
(ඩයනා උදයංගනී)
ඌව, මධ්‍යම, දකුණු, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක අද (1) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd