
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තනි රෝදයෙන් සහ අධික වේගයෙන් අනාරක්ෂිත අයුරින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් සිව් දෙනකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය කියයි.
එම තරුණයන් සිව් දෙනා පදවමින් සිටි යතුරුපැදි ද පොලිස් බාරයට ගෙන ඇත.
පිළියන්දල බෝකුන්දර මැද්දෝවිට පාර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තනි රෝදයෙන් අධික වේගයෙන් යතුරුපැදි පදවමින් අනාරක්ෂිත අයුරින් හැසිරෙන බවට 119 හදිසි ඇමතුම් ඒකකය හරහා ලද තොරතුරක් අනුව එම ස්ථානය වටලා සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම ස්ථානයේ වටලන අවස්ථාවේදී තවත් තරුණයන් පිරිසක් යතුරුපැදිවලින් පලාගොස් ඇත.
අත්අඩංගුවට ගත් තරුණයන් මහරගම පිළියන්දල ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18, 19 සහ 20 අතර පසුවන්නන් ය.
සැකකාර තරුණයන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනිරෝදෙන් වැඩ දාපු බොහෝ දෙනා පසුව ජීවත් වුණේ කකුල් දෙකම නැතුව...
මීට අවුරුද්දකට, දෙකකට කලිනුත් ඔතැන ඔය වැඩෙන්ම කෙනෙක් මරලා... තාම පාඩමක් ඉගෙනගෙන නැහැ වගේ...
වීරයෝ වගේ වැඩ දැම්මාට වරදින්න යන්නේ තත්පරයක්. ඕවගේ යන අය විතරක් නෙමෙයි පාරේ යන අහිංසකයෝත් අනතුරේ... අමතක නොවෙන්න දඬුවම් දෙන්න ඕනේ තරුණ මදය අඩුවෙන්න.