(රන්ජන් කස්තුරි)
රටපුරා සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව හැසිරවීම වැඩසටහන අද (30) ආරම්භ කෙරිණි.
එම වැඩසටහනේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ, ගංගොඩවිල සමුද්‍රෙද්වී බාලිකා විද්‍යාලයේදී අද පැවැත්විණි.
ඒ අනුව සියලු රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ දරුවන් ඉංග්‍රීසි භාෂා භාවිත කිරීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලටත් යොමුකරවන අතර ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමට අවශ්‍ය ඉගැන්වීම් සිදුකරන බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
440
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1034
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුතින් ආ පොඩ්ඩෝ කඩ්ඩෙන්ම පටන්ගනී
Aravind Monarawila Thursday, 30 March 2023 04:25 PM
ඈත දුශ්කර පලාත්වල ලමයින්ට ඉංග්‍රීරිසියෙන් තියා සින්හලෙන් උගන්වන්න ගුරුවරු නැති රටක මෙ සැප කොලඹට විතරයි. මෙයාගෙ මම න්ඩියා ජනදිපති වෙලා ඉන්න කලයෙ තමයි කොලඹට කිරි ගමට කැකිරි කියලා කිව්වෙ. මෙ එකෙ පාට් ටූ එක.
sugathThursday, 30 March 2023 08:23 PM
මේ වැඩේ කොහෙන් හරි පටන් ගන්ට ඕනේ. නිකම් හැම දේම විවේචනය කරන්ට එපා.
පැරකුම්Thursday, 30 March 2023 09:13 PM
අන්තවාදී අන්දමින් අශුභවාදීව කතාකිරීමෙන් කවර යහපතක්ද? ධනාත්මකව සිතා කටයුතු කරමු.
Lalla Thursday, 30 March 2023 05:22 PM
විනාශකාරී බණ්ඩාරනායක ප්‍රතිපත්තිය සිදුකල අපරාධය දැන්වත් වෙනස්කිරීම අගය කරන්න ඕන.
chandima Thursday, 30 March 2023 09:46 PM
උගන්වද්දි හරි උච්චරනය උගන්වන්න. අවශ්ය නම් විඩියො වැඩ සටහන් බලන්නත් කලයක් ලබා දෙන්න. අපේ ලනයි මුලිකව ඉන්ග්‍රිසි ඉගෙනගත්තෙ ටි වි එකෙන්මයි.
mangala Friday, 31 March 2023 12:04 AM
පෙර පාසල් දරුවන්ට විනය, හැසිරීම, අනෙකාට උදව් කිරීම සහ අනෙකුත් සමාජමය විනීත ගතිගුණ පමණක් උගන්වන්න. කරුණාකරලා අකුරු උගන්වන්න එපා. පළමු ශ්‍රේණියත් එම විෂයන්ම දිගුවක් කර දෙවෙනි ශ්‍රේණියේ පටන් අකුරු ලිවීම කියවීම පටන්ගන්න. විනයගරුක සමාජයක් හදන්න ඕනනම් වෙන ක්‍රමයක් නැහැ.
Ajith Friday, 31 March 2023 07:23 AM
මුලින්ම ගුරුවරුන්ගෙ ඉංග්‍රීසි භාෂා නිපුනතාවය ඩියුනු කරන්න.
S.H.Liyanage Friday, 31 March 2023 09:25 AM
ඉතාම හොඳ අදහසක්. කරුණාකර මෙය නිසිලෙස කිරීමට හැම දෙනාම සහාය වන්න.
Bunny Preena Friday, 31 March 2023 09:28 AM
දැන්වත් මේ ගැන සිතා කටයුතු කිරීම සතුටට කරුණක්... ස්වේච්ඡාවෙන් උගන්නන්න ලෑස්ති පුරවැසියන් ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. ඒකට නිසි වැඩපිළිවෙළක් යොදන්න. අපිත් ලෑස්තියි එම කටයුත්තට උදව් කරන්න...