(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් එකසිය විසි දෙදෙනකු එම විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 24ක පමණ මුදලක් ( 2022 දෙසැම්බර් 31 වනවිට) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
අධ්‍යයන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩකිරීම හේතුවෙන් ඔවුන්ගෙන් මෙම මුදල අයවිය යුතු බවද එම වාර්තාවේ දැක්වේ.
අධ්‍යන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩ කිරීමේ තත්වය ඉදිරියේදී වැළැක්වෙන ආකාරයෙන් කටයුතු කළ යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එම විශ්වවිද්‍යාල බලධාරීන්ට පසුගියදා නිර්දේශ කළේය.
මේ තත්වය මේ දක්වාම නිවැරදිවී නැතැයිද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ
මේ අතර විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පනස් නව දෙනකු සඳහා අන්තර් පර්යේෂණ වාර්තාවක් හෝ අවසාන පර්යේෂණ වාර්තාවක් හෝ ගැනීමකින් තොරව පර්යේෂණ දීමනා ලෙස රුපියල් අට කෝටි තිස් හත් ලක්ෂයක මුදලක් ගෙවා ඇතැයි එම විගණන කාර්යාලය පවසයි.
පර්යේෂණ කළමනාකරණ කමිටු අනුමැතියකින් තොරවඑම පිරිසට මෙම පර්යේෂණ දීමනා ගෙවා ඇතැයි පැවසෙන්නේ 2014 වර්ෂයේ නොවැම්බර් 1 වැනිදා සිට 2022 වර්ෂයේ අගෝස්තු 31 වැනිදා දක්වා
කාලයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන හැටි ගැන ලොරි ටෝක් දෙන එවුන් තමයි ඔය.
මෙය අළුත් පුවතක් නොවේ. මා දන්නා තරමින් කලක පටන් ඔවුන් බොහොමයක් රට ගිහින් නවතිනවා. අත්සන් තබන පොරොන්දු පත්‍රය ඉරා දමනවා. ඒවා සකස් කර ඇත්තේ පහසුවෙන් පොරොන්දු කඩ කිරීමට හැකිවන පරිදිය. ඒ සදහා පාලක පක්ෂයේ පූර්ණ අනුග්‍රහය ඇත. අඩුතරමින් දැන්වත් රජය මේ ගැන මැදිහත් වී නිසි පියවර ගත යුතුය.
ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබා ඕස්ට්‍රේලියාවට පැනගෙන ආතමාර්ථකාමී ලෙස බොහෝ මුදල් හරිහම්බ කරගත් අය බොහෝ ඇත. ඒ අයගෙන් යම් මුදලක් අයකරගන්න ක්‍රමවේදයක් සකසන්න. සිඩ්නි නුවර බෝකම්හිල් ප්‍රදේශයේ මෙලෙස පැමිණි බොහෝ පිරිස් වාසය කරති. අධික විශ්‍රාම වැටුප් ලබන මොවුන් මහළු වයසේ සිටින බැවින් මෙම මුදල් අයකර ගැනීමේ ක්‍රියාදාමය ඉක්මන් කරන්න.
ඕවා නම් මොනවද ඉතින්. ඔය දේශපාලුවොටික තාමත් ලොකු ලොකු පොලු තියන්නේ.
රට කරන නායකයින්ට උගත්කම. මන්දබුද්දික කම කැපීපෙනකොට. උගතුන්ට මුන්ගෙ ගෙ කනෙන් රිගන එක ලේසියි. මයිනා ගේ මොන්ගල් පුත්තු තුන්දෙනාට. රටේ මුදල් වියදම් කරපු හැටි කට්ටියටාමතකද. එකෙක් අහසේ තරු අල්ලන්නත් ගියා. අන්තිමට මඩ ගාගත්තු එක විතරයි ඉතිරි වුනෙ. තවමත් මීහරක්. රට කරන නඩේ. ජනතාවට සේවයක් කරන්නෙ නැතිව. රටේමුදල් ප්‍රසිද්දියේ හොරෙන් කනවා. මේ උගතුන්. නම් වරදක් කරලා නැහැ. රටින් පැනපු එකමයි හොද. නුගත් නායකයින්ට කොන්ද නමනවට වැඩිය. ආචාර්‍ය උපාදිය නැතිවුනාට. පුටු පෙරලන්න හොදට දන්නවා. අර බේබිලා තුන්දෙනාව ඉන්දවන්න. හිස් පුටුවල. ඒටික වෙයි ලගදීම
ගෙවන්නෙ නැත්නම් නඩුපරවා වරෙන්තු නිකුත් කරන්න. එනකොටම ගුවන් තොටුපොලේ දී අල්ලා ගන්න. එංගලන්තෙ ඇමෙරිකාවේ මෙන් අපත් උසස් අධ්‍යාපනය සඳහා ගාස්තු අය කළ යුතුය.
සිස්ටම් චේන්ජ් කරන්න දඟලන්නේ මේ අයද? ලැජ්ජාවක් නැහැ...
උපාධිය ලබනතෙක් නිදහස් අධ්‍යාපනය දෙනවා, ඉන් පස්සේ රැකියාවක් දෙනවා උසස්වීම් ගන්න පාඨමාලා ගාස්තුව රජයෙන්ම දෙනවා... අන්තිමට විදේශීය පුරවැසියකු ලෙසට ලියාපදිංචි වෙලා රැකියා සඳහා විදෙස් ගතවෙනවා අහිංසක ජනතාව ගෙවන බදු මුදල් නාස්ති වෙනවා බලන්න කෙනෙක් නැහැ.. අයකරන්න ක්‍රමයක් නැහැ.. මෙහෙම කටයුතු කළ නිසා තමයි අවුරුදු 75ක් රට ආපස්සට ගියේ කියන්න පුළුවන්... ඉතින් දේශපාලුවෝ පමණක් නොවෙයි, ආණ්ඩු පෙරළීමට දඟලන වෘත්තීය සමිති කාරයෝත් මේ සඳහා සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි
අපි ඔක්කොම එකතුව ඔක්කොම හොරුවෙමු... තුන් සිංහලයම නෑදෑයෝ...
රට ගිහින් නැවතීම වරදක් යයි සිතන්න අමාරුයි. ඒකට හේතුව මේ රටේ ජීවත්වීමට තියෙන හොඳකම තමයි. කවුරුත් පහසුවෙන් ජීවත්වීමට කැමැතියි. මෙතන කරඇති වරද තමයි තමන්ට රජයෙන් වියදම් කළ මුදලට පොලු තැබීම. කවුරු රටින් පිටවුණත් ගිය අය නැවත නොඑන්නේ නම් වියදම ආපසු අයකර ගැනීමට පැහැදිලි වැඩපිළිවෙලක් ඔවුන් මේ රටින් පිටවීමට ප්‍රථම සකසා ගැනීම බලධාරීන්ගේ වගකීමකි.
රට ගියපු අයවලුන්ට එම රටෙහි පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් පොලිස් නිෂ්කාශණ වාර්තාව අවශ්‍ය වේ. රජයේ මුදල් වියදම් කර ගිවිසුම් කඩකර ඇත්නම් පොලිස් නිෂ්කාශණ වාර්තාව නිකුත් නොකරන්න. අදාල අයවලුන්ගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන්න.
ඔවුන්ට දඬුවම් කිරීමට යාන්ත්‍රණයක් හඳුන්වා දෙන්න.
සිල්ගත්තු අය වගේ කතාව...
ආ.. මේ ඇදුරෝ කියන වචනයනේ.., ඒ අය ඕවාට දක්ෂයි.