
(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මත මාස කිහිපයක් තිස්සේ රැඳී සිට අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල වාසය කරන පුද්ගලයන්ගේ ගිණුම්වලින් කෝටි ගණනක මුදල් වංචා කළ චීන ජාතිකයන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි .
තානාපති කාර්යාල හරහා ලැබුණු පැමිණිලි ඔස්සේ සිදු කළ විමර්ශනවලින් අනතුරුව අද (1) එම චීනජාතිකයන් රැඳී සිටි හෝටලයට පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 39 දෙනා පෞද්ගලික බස් රථයකින් අලූත්ගම පොලිසිය වෙත රැගෙන ගිය අතර නඩු භාණ්ඩ ලෙස පරිගණක හා ඉතා ඉහළ මිල ගණන්වල ස්මාර්ට් ජංගම දුරකතන රැසක් හා මුදල් තොගයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අලූත්ගම පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනෙ ණය අල්ලාගත් මුදලින් අඩු කර ගන්න. හරින් ෆර්නෑන්ඩු මොකද මේ ගැන කියන්නේ.
චීන්නු මෙහෙම තමයි. වෙනත් රටවලත් අය මේක කරනවා. මේ අයට ඇප නොදිය යුතු අතර අවුරුදු 10කට වත් හිරේ දාන්න.