
(යොහාන් භාසුර)
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මාර්තු මස සමස්ත උද්ධමනය සියයට 50.3 ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.
මාර්තු මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 47.6 ක් දක්වා ද, පහත වැටී ඇති බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව කියයි.
පෙරවාරි මස සමස්ත උද්ධමනය සියයට 50.6 ක් ද, එම මස ආහාර උද්ධමනය සියයට 54.4 ක් ද, වූ බවත් ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 50 ට අඩු ප්‍රතිශතයකට පත්ව ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසුව බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
පෙරවාරි මස සියයට 48.8 ක්ව පැවැති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 51.7 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් නිවාස, ජල, විදුලි සහ ගෑස් උප කාණ්ඩයේ උද්ධමනය සියයට 24.3 සිට සියයට 42.3 ක් දක්වා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවත් ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයිවේ බස් වලට ඩිසල් ගහන්නෙ පරන මිලටමද ? ඒකද බස් ගාස්තු අඩු කරල නැත්තෙ ?