
(ඩයනා උදයංගනී)
සම්මානනීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නළු අමරසිරි කලංසූරිය මහතා අද අභාවප්‍රාප්ත විය.
ඔහු 1969 වසරේ "රැයක් දවාලත්" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය.
කලංසූරිය මහතා "හන්තානෙ කතාව", "අක්කර පහ", "නිම් වළල්ල" "අහස් ගව්ව" "බඹරු ඇවිත්", "පොඩි මල්ලි", "අනූපමා" "අපේක්ෂා", "පරිත්‍යාගය" , "පෙම් රජ දහන" ආදී චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් දායක විය.
ඔහු ශ්‍රී ලංකාවේ මුල්ම ටෙලි නාට්‍යය වන "දිමුතු මුතු" හි ජයසේනගේ චරිතයෙන් මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය නළුවා ලෙස ඉතිහාස ගත වූවේය.
දීපශිකා, සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ සහ සිග්නීස් සම්මානලාභියෙකු වන ඔහු කොළඹ, රුහුණු සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලවලින්ද විශේෂ ඇගයීම් ලැබීය.
ඔහුගේ පුත් දුමින්ද කලංසූරිය දක්ෂ ඡායාරූප ශිල්පියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අරුනළු උදයේ දිලිසෙන පිනි මත පිය මං කරමින් අහස් ගව්වටයි ලං වෙන්නේ".ස්වභාවධර්මය විටක කෙතරම් විශ්මිත ද? අහස් ගව්ව සිනමා පටයේ ගීතය ට පසුබිම් හඩ දුන් සනත් නන්දසිරි ගායන වේදියාණන් අද සදහටම සමුගෙන යද්දි එම ගීතයට අදාල රූප රාමු වල පෙනි සිටි කලංසූරිය සිනමාවේදියාණන් අද සදහටම දෑස් පියා ගත්තේ ය.විශිෂ්ට කලාකරුවන් දෙපල අමා මහ නිවනින් සැනසේවා!!!!
කලං ඔබතුමාට නිවන් සුව ලැබේවා
නිවන් සුව පතමි.
ඔබ අප හැර ගියත් ඔබේ මතකය බොහෝ සිනමා රසිකයන්ගේ සිත් තුල සදාකාලික සිහිවටනයක් ලෙස රැදෙනු ඇත. බොහෝ සැන්දෑයාමයන්වල නුවර බේක්හවුසියේ ඉහළ මාලයේ මධුව්තක් සමග මා හා දොඩමළුවූ සහෘදය ඔබට නිවන් සුව…!
ඇඟට නොදැනී රඟාපු විශිෂ්ට රංගධරයෙක්. ඉතාම නිහතමානී මහත්මයෙක්. ඔබතුමාට නිවන්සුව ලැබේවා.
අමා මහ නිවන්සුව ලැබේවා.
සරල ජිවිතයක් ගතකල ජනප්‍රිය ප්‍රියතම කලාකරුවෙක්.
කනගාටුඩායක පුවතක්. කවදා හරි ඉතින් අපිට මෙලොවින් සමු ගන්නට වෙනව. එය අප කාහටත් උරුමයි. ඔබ අප පිනවූ ඩක්ශ කලා කාරයෙක්. ඔබට නිවන් සුව ප්‍රර්තනා කරමි.