භූමි කම්පාවකින් තුර්කිය කැලැඹේ: මරණ ගණන ඉහළට රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයක් වාර්තා කළ භූමි කම්පාවකින් සහ අතුරු පසු කම්පන මාලාවකින් තුර්කිය කැලැඹිණි. මාධ්‍ය වාර්තා කළේ 17 දෙනකු මියගිය බවය. තුවාල ලැබූ ගණන 100 ඉක්මවා ඇතැයි ද පැවැසිණි. 06 February 2023
එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ගාසාවේ සිදුකරන මිලේච්ඡ ඝාතනවලට එරෙහිවත්, පලස්තීනයට ජීවත්වීමට ඉඩ දෙන ලෙසත් හා ඊශ්‍රායලය ජාත්‍යන්තර අධිකරණ හමුවට ගෙන යන ලෙසත් බලකරමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ද නිහඬ විරෝධතාවයක් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද (06) පැවැත්විය 06 February 2023
දරු දෙදෙනා මැරුවේ මවගෙන් පළිගන්නද? පියෙකු අරණායක පොල්අඹේගොඩ ගොඩිගමුව අම්බලමකදී තම සය හැවිරිදි පුතු සහ නව හැවිරිදි දියණිය ඝාතනය කර, ඔහු ද දිවි නසාගෙන සිටියදී සොයාගත් බව අරණායක පොලිසිය කියයි. 06 February 2023
නිදහස් සැමරුමට වෙනුවෙන් මුද්දර ප්‍රදර්ශනයක් 75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යාංශය,තැපැල් දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යාංශය එක්ව සංවිධානය කළ ‘නිදහස් මුද්දර දැක්ම’ කොළඹ, ඩී.ආර් විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී අද (6) ආරම්භ විය. 06 February 2023
ආණ්ඩුවේ ගිවිසුම් පිළිගන්න බැහැ වර්තමාන ආණ්ඩුව ජන වරමක් නොමැති ආණ්ඩුවක් බැවින් ආන්ඩුවේ ගිවිසුම් කිසිවක් පිළි නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 06 February 2023
වි.කොට අධිකරණයේ කරුණු දක්වන්නැයි නියෝග අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවතෙන කාලය අතරතුර විදුලිය කප්පාදු කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සමේ වග උත්ත්රකරුවෙකු ලෙස නම් කර සිටින විභාග කොමසාරිස්වරයාට ජූලි මස 14 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කරමින් යළි නොතීසි නිකුත් කෙරින. 06 February 2023
පුහුණු තරඟයෙන් ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ජය ලබති දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (6) සහභාගි වූ පළමු පුහුණු තරගයේදී අයර්ලන්ත පිලට එරෙහිව ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට සමත් විය. 06 February 2023
මහජන කොමිසමේ පෙත්සමට දින දෙයි මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු දැනට අස් වී ඇති බැවින් ඒ කොමිසම විසින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම පවත්වාගෙන යා නොහැකි බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 06 February 2023
වට මේස සාකච්ඡාවට චීන මුදල් ඇමති - මහ බැංකු අධිපතිත් ණය හිමියන් සහ ණය ලබා ගත් රටවල් කිහිපයක් සහභාගීත්වයෙන් මෙම මස ඉන්දියාවේදී පැවැත්වෙන වට මේස සාකච්ඡාවට චීන මුදල් අමාත්‍යවරයා, එරට මහ බැංකු අධිපතිවරයා සහභාගී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සී.බී.එස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. 06 February 2023
මුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් ආණ්ඩුව ක්‍රියාත්මක කර තිබෙන නව බදු ක්‍රමයට එරෙහිව රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන් ඇතුළු වෘත්තිකයන් පිරිසක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (6) විරෝධතාවක නිරත වූහ. 06 February 2023
රේගු වංචා ගැන තොරතුරු දුන්නොත් මුදල් ත්‍යාග ආනයනය සහ අපනයනය අවස්ථාවලදී වන සියලුම රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු සපයන ඕනෑම පුද්ගලයෙන්ට ත්‍යාග මුදලක් පිරිනමන බව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 06 February 2023
’’ජවිපෙට හැකි නම් අපට බැරි ඇයි’’ මිනිසුන් ඝාතනය කර රාජ්‍ය දේපළ විනාශ කළ ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණයට ඉදිරිපත් විය හැකි නම් අවිහිංසාවාදී දේශපාලන පක්ෂයක් වන තම පක්ෂයට මැතිවරණයට ඉදිරිපත්වීමට සිය දහස් ගුණයක අයිතියක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 06 February 2023
ලාෆුත් ඉහළට ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (6) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 200 කින් ඉහළ දැමීමට පියවර ගත් බව එම සමාගම අද පස්වරුවේ නිවේදනය කළේය. 06 February 2023
ඩොලර් ගේන්න පුවක් වවන්න යයි දෙවසරක් තුළ රට පුරා පුවක් පැළ ලක්ෂ පහක් වගා කිරීමේ වැඩසටහනක් මෙරට ප්රමුඛ කෘෂිභෝග අපනයන සමාගමක් වන වයඹ සමූහ ව්‍යාපාරය මගින් ආරම්භ කර ඇත. 06 February 2023
කුඹුරට වු හානිය කෘෂි මධ්‍යස්ථානවලට කියන්න වර්ෂාව නිසා වී වගාවට හානි සිදුව ඇත්නම් වහාම ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට වාර්තා කරන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී. 06 February 2023
අරගලයේ තාරුණ්‍යයත් චිත්‍ර අඳී 75 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය කළ “ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල් (Poj Harnpol) මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී විවෘත කෙරිණි. 06 February 2023
පොත් ගන්න බැරුව දරුවන් ලක්ෂ 30ක් අමාරුවේ රටේ පාසල් දරුවන්ගෙන් ලක්ෂ තිහකට ආසන්න පිරිසකට පොත්පත් ඇතුළු උපකරණ ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් අධ්‍යාපන කටයුතු නිදහසේ කරගෙන යෑමට බාධාකාරී තත්වයක් මතුවීමෙන් දැඩි සේ පීඩාවට පත්ව සිටින බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 06 February 2023
අමුද්‍රව්‍ය නැතුව ඉදිකිරීම් කොට උඩ අමුද්‍රව්‍ය හිඟය සහ අධික මිල ගණන් හේතුවෙන් මහල් නිවාස සංකීර්ණ ඇතුළු මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 2000 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට අතරමඟ නැවතී ඇතැයි වාර්තා වෙයි. 06 February 2023
පොහොට්ටුවෙන් ගිය අයට කරන දේ ගැන නීතියෙන් අහයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මහාචාර්ය ජී එල් පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව එම පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 06 February 2023
මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයා විදිහට ආචාර( සැලියුට්) කිරීමේ ගැටලුවක් තමාට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 06 February 2023
බිත්තර මිල අධිකාරිය අධිකරණයට දන්වයි බිත්තරවලට සඳුදා සිට පාලන මිලක් පනවා ඇතැයි පාරිභෝගික අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නේය. 06 February 2023
ඡන්දෙට සල්ලි නැත්නම් මන්ත්‍රී වැටුප් අත්හිටුවන්න පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප මාස දෙකකට අත්හිටුවා එම මුදල් මැතිවරණය වෙනුවෙන් භාවිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා රජයෙන් ඉල්ලීමක් කළේය. 06 February 2023
පාසල් සිසුන්ගේ අයි.ඩී ඡායාරූප - දඩ කාලය දීර්ඝ කරයි ජාතික හැදුනුම්පත් සකස් කිරීම සඳහා පාසල් ඉල්ලුම්කරුවන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගත් ඡායාරූපවල සහ දඩ මුදල් අය කිරීමේ කාලසීමාව ලබන මාර්තු මස 31 වැනිදා දක්වා දීර්ඝ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසීය. 06 February 2023
ගත්ත ණය ගෙවන්න බංගලාදේශය කල් දෙයි බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල ආපසු ගෙවීමට සැප්තැම්බර් මාසය දක්වා කල් ලබාදුන් බව බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල් මොමෙන් මහතා ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එරට මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී පවසා ඇත. 06 February 2023
අධිකරණ දෙකකට විනිසුරුවරුන් තිදෙනෙක් දිවුරති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. 06 February 2023
ගොයමට පොටෑසියම් ඌනතාවයක් මෙවර මහ කන්නයේ වගා කර ඇති කුඹුරු හෙක්ටෙයාර් 770,000කින් සියයට 08ත් 10ත් අතර ප්‍රමාණයකින් වාර්තා වී තිබෙන ගොයම් කහ පැහැවීමට මුලික හේතුව පොටෑසියම් (K) ඌනතාවය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 06 February 2023
කොලොම්බියාවට ඉහළින් අහසේත් රහස් බැලූනයක් ඇමෙරිකාවට ඉහළින් පාවෙමින් ඔත්තු බැලූ චීනයට අයත් බැලූනය පහර දී විනාශ කිරීමෙන් පසු ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන කොලොම්බියාව පැවැසුවේ තම ගුවන් සීමව හරහා ද බැලූනයක් පාවෙමින් ඇති බවය. 06 February 2023
සෙන්පති මැදුරේ ඇසුණු වෙඩි හඬ කුමක්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා ඇති නුවරඑළිය සෙන්පති මැදුරේ මන්ත්‍රීවරුන් තිදෙනකු සහ ඔවුන් සමග පැමිණි තිස් දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් සාදයක් පවත්වන අතරවාරයේ වෙඩි හඬ ඇසුණු බව සඳහන් කරමින් එහි භාරකරු පැමිණිල්ලක් කළ බව නුවරඑළිය මූලස්ථාන පොලිසිය පවසයි. 06 February 2023
මැති සබේ පෙරහුරුවක් පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ පෙරහුරුවක් අද (6) පෙරවරුවේ පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. 06 February 2023
අදත් තැනින් තැනට වැස්ස නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (6) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026