොහෝදින වැඩ සටහන පඬුවස්නුවර ඓතිහාසික පුරාණ රජමහා විහාරයේදි හෙට දවස පුරා පැවැත්වේ. 04 February 2023
කුඩාම්මාගේ හිරිිහැර කියන්න දැරියක් පොලිසියට සිය කුඩම්මාගෙන් සිදුවන හිරිහැර දරා ගත නොහැකි වූ වයස අවුරුදු 11ක දැරියක් තනිවම පොලිසියට පැමිණි බව හොරොව්පොතාන පොලිසිය කියයි. 04 February 2023
පුංචි බබෙක් මහ පාරේ දමා ගිහින් ත්‍රිකුණාමලය උප්පුවේලි කන්නියා - සර්ධාපුර මාර්ගයේ කිලිකුංජිමලේ වල්ලුවර් කෝට්ටන් නිවාස සංකීර්ණය අසල මාර්ගය අයිනේ දමාගිය දිනක් වයසැති බිලිදකු අද (04) සොයාගත් පොලිසිය එම බිළිදා රෝහල් ගත කිරිමට පියවර ගත්තේය. 04 February 2023
මත් සාදය අස්සේ තරුණියකට අතවර කරලා පානදුර සංචාරක හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 10 ඇතුළු 41 දෙනකු අද භාරයට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි. 04 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026