එජා සංවිධාන නියෝජිතයෝ ජනපති හමුවෙති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් අතර හමුවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 18 August 2022
මිතුරාට අවසන් ගෞරව දක්වන්න ජනපති ජපන් යයි ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ අග ජපානයට යාමට නියමිතය. 18 August 2022
බලශක්කි අමාත්‍ය කංචනගෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්තය යන ආයතන දෙකේ ප්‍රධාන කටයුතු කීපයක් පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) පැමිණිල්ලක් කළ බව විදුලිබල හා බලශක්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) පස්වරුවේ පැවසීය. 18 August 2022
අරගලයට සහාය දුන් බ්‍රිතාන්‍ය තරුණිය සොයා මෙහෙයුමක් අරගලයට සහය දැක්වූයේ යැයි චෝදනාවට ශ්‍රී ලංකාව නිකුත් කර තිබූ වීසා අවලංගු කළ බි්රතාන්ය ජාතික තරුණිය කෙලී ෆ්‍රාසර් සොයා ශ්‍රී ලංකා ආගමන හා විමගන දෙපාර්තමේන්තුවේ විමර්ෂණ කණ්ඩායමක් සහ බුද්ධි අංශ කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය අද (18) පස්වරුවේ පැවසුවාය. 18 August 2022
කොවිඩ් ආසාදිතයන් 166 ක් ‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 166 දෙනකු අද (18) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 18 August 2022
පිට පිටම දෙවැනි දිනටත් කොවිඩ් මරණ 5 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) පස්වරුවේ තහවුරු කළේය. 18 August 2022
කැළණිවැලි දුම්රිය මාර්ගයට බිලිවන නිවාසවලට ‘මාලපල්ලෙන් නිවසක් කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වන ජනතාව වෙනුවෙන් ඉදිවන ‘මාලපල්ල’ මහල් නිවාස ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිරීක්ෂණය කළේය. 18 August 2022
වසන්ත මුදලිගේ අත්අඩංගුවට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී අද (18) පැවැත්වූ විරෝධතා පා ගමනට සහභාගි වී සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගත් බවඋසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 18 August 2022
ගෝල්ෆේස් බිමට වූ හානිය අරගලකරුවන්ගෙන් අයකර ගන්නවා දීර්ඝ කාලයක් අරගලකරුවන් රැඳී සිටීම නිසා ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ඔවුන්ගෙන්ම අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 18 August 2022
වරායේ ලොකු වෙනසකට ඇමැති සැරසෙයි ගුවනින් මෙන්ම නෞකාවලින් මෙරටට පැමිණන විදේශීය සංචාරකයින් වෙනුවෙන් කොළඹ වරායේ මගී පර්යන්තයේ නවීන පහසුකම් ඇති කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 18 August 2022
‘‘ගල්අඟුරු නැති වුණොත් පැය 10ක් විදුලිය නෑ‘‘ ඉදිරි කාලයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් පැය 10ක පමණ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 18 August 2022
අන්තරේ පාගමනට කදුළු ගෑස් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන විසුරුවා හැරීම සඳහා මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය. 18 August 2022
හරක් මැරීම නතර කළ ඇමති මර්වින්ට ඇපයක් අවශ්‍ය නෑ-කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කැලණියේ හරක් මැරීම නතර කළ මෙම සැකකරු ඇප අවශ්‍ය නැතැයි සඳහන් කළ කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා සැකකරුට ලබන නොවැම්බර් 16 වැනි දා අධිකරණයේ පෙනී සිටීම ප්‍රමාණවත් බව ප්‍රකාශ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මුදා හැරියේය. 18 August 2022
සජබෙ එක්කෙනෙක් වත් ඇමතිකම් ගන්නෙ නෑ සමගි ජනබලවේගයේ එක්කෙනෙක් වත් සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමැතිකම් ගන්නට සූදානම් නැතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. නව ජනාධිපති පත් වී මාසයකට ආසන්න කාලයක් ගත වූ නමුත් සර්වපාක්ෂික ආණ්ඩුව කතා පෙට්ටියක් පමණක් වී ඇතැයි ද රාජකරුණා මහතා පැවසීය. 18 August 2022
අන්තරේ පා ගමන ජනපති ලේකම් කාර්යාලය දෙසට ‘ඩීල් රනිල් - රාජපක්ෂ ජුන්ටාව පන්නමු’ යන තේමා යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතා පාගමන මේ වන විට කොළඹ නගර ශාලාව ඉදිරිපිටින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරමින් තිබේ. 18 August 2022
උසස් පෙළ ප්‍රායෝගික පරික්ෂණ හෙට සිට දින තුනක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2021 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගීවීමට නොහැකි වූ අපෙක්ෂකයින්ට හෙට (19) සිට 21 ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 18 August 2022
22කට එරෙහිව පෙත්සම් නවයක් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු නවදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) පෙත්සම් 9ක් ගොනු කරනු ලැබ ඇත. 18 August 2022
වත්මන් රජයේ වන්දි පිළිවෙත ගැන මෛත්‍රීගේ නොසතුට යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අය බව කියමින් අධිකරණමය ක්‍රියාමාර්ග මත පියවර ගත් රාජ්‍ය නිලධාරින් සහ ආයතන ප්‍රධානීන් කිහිපදෙනකුට රුපියල් කෝටි ගණනක් වන්දි ගෙවීමට වත්මන් රජය සූදානම් වන බවත් රටේ ආර්ථික අර්බුදයක් ඇති මොහොතක එසේ කිරීම සම්බන්ධයෙන් තම නොසතුට පළ කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 18 August 2022
කාබනික පොහොර ගන්න රජයෙන් විසිදාහක් දෙයි මහ කන්නයේ වී ගොවීන්ට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 18 August 2022
‘කොවිඩ් 19’ වයිරසයෙන් මොළයට වන හානිය දිගු කාලීනයි ‘කොවිඩ් 19’ වයිරසයෙන් මොළයට එල්ල වන හානිය දිගු කාලීන යැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පවසති. 18 August 2022
‘වඳුරු උණ’ට දෙන එන්නත සියයට 100 ක් සාර්ථක නැහැ ‘වඳුරු උණ’ වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත සියයට 100 ක් සාර්ථක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියකු වන රෝස්මන්ඩ් ලුවිස් පැහැදිලි කරයි. 18 August 2022
රූපවාහිනියට බලෙන් කඩා පැන්නාට මර්වින් සිල්වා අත්අඩංගුවට රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් කඩාවදින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වූ මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) පෙරවරුවේ අත්අඩංගුවට ගත්ෙත්ය. 18 August 2022
මහපොළට, ශිෂ්‍යාධාරවලට ගිය වසරේ මිලියන 2000ක් වැය කරලා විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට මහපොළ හා ශිෂ්‍යාධාර වශයෙන් ගිය වසරේදී රුපියල් මිලියන 2000ක් මුදලක් වැය කර ඇත. 18 August 2022
සතුන්ගේ කෑම රටින් ගේන්න යයි සත්ව ආහාර සඳහා ආනයනය කරන බඩ ඉරිඟු හා සෝයා විවෘත ගිණුම් ක්‍රමවේදයට ආනයනය කිරීමට අවසර ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. 18 August 2022
දඬුලේනා ගැන හොයන්නත් කමිටුවක් දඬු ලේනා ජාතික සත්වයා තත්ත්වයෙන් ඉවත් කරනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කළ බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 18 August 2022
කෝකිලගේ-සොහොයුරාගේ නිවෙස්වලට පහර දුන් අයෙක් අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියගේ සහ ඇයගේ සොහොයුරා ගේ නාල්ල පොලිස් වසමේ ලොලුවාගොඩ පිහිටි නිවෙස්වලට සහ වාහනවලට පහර දී විනාශ කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 18 August 2022
ගෝඨා ’ග්‍රීන් කාඩ්’ ඉල්ලයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා ’ග්‍රීන් කාඩ්’ අයැදුම් කර ඇතැයි ’ඩේලි මිරර්’ පුවත්පත අනාවරණය කරයි. 18 August 2022
දරුවකු ඇළට විසි කළ ග්රාමයාට වැඩ වරදි පොල්ගහවෙල උඩපොල ප්‍රදේශයේ ඇළක අලියකු නාවන අයුරු ඉවුරේ සිට බලා සිටී 08 හැවිරිදි දරුවකු ඔසවා ඇළට විසිකර තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උඩපොළ ග්‍රාම නිලධාරිවරයා අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 18 August 2022
‘‘බලය බෙදන්නේ නම් රට ගොඩනගන්න උදව් කරනවා‘‘ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් උපකාර කිරීමට ඩයස්පොරා ප්‍රජාව සුදානමින් සිටින බවත් ඒ සඳහා මෙරට බලය බෙදීමේ ක්‍රියාවලිය කඩිනම් වනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්ම් සානක්යන් මහතා පවසයි. 18 August 2022
අන්නාසි වගාව නැත්තටම නැති වෙයිද? අන්නාසි වගාවට අවශ්‍ය පොහොර ඇතුළු අමුද්‍රව්‍ය නොමැතිකමින් අන්නාසි වගාව මේ වනවිට විනාශවී යාමේ තත්ත්වයකට පත්ව ඇතැයි අන්නාසි ව්‍යාපාරිකයෝ පවසති. 18 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025