
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයා බැලීම වෙනුවෙන් පසු විපරම් කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කොට ඇත.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු විද්වත්හු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.
ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව කටයුතු කරන ආකාරය ගැන යෝජනාවක් ද කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඉදිරියේදී මීට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතය.
අදාළ කමිටුව විසින් අයි.එම්.එෆ් ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිතර පසු විපරමක් කළ යුතු අතර බදු ප්‍රතිපත්ති, බදු ප්‍රතිශතයන් වෙනස්වීම්, වක්‍ර බදු අඩු කරමින් සෘජු බදු ඉහළ නැංවීම ආදිය ගැන නිරන්තයෙන් සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුවේ.
ඊට අමතරව අයි.එම්.එෆ් කොන්දේසි ක්‍රියාත්මක කිරීම ගැනද මෙම කමිටුව විසින් සොයා බැලිය යුතුය.
දුෂණ මර්දන පනත වැනි අණ පනත් ගැන ද සොයා බලමින් මාසකට වරක් මෙම කමිටුව විසින් ඇමති මණ්ඩලය දැනුම්වත් කළ යුතු බවද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුව වෙත දුන් උපදෙස්වල සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් එළවමු.
උත්දමනයක් තිබෙද්දීම IMF ඉල්ලීම මත වුර්තික්යන්ට අදික බදු ගැසීම නිසා ඔවුන් රට හැර යාම එකක් , අනුරපුර රෝහලේ වාට්ටුවක් වැසීයාම එකේ එක පර්තිපලයක් , රනිල් ට රාජපක්ෂලාට IMF එකට සුබපැතුම් ,හොඳටම කරා කියන්නේ ඕකට.
දැන් ජේ.ආර්. කෝළම වැහිලා තියෙන්නේ.
සාගල රත්නායක විද්වතෙක් වුනේ කවදා ඉඳලද?