(යොහාන් භාසුර)
ආනයනය තහනම් කර ඇති ආහාර ද්‍රව්‍ය නීති විරෝධීව මෙරටට ආනයනය කිරීම නැවැත්වීමට නොහැකි නම් එම තහනම් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් එසේ නොවුණ හොත් ජනතාවට තව දුරටත් වැඩි මිලට ආනයනික ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවන බවත් අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවග්ගේ සංගමයේ උපදේශක පැරකුම් අබේසේකර මහතා පැවසීය.
දේශිය නිෂ්පාදනය වැඩි කිරීමට යැයි පවසමින් 2019 වසරේ නොවැම්බර් මස ඉන්දියාවෙන් මුංඇට, කහ, උඳු සහ කව්පි ආදි ආහාර ද්‍රව්‍ය කීපයක් ආනයනය අත්හිටුවූ බව කී පැරකුම් අබේසේකර මහතා එය එසේ වුවද නීති විරෝධීව එම ආහාර ද්‍රව්‍ය ටොන් ගණනනින් රට තුළට පැමිණීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වන බව ද සඳහන් කළේය.
මෙරට වෙළෙඳපොල තුළ මේ වන විට ඇති මුංඇට, කහ, උඳු සහ කව්පි ආදි අහාර ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් මෙරට නිෂ්පාදනය කළ ඒවා නොවන බවත් උත්සව සමයට අවශ්‍ය මුංඇට මිල අහස උසට ගොස් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් වෙළඳපොළ නැතුව කර්මාන්ත දියුණු කරන්න බැහැ.
මේ මිනිස්සු තමයි රටේ දියුණුවට කටයුතු කරන්නෙ කියලා කියන්න පුළුවන් ඇත්තටම ගෝටාගේ කටයුතු අබමල් රේණුවක තරමට වත් වැඩක් නැහැ කියන්න පුළුවන් වුනත් මේ වනවිට ලංකාවෙ කහ වගාව සාර්ථකයි කියන්න පුළුවන් සිරිමාවෝ මැතිණිය ආණ්ඩුව කරද්දී රතුලූනු ආනයනය තහනම් කලා දැන් එහි සාර්තකත්වය පේනවා ඇත්තටම කරන්න ඕන හොරට ගේනවා කියන දේවල් රාජසංතක කර රෝහල් ආදියට දෙන්න ඕන වැඩිපුර තිබේනම් වෙන්දේසියේ විකුණා රජයට ආදායම් ගන්න ඕන කොහොම වුනත් දැනට පනවා ඇති තහනම් කිරීම් ඉදිරියටත් පවත්වා ගතහොත් ඉතාමත් හොදයි.
පගාවක් දුන්නොත් ඕන තහනම් දෙයක් ගෙනෙන්න පුලුවං.