
(ඉන්දිකා රාමනායක)
සිය පියාගෙන් සිදුවන බව කියන හිරිහැර ඉවසිය නොහැකිවූ දරුවන් තිදෙනකු තියුණු ආයුධවලින් පහර දී පියා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිකාමන් මිරිසුවිල් පදිංචි වයස අවුරුදු 21 , 20, 28 යන වයස්වල පසුවන තරුණයන් තිදෙනකු බව පොලිසිය සඳහන් කරයි.
මෙම සහෝදරයන් තිදෙනා එක්ව ඝාතනය කර ඇත්තේ ඔවුන්ගේ පියා වන 44 හැවිරිදි සිවසෝදි ශිවකුමාර් නොහොත් කරාටේ සිවා යැයි හදුුන්වනු ලබන පුද්ගලයකු බව පොලීසිය සඳහන් කරයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් දරුවන් තිදෙනා අත්අඩංගුවට ප්‍රශ්න කිරීමේ දි ඔවුන් පවසා ඇත්තේ කලක සිට පියා ගෙන් සිදුවන හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව ඔහුව කපා කොටා ඝාතනය කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් පව්කාර දරුවෝ. මේ මිනිස්සුන්ට මොනවා වෙලාද? එහෙම කරදරයක් නම් අයින් වෙලා පලයල්ලා වෙන කොහේ හරි... මේ වගේ පව්කාර වැඩ නොකර.