(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට ජනවරමක් නැති ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදව් කිරීම වැරදි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
එවැනි ආණ්ඩුවකට උදව් කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික වශයෙන් වැරැද්දක් කළ බවද ඔහු පෙන්වා දුන්නේය.
උදව් කරන්නේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව සහිත ජනවරමක් සහිත ආණ්ඩුවකට බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කළ බව පැවසූ මන්ත්‍රීවරයා ඒ අනුව ආණ්ඩුව මැතිවරණයක් පවත්වා නව ජනවරමක් ලබා ගැනීමට කටයුතු කරාවි යැයි රටම බලාපොරොත්තු වූ බවද සඳහන් කළේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉඩම් අක්කර ලක්ෂ පහක් සමාගම්වලට දුන්නේ ජනවරමක් ලබා ගැනීමෙන් පසුව බවත් ඒ කටයුත්ත කිරීමට ඇයට පැහැදිලි නිත්‍යානුකූල ජනවරමක් තිබූ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
වර්තමාන ආණ්ඩුව ජනවරමක් නොමැතිව රාජ්‍ය ආයතන විකිණීමෙන් සේවකයන් අතර නොසන්සුන්තා ඇතිවී රට ලේ විලක් බවට පත්විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෝ ඔයාට කොමිස් ලැබුණේ නැද්ද?
ජනතාවට හරි කාලය පැමිණ ඇත. ජේ.වී.පී එකත් ඩීල් දාලා වගෙයි බොරුවට කෑ ගහලා දැන් නිහඬයි.
හිතන් ඉන්නේ ඡන්දයක් තිබ්බොත් ඔයාලා දිනයි කියලද..? කමක් නෑ හීන දකින්න කාටත් අයිතියක් තියෙනවා.
ඉදිරි ගමන දුෂ්කර වුවද 17 වැනි ගිවිසුම යටතේ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ අවසානයේ ශ්‍රී ලංකාවට සංවර්ධනය සම්බන්ධයෙන් නව මාවතක් විවර වී තිබේ.
ජනවරමක් ඇති හෝ නැතිව පාඩු ලබන ආයතන ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් කර පෞද්ගලික අංශයට දීම මේ අවස්ථාවේ වහාම කළ යුතු දෙයක්. මේ පඩුවට තවදුරටත් කරගන්න බදු ගෙවන ජනතාවට ශක්තියක් නැහැ. නමුත් රනිල් පළාත් පාලන ඡන්දේ කල් දමා ප්‍රජාතන්තවාදය අකුලා දමන එක අනුමත කරන්න බැහැ. ඡන්ද කලට වේලාවට පැවැත්විය යුතුය.
Apart from making statements time to time what have you done to the nation. Big talker
ජනවරමක් නැති ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදව් කිරීම වැරදි බව සහතික ඇත්ත.මොකද ගමේ පොලී මුදලාලි පවා පොලියට සලලි ඉල්ලන්න එන කෙනෙකුට සල්ලි දෙන්නෙ මූ හොරෙක්ද තක්කඩියෙක්ද කියල හොදට හොයල බලල.ඉතින් මේ රට බන්කොලෝත් කරපු හොරු ඔක්කොම මේ ආණ්ඩුවෙ ඉන්නෙ.
This fellow is absolutely crazy, please send him to Angoda.
ඕන ගොනෙකුට ඕන එකක් කියන්න පුළුවන්.
ආණ්ඩුවට දේශීයව ජන වරමක් නැති බව ඇත්ත, ඒත් ඊට වඩා ලොකු ගෝලිය ජනවරමක් මේ ආණ්ඩුවට තියනවා කියලවත් තේරෙන්නෙ නැතුව ද දේශපාලනය කරන්නෙ. ඉතින් ඒ සුවිසල් ජන වරමින් මොනවද කොරන්න බැරි? දැන් ඔන්න අරලග මෙනෙහි කරන්න මිරිහානට ගිය අත්අඩංගුවට අරන්, වර්ජන තර්ජන නායකයින්ගෙත් වැඩ තහනම්. කොහෙන් ද අද එදා වගේ හා හූවක්? මේකට තමා දූපත් මානසිකත්වය කියල එදා රාජිත ඇමතිතුමා කීවෙ.
Really a disgusting statement
ඔබට තවත් විකල්පයක් තිබේද?
ජනවරමක් නෑ කියන්නේ කොහොමද? 2020 මහමැතිවරණයේදී පොහොට්ටුව 2/3 බලය ගත්තානේ... කොටසක් කැඩිලා ගියාට ආණ්ඩුවේ බහුතරය තියෙනවා. වැඩි ඡන්දයෙන් පනත් සම්මත වෙන්නේ කොහොමද? මේ වගේ කුහකයින් තමයි රට හදන්න බලය ඉල්ලන්නේ...
මේ කාලකන්නි තොලොංචි වෙලාම යන්න ඕනි.