
(අජන්ත කුමාර අගලකඩ)
තෙල් පිරිපහදුවක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉදිකිරීම සදහා ඉන්දීය රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා ඉල්ලා ඇති අතර,මෙම ඉන්ධන පිරිපහදුව ඇතිකරනුයේ ඊට පරිබාහිරව බවද දැන ගන්නට ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර, එම සංචාරයේදී මේ සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට තිබේ.
මේ අතර , ඉන්ධන සැපයුම, බෙදාහැරීම සහ අලෙවිය ජාත්‍යන්තර සමාගම් 3කට දීමට ආණ්ඩුව පසුගිය සතියේ තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොලොංචි වෙන්න කළින් ඉන්දියාවට මුළු රටම විකුණයි වගේ...!
උතුර ඉන්දියාවට, දකුණ චීනයට, අපි මුහුදට...!
ඔය තමා ගත්ත ණයට හිලව්ව...
ඉතාම හොඳ, කාලීන ආයෝජන ව්‍යාපෘතියක්. මේ අතර අපට වසර 3 ක් ඉදිරියෙන් සිටින නොලංකාවේ: 2026.11.10 නොලංකාද්වීප පුවත්පත: මෙරට ආයෝජන අතරින් ඉතා වැද්ගත් හා කාලීන ව්‍යාපෘතියක් වූ පිරිපහදු ව්‍යාපෘතිය, අවිදිමත් හා වන්චාකාරී ලෙස දියත් කිරීමෙන් නොලංකාවට විශාල ආර්තික හානියක් සිදුවී ඇති අතර රාජ්‍යතාන්ත්‍රිකමය ලෙසද සංකීර්ණ ගැටළුවක් ගොඩනැගී ඇත. 2026.12.10 නොලංකාද්වීප පුවත්පත: ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වූ ආයතන අතරින් තෝරාගත් ආයතනයත් මෙරට රජයේ ප්‍රබල අමාතය්‍ය වරයෙකු අතර 2024 වසරේ සිදුවූ අයතා මුදල් ගනුදෙනුවක් පිළිබඳව අද හෙළිදරව් විය.
ඉන්දියන් ඔයිල් සමාගමට දීලා තියෙන ප්‍රදේශයට ලංකාවේ මිනිස්සුන්ට යන්නත් බැහැ. එහෙම තියෙද්දී ඔක්කොම දුන්නාම හොඳටම තියේවි.. අනේ දෙවියනේ, මෙහෙමත් මැටිමෝල්ලු. දෙන එකක් රටට ඉන්ධන ප්‍රශ්නයක් නොවෙන්න නියමිත දිනවලදී බදුකුලී ගෙවීම අත්‍යාවශ්‍යම බව ගිවිසුම් ගතවීමට අවශ්‍ය වෙනවා.. ගිවිසුම කැඩුවොත් විගසම ඉවත්ව යාමට කැමැත්ත ගතයුතුයි. කොහොම වුණත් ටැංකි සංකීර්ණය නොදෙනවා නම් වත්මන් රජය අනාගත පරපුර ගැන සිතනවා කියලා හිතන්න පුළුවන්...!
60% -40
තෙල් පිරිපහදුවක් සදහා ඉන්දියාව පමණක් නොව මැදපෙරදිග රටවලට කල හැකි යෝජනා පිළිබදවද සලකා බැලිය යුතුවේ. ඒ සමගම යුරිය පොහොර නිෂ්පාදනය කරනාවූ සමාගමක් සදහාද සලකා බැලීම වැදගත්වේ.
ඒකට වෙන්න ඇති සපුගස්කන්ද පිරිපහදුව වහන්න ඇත්තේ කියලා හිතෙනවා කංචෝ
ඉන්දියානු ව්‍යාපාර වලින් අපට ප්‍රයෝජනයක් නැහැ.සිපෙට්කෝ තෙල් නොතිබ්බ කාලෙ IOC තෙල් තිබ්බද
කොහොමද වික්කමසිංහ ගේ වැඩ?
මුළු ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් 6000 ම වැටුප් සහ දීමනා නොලබා සේවය කල හොත් වාර්ෂිකව බිලියන 13 ක් ඉතිරි කල හැක. වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය ( විදුලිබල මණ්ඩලයට හැර) බිලියන 3 කි. එනමි උපරිම ලීටරයකට රු. 4.25 ක් අඩුකල හැක. මුළු විදුලිබල මණ්ඩලයේ සේවකයින් 24000 ම වැටුප් සහ දීමනා නොලබා සේවය කල හොත් වාර්ෂිකව බිලියන 57 ක් ඉතිරි කල හැක. වාර්ෂික විදුලි අවශ්‍යතාවය ඒකක බිලියන 17.59 කි. එනමි උපරිම ඒකකයට රු. 3.24 ක් අඩුකල හැක. පුද්ගලිකකරනයෙන් ඔය හිතාගෙන ඉන්න වාසි ලැබෙන්නෑ. කුහකත්වය අතහැර ආනාගතය ගැන හිතන්න. පුද්ගලික ව්‍යාපාර ඔය කියන විදිහට ක්‍රියා කරනවද? කරල තියනවද?
චීනය හම්බන්තොට පිරිපහදුවක් ඉදිකරයි,ඉන්දියාව එය අනුගමනය කරයි! අපගේ "දොන් ජුවාන්" මුළු රටම විකුණනු ඇත!
මම හිතනවා JVP එක මේ යෝජනාවට විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේ යෝජනාව ආවේ චීනෙන් නම් තත්වය වෙනස් වෙන්න තිබුන.
ඉන්දියාවට හරි දීලා තෙල්ටැංකි සංවර්ධනය කරපල්ලා.. මොකද අපේ අය කරන්න ගියොත් බාගෙට බාගයක් හොරා කනවා.
නරකද ලංකාවෙ පාර්ලිමේන්තුවයි , ජනාධිපති කමයි ඉන්දියාවට විකුණුවනම්.
කාබාසිනියා වික්කම සිංහ රට විනාශ කරලා රටට කෙලවලාම චුතවෙලා යන්න හදන්නේ, ලෑතිස්වෙලා හිටපං ඕවට වන්දි ගෙවන්න.
රාජපක්ෂලා ආවොත් ආපහු ගන්නවාලු... එහෙනම් කමක් නැද්ද බයියනේ...!
සමහරු මේ වැඩ වලට කැමති බවට කමෙන්ට්ස් දාලා තියෙනවා. එහෙමනම් මම ඒ අයගෙන් ඉල්ලනවා මේවයින් අපේ රටට ඩොලර් කොපමණ ප්‍රමාණයක් වාර්ෂිකව ලැබෙනවද කියලා ඔබට අඩුතරමින් ආසන්න අගයක් වත් ගණන් හිලවු ඇතිව පෙන්නන්න කියලා. හේතුව මේකයි, වෙන රටවල මේ වගේ දේවල් කරාම ඒ රටවලට වාසි සිද්ධ වෙනවා. අදෝමැයි කියන්නේ මේ රටේ කාලකන්නි දේසපාලුවෝ ගිවිසුම්ක ගහලා කලොත් නම් වෙන එකම දේ තමයි තියෙන සම්පත් ටිකත් නැතිවෙලා අනිත් පාර්ශවයට සියලු දේ අයිති වෙලා අපිට මොන මල කෙහෙම්මලක් වත් නොලැබෙන එකයි. ඔය තෙල් ටැංකි ටිකටත් එහෙම නෙමෙයි කියලා කාටද කියන්න පුළුවන්. මතකනේ මුන් නයට මහලොකු වරායක් වරාය නගරයක් හදලා අන්තිමේදී අපිට මුකුත් නැහැ අපි නය ගෙවනවා චීනා අපේ රටේ ඉඳන් ඇතිතරම් ඩොලර් හොයනවා.