(අංජුල මහික වීරරත්න)
තමා ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආරක්ෂක අංශ සහ පොලිසිය අමතා අද විශේෂ දේශනයක් පවත්වමින් ජනාධිපතිවරයා මෙි බව කීය.
ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම වැළැක්වීම සහ රට අරාජික වීම වලක්වා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත මෙහිදී කෘතඥතාව පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති කඩපු අය අල්ලන්නෙත් නෑනේ...
ඔව් නිතිය කඩන්න පුළුවන් එයාටයි එයත් එක්ක ඉන්න හොරු 134 දෙනාට විතරයි , හොර පාස් පොර්ට් වලින් රටේ නිති විරෝදිව රැඳිලා ඉන්න කෙනාට උසාවි නියෝග තිබ්බත් නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ , මැතිවරණය තියන්න මුදල් නිදහස් කරන්න කියල අදිකරන්‍ය නියෝග දුන්නත් ඒවා සත පහකට ගණන් ගන්නේ නැහැ.
අනේද කියන්නේ . අපිට ඒ බව හොඳටම පේනවත් එක්ක .
එල විකියා එල,
ත්‍රිවිද හමුදාව වියවස්තාවට අනුව රටේ ජාතික ආරක්ෂාව සහ ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් ඕනෑම අවස්තවක පෙනී සිටි. යුද්දයක් නොමැති උවත් රට වෙනුවෙන් ඔවුන්ට කල හැකි / ලබාදිය හැකි සේවය රටේ අනාගතයට වැදගත්වේ.
පස්ස පැත්තෙන් හිනා යනවද? නැත්නම් වෙන බරක් දැනෙනවද කියලා හොන්න බෑ.
බැදුම්කර වංචාව වගේ දෙයක් කලාට අවුලක් නැනේ නේද ලොක්කා? අපිත් කීයක් හරි හොයාගන්න එපැයි.
නීතිය කඩනවද? නැද්ද? කියලා තීරණය කරන්න තමයි අධිකරණය තියෙන්නේ. ඒ අනුව අධිකරණ තීන්දු සතපහකට ගණන් නොගෙන වැඩ කිරීම නීතිය කඩ කිරීමක් නොවන්නේද? එහෙම නිතිය කඩකරන අයටත් තදින් ක්‍රියාත්මක වන්නේ නැද්ද? නිත්‍යානුකූලව විරෝධතා කරපු අයට ගහපු එක නීතිය කඩකිරීමක් නොවන්නේද?
නීති කැඩුවේ නෑ... කඩන්න නීති තියෙන්න එපෑයෑ...
එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව... උසාවි නියෝග එහෙම කඩ කළාට කමක් නැද්ද...?
මහින්ද මහතා එල්ටීටීඊ ත්‍රස්තවාදය නැතිකළා. ඔබතුමාට හැකි නම් ජේවීපී, පෙරටු සහ වෘත්තීය සමිති ත්‍රස්තවාදය මෙරටින් තුරන් කරන්න, රට ගොඩ...
ඔව්... ඔව්. අර්ජුන් මහේන්ද්‍රනුත් කිව්වා..!
වික්‍රමසිංහ, තමුන්ගේ බලය පාවිච්චි කරන්නේ ඩීසල්, පෙට්‍රල් වැඩි කරන්න, බස් ගාස්තු වැඩි කරන්න, බදු වැඩි කරන්න... ඩීසල් ගැන 110 කින් අඩුවෙලා තියෙද්දී බස්ගාස්තු අඩු කරන්න ඔයාගේ බලය, රාජ්‍ය අංශයට වැඩපිළිවෙලක් නැතිද? අඹේවෙල කාරයා, දේශීය කිරි නංවන්න කියලා දිගට හරහට කිරිමිල වැඩි කරනවා. ඔයාට ඒවා පාලනය කරන්න බැරිද? උද්ඝෝෂණ පාලනය කරන්න, බදු වැඩි කරන්න, විදුලි බිල වැඩි කරන්න විතරද පුළුවන්?
ඒ වගේම ඉස්සර නීති කඩපු අයට දඬුවම් කරන්නෙත් නැහැ. පාස්කු ඉරිදා බෝම්බේ ඉබේ පිපුරුණේ...
කිසිම නීත්‍යානුකූල අයිතියක් නැති තනතුරක ඉඳගෙන නීතිය වෙනුවෙන් පෙනී සිටීමට අර චාලි චැප්ලින්ට දුන්නු සම්මානෙ පුදන්න වටිනවා. මේ බංකොලොත් කාරයාගේ කතා අහන ත්‍රිවිධ හමුදාවට ඇත්තටම ආත්ම ගෞරවයක් ඇත්තේම නෑනේ. යුද්ධය අවසන් කරපු ඒ භයානක කාලයේ මේ මිනිහා ත්‍රිවිධ හමුදාවට කරපු නින්දා, අපහාස මතක තියෙන්නේ අපිට විතරද?
ඔයා දැනටමත් නීතිය කඩලමයි ඉන්නේ. ව්‍යවස්ථා විරෝධීව රාජ්‍ය නිලධාරින්ට අනිසි බලපෑම් කරමින් ඡන්දය නොපැවැත්වීමත් නීතිකඩ කිරීමක් තමයි. කවදා හෝ රටේ පිරිසිදු පාලනයක් ඒවි. එදාට මේවාට දඬුවම් විඳින්න වෙනවාමයි...
මෙරටට වෘත්තිය සමිති අවශ්‍ය නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් සඳහන් කරන ලද බව මාධ්‍යයන් වාර්තා කර ඇත. බැලූ බැල්මට මෙය රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විසින් කරන ලද දේශපාලන ප්‍රකාශයක් ලෙස පමණක් සැලකීමට නොහැක. වෘත්තීය සමිති ව්‍යාපාරය ලංකාවට පමණක් සීමා වූ ලඝුකර දැක්විය හැකි සමිති ව්‍යාපාරයක් නොවේ. එය ලෝකයේ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස ගන්නා ලද නීතිමය බල ගැන්වීමක් බව කිව යුතුයි. නීතියානුකූල වූ සියලු ආකාර රැකියා කරන්නන්ගේ ජීවිත සුරක්ෂිත බව, රැකියා අවදානම අවම කිරීම, රැකියාවට සරිලන ලෙස වේතන ලැබිම, වැඩබිම් තුළ රැකියා නියුත්තිකයින්ගේ පුද්ගල ගෞරවය සුරැකීම, සහ රැකියා නියුත්තිකයින්ගේ රැකියාව හෙට දවස සුරක්ෂිත කිරීම, සහ රජයේ හෝ හාම්පුතුන් යටතේ වැඩ බිම් තුළ වැඩකරන ජනතාවගේ සැම අතින්ම ජීවිත සුරක්ෂිත කිරීම යන කරුණු වෘත්තීය සමිති මත රඳාපවතින බව අමතක නොකළ යුතුවේ. වෘත්තිය සමිතිවලින් තොරව ඉහත කියන ලද දෑ තුළින්, වැඩකරන ජනතාවට සාධාරණයක් වෙනවා නම් සිදුවන්නේ ධර්මානුකූල සාධාරණ හාම්පුතුන් තුළින් පමණි...
සිදුවන්නේ ධර්මානුකූල සාධාරණ හාම්පුතුන් තුළින් පමණි. වෘත්තීය සමිති බලගැන්වීම නොවේ නම් සැබවින්ම වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත නොවනවා ඇත. වත්මනෙහි රටක ආර්ථිකය සවිමත් වන්නේ වැඩකරන ජනතාව මතයි. ලෝක ආර්ථිකය ද ඒ මත පිහිටා ඇත. රටේ ආර්ථිකය නිෂ්පාදන ක්‍රීයාවලිය සහ කර්මාන්ත මත පිහිටා ඇති බව බුදු රජුන් විසින් දීඝ නිකායෙහි කූට දත්ත සූත්‍රයේ වදාරා ඇත. ඒ තුළින් රට සමෘධිමත් වීම සොර බිය දුරු වී ජනතාවට සතුටින් සිටීමට මඟබවත් මෙලොව පරලොව දෙකෙහිම යහපත ඇති කරන බවත් බුදුරදහු කූට දත්ත සූත්‍රයේ විස්තරාර්ථ ලෙස වදාළහ. සමස්ථ ලෝක ආර්ථිකය, වැඩකරන ජනතාවගේ නිෂ්පාදන සහ සේවා මත දියත් වේ. වැඩිම වේ. ලෝකයේ ආහාර සුරක්ෂිත බව, මිනිස් දිවිය සුන්දර ලෙස ගත කිරීමට ඇවැසි සියලු මෙවලම් නිපදවීම සහ සේවා සැපැයීම කරනුයේ වැඩකරන ජනතාවයි. වැඩ කරන ජනතාවගේ සූර භාවය මත රටක ආර්ථිකයේ දියුණුව පවතී. අධ්‍යාපනයෙන් කරනුයේ එම සූර භාවය ඇති කිරීමයි. අධ්‍යාපනයෙන් කෙරෙනුයේ ලෝකයේ දියුණුවට, නිෂ්පාදන සහ සේවා සඳහා වෘත්තිකයින් ඇති කිරීමයි.
පාලක කාරකාදීහු නිෂ්පාදනට සහ සේවා සැපැයීමට සම්බන්ධ නියුක්තිකයින් ආරක්ෂා කර ගැනීම අත්‍යන්තයෙන්ම සිදු නොකර එකී දියුණුව ඉදිරියට පවත්වා ගෙනයාමට නොහැකි බව අවබෝධ කර ගත්හ. හාම් පුතුන් තම ලාභයම අපේක්ෂා කළද, සේවා නියුත්ත වූවන්ගේ රැකියාව පිළිබඳ අවදානම අවම නොකර සහ සේවා නියුත්තිකයින්ගේ ජීවන තත්වය උසස් නොකර රටේ ආර්ථික දියුණුව වේගවත් කළ නොහැකි බව කර්මාන්තවලින් දියුණු රටවල පාලක කාරකාදීන්ට (යම් පමණකට හාම්පුතුන්ටද) මෙන්ම උපදේශකයින්ට ද අවබෝධ වූ බැවින්, වෘත්තීය සමිති පිහිටුවීමට විරුද්ධ නොවුණා මෙන්ම වෘත්තීය සමිති නීත්‍යානුකූල භාවයෙන් පැවැත්වීමට ඔවුහු විසින් අණ පනත් සම්මත කළහ. පසුකාලයේ විද්‍යා තාක්ෂණය අතින් දියුණු රටවල් කම්කරුවන් ඇතුළු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සඳහා ජගත් කම්කරු සංවිධානය ආරම්භ කිරීමත් පසුකාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත ආයතනයක් ලෙස පිළිගෙන පාලනය වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රාජ්‍යමය හා නීතිමය රැකවරණය ලබාදීම, ජගත් සම්මුතීන්ට අනුව වෘත්තීය සමිති ඇති කිරීමට නීතියානුකූලව ප්‍රඥප්ති තුළින් බලගන්වා ඇත.
කළින් හිටපු එක්කෙනත් ‘‘ මගේ කාලයේ‘‘ කියාගෙන තමයි ආවේ... අන්තිමට අපේ කාලෙත් කෑවා. රටත් කෑවා.
ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. සමහර ව්‍යවස්ථා සංශෝධනය කළ හැක. ඇතැම් ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත්තේ අන්තර්ජාතික සම්මුතීන්ට අනුවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාප්‍රකාරව "වෘත්තිය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහසට; හිමිකම් ඇත්තේය" යන හිමිකම කිසිලෙසකින් අහුරාලිය නොහැකිය. කරන්න බැරි වැඩ මහවීරයෝ වගේ "කට මැත දොඩවා" කරන ප්‍රකාශ ජාත්‍යන්තර වශයෙන් පුද්ගලයා පමණක් නොව මේ රට ද හෑල්ලුවට පත්වනවා ඇත. දැනට ලෝකයේ, රාජ්‍ය පාලනයේ ප්‍රජාතාන්ත්‍රිකව අන්තර්ජාතික සම්මුතීන් සමඟ එකඟතා අත්සන් කරඇති අප රටට වෘත්තීය සමිති නැති කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැත. මෙය ප්‍රජාතන්ත්‍රවාදී මානව අයිතිවාසිකම් පිටු දැකීමට කතා කිරීම බෙදුම් වාදීන්ට රට ස්වයං අයිතිය ඉල්ලීම පිළිබඳව, අන්තර්ජාතිකව සාධාරණය කිරීමට අනුබල දීමක් බවද කිව යුතුයි. වෘත්තීය සමිති දැනට ලෝක මානව ප්‍රජාවගේ ජීවය සමඟ බද්ධ වී ඇත්තේ, අන්තර්ජාතික සම්මුති තුළින් සවිබල ගන්වා රාජ්‍ය වගකීමට බැඳ තබමින් බව කිව යුතුයි. මේ සියල්ල මානව අයිතීන්ගේ ප්‍රබල සංවේදී කරුණු වේ.
මේවා විසඳාගත යුතුයි. ළිං මැඩි මානසිකත්වය, රට පාලනයෙන් මිදිය යුතුයි.
කතාව දෝලාවෙන් - ගමන පයින්...
රනිල් රාජපක්ෂලාට හෙණ වදින දවස් වැඩි ඈතක නැහැ.
කිසිම ජනවරමක් නැති පින් ජනපතියා..තමුන්ගේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ,ලෝකෙම දන්නවා .
ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවේ 14 වෙනි ව්‍යවස්ථ්වේ 1වන අනුව්‍යවස්ථාවෙහි සෑම පුරවැසියෙකුට ම- (ඈ) ඡේදයෙහි "වෘත්තිය සමිති පිහිටුවීමේ සහ වෘතීය සමතිවලට බැදීමේ නිදහසට; හිමිකම් ඇත්තේ ය." යන ව්‍යවස්ථා ප්‍රකාරව ද "මෙරටට වෘත්තිය සමිති අවශ්‍ය නැතැ" යි යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දරමින් කරන ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ සම්මුතීන් සහ ආණ්ඩුක්‍රම