කොවිඩ් මරණ තවත් 6ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) පස්වරුවේ තහවුරු කළේය. 19 August 2022
පොලිසියෙන් බේරෙන්න වැවට පැන්න තරුණයා මරුට කුරුණෑගල වැව රවුම ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් දැක පලා යාමට උත්සාහ කළ තරුණයෙකු කුරුණෑගල වැවේ ගිලීමෙන් අද (19) දහවල් මරණයට පත්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි. 19 August 2022
ගිනි අවි සහ කඩු සමග තුනක් සැකපිට ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, තහනම් කඩු දෙකක් ද රැගෙන ත්‍රිරෝද රථ දෙකකින් යමින් සිටි පුද්ගලයන් තිදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ වැලිගම කොක්මාදූව කඳවුර පවසයි. 19 August 2022
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළට දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇතැයි වාර්තා වේ. 19 August 2022
‘‘ගෝඨාට වැරදුණේ උද්ධච්චකම නිසා‘‘ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ තත්ත්වයට පත්වෙන්න සිදුවුණේ ඔහුගේ උද්ධච්ච කමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා යැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ. 19 August 2022
වී විකුණන්න කලබල වෙන්න එපා ඉදිරියේදී වී මිල ඉහළ යන නිසා වි අලෙවියට හදිසි නොවී අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් විකුණා ඉතිරි වී ටික තියා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය. 19 August 2022
නිවාස සංවර්ධන අධිකාරියට කෝටි ගානක පොල්ලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ඉදිකරගැනීම සඳහා ලබාදී ඇති ණය මුදල්වලින් රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් ( 1979 සිට මේ දක්වා) ගෙවීම පැහැර හැර ඇතැයි එම අධිකාරිය පවසයි. 19 August 2022
ආණ්ඩුවට ඩලස්ගෙන් චෝදනාවක් රජය තමන්ට මෙන්ම ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී තමන්ට සහය දැක්වූ මන්ත්‍රීවරුන්ට රජය වෛරී ආකාරයෙන් සළකන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ. 19 August 2022
ඕනෑම සහයක් දෙන්න ඉන්දියාව සූදානම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ඉන්දියාව ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්.ජයිශංකර් මහතා තායිලන්තයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව ’ද හින්දු’ පුවත් පත වාර්තා කළේය. 19 August 2022
සිමෙන්ති නිෂ්පාදන සමාගමෙන් කෝටි තුනක ඇණ මුරුච්චි සොරා ගනී පුත්තලම පාලවිය සිමේන්ති නිශ්පාදන සමාගමක ගබඩාවක තිබු රුපියල් කෝටි තුනකට ආසන්න තඹ මිශ්‍ර කේබල, ඇණ හා වෝෂර් තොගයක් සොරකම් කළ බව කියන ප්‍රධාන සැකකරු පුත්තලම මුලස්ථාන පොලිසිය 19 දින අත් අඩංගුවට ගෙන තිබුනී. 19 August 2022
ගෝඨා ආපහු දේශපාලනයට එන එකක් නෑ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණෙන බව ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය. 19 August 2022
කම්කරු අමාත්‍යංශ ඉදිරිපිට උද්ඝෝෂණයක් පුද්ගලික සේවා මධ්‍යස්ථානය, කම්කරු අරගල මධ්‍යස්ථානය සහ නිදහස් උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණය කම්කරු අමාත්‍යංශ ඉදිරිපිට (අද 19) පැවැත් විය. 19 August 2022
ගුවන් නියමුවන්ට නින්ද ගිහින් ගුවන් පතය මඟ හැරිලා ඉතියෝපියානු මගී ගුවන් යානයක් පියාසර කරමින් සිටි ගුවන් නියමුවන් දෙදෙනකුට නින්ද ගොස්, ගුවන්තොටුපොළ මඟ හැරීමේ පුවතක් වාර්තා වේ. 19 August 2022
’’ඖෂධ හිඟයටත් කඩිනමින් විසඳුම් දෙනවා’’ මේ වනවිට රෝහල් වල හිඟ වී පවතින ඖෂධ කඩිනමින් සැපයීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 August 2022
මෙරට ධීවරයන්ට කොරියාවේ රැකියා කොරියාවේ ධීවර කේෂත්රයේ රැකියා 1047ක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. 19 August 2022
බ්රේක් නැති පා පැදියකින් පල්ලමේ ගිය දරුවා මරුට බෑවුම් සහිත මාර්ගය පාපැදියෙන් ගමන් කළ 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු පා පැදියේ තිරිංග ක්‍රියාවිරහිත වී වේගය පාලනය කරගත නොහැකිව තාප්පයක ගැටී එක් සිසුවකු මියගොස් අනෙක් සිසුවා තුවාල ලබා කරාපිටිය රෝහලට අතුළත්කර ඇතැයි දික්වැල්ල පොලසිය පවසයි. 19 August 2022
ටෙලිකොම් - රක්ෂණ සංස්ථාව දෙනවාට කිරිඇල්ලගෙන් දොස් රජය පෞද්ගලීකරණය කරන ආයතන ලැයිස්තුවට විශාල වශයෙන් ලාබ ලබන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන ආයතනද ඇතුළත් කර ඇති බවත් ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමට සමගි ජන බලවේගය පක්ෂය විරුද්ධ බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 19 August 2022
ගෝනුන්ගේ සිරුරු නානුඔයේ පාවෙයි හොර්ටන්තැන්න රක්ෂිතයේ සැරිසරන ගෝනුන් විශාල පිරිසකගේ සිරුරු නානුඔය අඹේවෙල ජලාශයේ පාවෙමින් තිබෙන බව එම ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයින් කියා සිටියි. 19 August 2022
ජැක්සන් බලන්න ජනපති ජාතික රෝහලට යයි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ගියේ ය. 19 August 2022
පෙම්වතියගේ හොර අල්ලන්න අබාය ඇන්ද තරුණයා මාට්ටු මුස්ලිම් කාන්තාවන් අඳින අබායා ඇඳුමකින් සැරසි බුර්කාවක්ද පැළඳ පැමිණ සිටි මුස්ලිම් තරුණයෙකු ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරින් විසින් ඔවුන්ගේ බාරයට ගෙන ගාල්ල පොලිසිය වෙත අද (19) උදැසන බාරදී තිබේ. 19 August 2022
සර්ව පාක්ෂික රජයේ ඇමැති ධුර ගැන අලවතුවලගෙන් චෝදනාවක් අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර හැත්තෑවක් දක්වා වැඩි කිරීමට කටයුතු කරගෙන යන බව දැනගන්නට ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය. 19 August 2022
කොළඹ ප්‍රදේශ දෙකකට පැය 10 ක ජල කප්පාදුවක් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (20) පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බවත් හෙට රාත්‍රී 11.00 සිට අනිද්දා (21) පෙරවරු 9.00 දක්වා එය ක්‍රියාත්මක වන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 19 August 2022
තෙල්,ගෑස්,බෙහෙත් ගන්න විනිමය අප සතුයි ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දිනවල ගත් තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල ලැබෙමින් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 19 August 2022
පළාත් කිහිපයකට වැසි මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 August 2022
විමල්ගේ නායකත්වයෙන් නව සන්ධානය පිහිටුවීම හතර විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන සන්ධානයක් ලබන මස 4 වෙනිදා පිහිටුවන බව ස්වාධීන පක්ෂ එකමුතුව පවසයි. 19 August 2022
මුදලිගේ ගත්තාට කැලණියේ විරෝධතා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් අද රාත්‍රියේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. 18 August 2022
ජනපති ජපානයෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට පැමිණෙන ලෙස චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දුන් ප්‍රධාන රටවල්වලට ආරාධනා කරන්නැයි ජපානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඊයේ(18) ප්‍රකාශ කළේය. 18 August 2022
ගෝඨාට එන්න දෙන්න පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 18 August 2022
පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය අත්‍යවශ්‍යයි පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 August 2022
එජා සංවිධාන නියෝජිතයෝ ජනපති හමුවෙති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් අතර හමුවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 18 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025