
(ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ)
බදුල්ල ඌව මහ විදුහල සහ ධර්මදුත මහ විදුහල අතර පැවති ක්‍රිකට් තරගය අතර පැවති වාහන පෙලපාලියක කැබ් රථයක් පෙරලීමෙන් එහි ගමන් කළ සිසුන් දෙදෙනකු මියගොස් තවත් හත් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි බදුල්ල පොලිසිය කියයි
තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.
ක්‍රිකට් තරගය පවතින අතරතුර ක්‍රීඩාංගනය වටා රථ පෙළපාලිය ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.
බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා විහින් කරගන්න දේවල් නිසා දුක්වෙන්න දෙයක් නෑ.
විනයක් නැති වුණාට හොඳ පාඩම්
ෙමේ දුෂ්කර කාලයේ පිටරටවල වසන බොහෝ අය ලංකාවේ පාසල්වලට හැකි පමණින් පාසල් ලිපිද්‍රව්‍ය කොම්පියුටර් වැනි දේ සහ මූල්‍ය ආධාර ලබාදීමට සද්භාවයෙන් පෙළ ගැසේ. මෙවන් නිස්සාර වැඩ කරන කාලකන්නින්ගෙන් පිරුනු පාසල්වලට කිසිවෙක් ආධාර නොකල යුතු වන අතර මෙවන් සමාජ සහ පරිසර විරෝධී ක්‍රියා වලට අනුබල දෙන විදුහල්පතිවරුන් පන්නාදැමිය යුතුය. මෙවන් හරසුන් ක්‍රියා වලට තම ධනය, ශ්‍රමය සහ කාලය වැයකරන ලමයි වැඩිහිටියන් වූ පසු රටක ජීවත් වන ක්‍රමය සිතාගන්න පුළුවන් නේද?
බදුල්ලෙ කොටකලිසං ඇඳන් වැඩ කරන පාලිත දොස්තර මහත්තයා මොකෝ පේන්න නැත්තෙ.
මෙයින් එක් ළමයෙක් තමන්ගේ පියා සමග ටියුෂන් පංතියට ගියා කියලා කියැවෙනවා... පියා ගියාම පන්ති කට්කර දෙමාපියන් රවටා තමයි මැරෙන්න ගිහිල්ලා තියෙනවා කියලා කියැවෙනවා.
රට හරක් නැතිවුණාට කමක් නැහැ. අහිංසක දෙමාපියන් පව්.
මේ රට නැති වුනේ ඔය පුහු වැඩ නිසයි.
පොඩි දරුවෝ, බෝල ගැහිල්ලේ උමතුවක්...!
මේවගේ අනතුරුදායක විදියට ළමයි වාහනවල යනකොට ඔය විදුහල්වල ගුරුවරු, විදුහල්පතිලා මොකද කෙරුවේ..? මුලින් ළමයින්ට අවවාද දීලා ඉන්න ඕනේ, බිග් මැච් කාලෙට සාමාන්‍ය මිනිස්සුන්ට පාරේ යන්න බැරිතරම්.. පාර බදුඅරන්. දෙමව්පියන් පව්. විනයක් නැති විදුහල්, විදුහල්පති, ගුරුවරු මේවාට වග කියන්න ඕනේ. ළමයි පාසලට ආවට පස්සේ ළමයි රැකගැනීම අදාල අයගේ වගකීමක්...