
(චාපා මධුභාෂිණි)
ප්‍රේම සම්බන්ධයකට අකමැති වූ 15 හැවිරිදි සිසුවියකට දහම් පාසල තුළ සිදුවූ තියුණු ආයුදයකින් ඇන ඇතැයි ගල්ඔය පොලිසිය කියයි.
ගල්ඔය ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දහම් පාසලක 11 වන වසරේ ෙ සිසුවියකට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
විහාර භූමියට ඇතුළු වුණු අවිවාහක පුද්ගලයකු මෙම සහසික අපරාධය සිදු කර ඇති අතර සැකකරු පිහියද සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සිසුවිය කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ තත්ත්වය බරපතල නැති රෝහල් ආරංචි මාර්ග කියයි..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් ඇහෙන පෙනෙන දේ වලින් අද අපේ සමාජ හෝදාපාලුව පැහැදිලිව පෙනේ. රාජ්‍ය පාලකයින් සමාජ ශෝධකයින් ආගමික නායකයින් දෙමාපියන් ඇතුලු සියල්ල මීට දායක වී ඇත.
මේ අයට හා කිව්වත් පිහිපාරක් කන්න වෙනවා. බෑ කිව්වත් පිහිපාරක් කන්න වෙනවා. මාර ලෝකයක්... ඒ දැරිවිය බුදධිමත්ව සිතා තමයි බෑ කියලා තියෙන්නේ. මුලදීම සතාගේ හැටි දැනගන්න ඇති...
ආදරය ආදරයෙන්ම ලබාගත හැකි දෙයක් මිස චන්ඩිකමෙන්, බලහත්කාරයෙන් ලබා ගත නොහෙකි බව දැන ගත යුතුයි.
කෙල්ලන්ට හොඳ පාඩම්. මොකද කෙල්ලෝ විනෝදෙට කොල්ලන්ට හා කියනවා. පස්සේ බෑ කියනවා. මුලින් හිතන්න ඕනේ. අවුරුදු 15 වේ කෙල්ලෙකුට මොන සම්බන්ධ කම්ද ඉගෙන ගන්නේ නැතුව. දැන් ගොඩක් ආදරේ කරන්නේ මාර්ගගත ක්‍රමයටනේ. දෙමව්පියන් බොහෝම අමාරුවෙන් පෝන් අරන්දීලා තියෙනවා. ඒවගෙන් මේවා කරන්න ගියාම ප්‍රතිඵල ඕවා තමයි. කෙසේවෙතත් ඒ දියණියට ඉක්මන් සුවය ලැබේවා...!
සරසවි අයියලාගේ ආදර්ශය පාසල් මල්ලිලා අකුරටම පිළිපදින බව මම කොළඹ සරසවි සිද්ධියේදී කිවුවා මතකයි .මේවා පාලනය කල යුතුයි .
සරසවි ප්‍රේමය දහමි පාසලටත් ගිහින් වගේ පේන්නෙ.