IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ගුවනේ නමක් තබා නියමු පියා ගුවනට සමු දෙයි

(ටී.කේ.ජී.කපිල)

වසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට අද (31) දින දහවල් පියවර ගෙන තිබුණි .

ඔහු තම අවසන් පියාසැරිය සදහා තම පුත් රහල් කුමාරසිංහ මහතා සහායක ගුවන් නියමුවා ලෙස සහභාගී කර ගෙන තිබීම විශේෂත්වයකි .

ඔවුන් විසින් ඉන්දියාවේ මදුරෙයි නුවර සිට අද දින දහවල් 11.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 138 දරන ගුවන් යානය , සිය අවසන් පියාසැරිය ලෙස  පදවා ගෙන පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය පිළිගැනීම සදහා ගුවන් තොටුපළ ධාවන පථයේ දී " ජල ආචාරයක් " පවත්වා පිළිගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙන්ම කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් ද පියවර ගෙන තිබුණි .

1979 වසරේ දී සහකාර මෙහෙයුම් නිලධාරීවරයකු සේවයට එක් වී ඇති උත්පල කුමාරසිංහ මහතා වසර 44 ක සේවා කාළයකින් පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වශයෙන් සේවයෙන් සමු ගැනීම සිදු කෙරුණි .

 



අදහස් (3)

ගුවනේ නමක් තබා නියමු පියා ගුවනට සමු දෙයි

Sumith Saturday, 01 April 2023 01:16 AM

ෆ්ලයිට් එක ක්‍රෑෂ් වෙන්න ගිහින් ඔබතුමා අපිව බේරාගත්තා. ඔබට පින්..!

:       1       10

Chandana Ekanayake Sunday, 02 April 2023 03:27 AM

ඔබට නිදුක්, නිරෝගි, සතුට සපිරි වාසනාවන්ත විශ්‍රාම දිවියක් පතමි...

:       0       14

Nandana Monday, 03 April 2023 05:43 PM

ස්තුතියි සර්...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16749 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site