
(උපුල් හේරත්)
"රට හැර ගිය බොහෝ වෛද්‍යවරුන් සමාජ මාධ්‍යජාල ඔස්සේ රට පෙරලන්න උත්සාහ දරපු කයිවාරුකාරයන් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවැසීය.
මහා ලොකුට සමාජවාදය ගැන කතා කළාට, මේ අසීරු අවස්ථාවේ රට ගැන මොහොතකටවත් නොසිතා වෛද්‍ය සිසුන් අමාරුවේ දැම්මා යැයි ද ඔහු පැවැසීය.
වෛද්‍යවරුන්ට පනවා තිබූ අධික බදු බර දරාගන්න බැරිව වෛද්‍යවරුන් රට හැර යාම බරපතළ ප්‍රශ්නයක් බව අපි දිගින් දිගටම කීවා .
ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයවත් රජයවත් අවදානයක් යොමු කළේ නැහැ .එහි පළවෙනි ප්‍රතිඵලය හැටියට අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයේ 63 වාට්ටුව වසා දැම්මා .අනුරාධපුර රෝහලේන් පටන් ගත්තට මුළු රට පුරාම මේ තත්ත්වය උද්ගත විය හැකියි .
වෛද්‍ය විද්‍යාවේ ඇතැම් උපක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවටම ඉන්නේ එක්කෙනකු හෝ දෙන්නකු පමණයි. ඔවුන් රට හැර ගියොත් ඔවුන් ගෙන් ඉටුවන සේවාවන් වන ශෛල්‍යකර්ම හෝ ප්‍රතිකාර ලබා ගැනීමට අපට ඩොලර් අවශ්‍යයි .මෙම ගැටලුව නිමක් නොමැති විෂම චක්‍රය බවට පරිවර්තනය වෙන්න පුළුවන් .
ඒ නිසා ,ඉංජිනේරුවන් ,වෛද්‍යවරුන් ,ගණකාධිකාරිවරුන් යන වෘත්තිකයන්ගේන් අය කෙරෙන බදු ගැන රජය වහාම පියවර ගත යුතුයි .
එසේ නොවුණොත් තවත් මාස 6 කින් සෞඛ්‍ය සේවය කඩා වැටෙන්න පුළුවන් . අපි දන්නවා වත්මන් රජය මෙහෙ වන්නේ විජාතික මතවාදයි. එහි ප්‍රතිඵලයක් හැටියට අපිට පේනවා වෛද්‍යවරුන් ,විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් විදෙස් ගත වෙන බව .මේ ප්‍රවණතාවයේ නවත්වා ගන්න රජය ප්‍රමාණවත් සාධනීය මැදිහත් වීමක් සිදු විය යුතුයි .
අනුරාධපුරයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාථ දෙවියන්ට ෂේප් එකක් දාලා මොනාහරි කරගන්න බැරි වෙයි ද සෑර්?
රට නෙමෙයි පෙරළන්න හැදුවේ .. රටම හොරා කෑ දූෂිත ආණ්ඩුවයි.වංචාවට,හොරකමට, දුෂණයට එරෙහිව ක්‍රියාකල අය එහෙනම් ඔබ කියන හැටියට කයිවාරු කාරයන්.දූෂිත පවුල් පාලනයේ කොටස් කරුවන් වන ඔබ වැන්නන් වීරයෝ.අනේ .. අම්මපා,මේ කියන්නේ කටින් නම් වෙන්න බැහැ.වෙනත් කටකින් මිසක් ..
තොපිට හොර කන්නයි ඒ මිනිස්සු දුක් විදින්නයි කොහේ තියන නීතියකද පිස්සෝ ඒක.
තමුසෙල වගේ පක්ස දේශපාලනයට හොරකමට වංචාවට වහල් නොවන මිනිසුන්ට රට හැර යාම විකල්පයක්. රට හදන්න ඒ මිනිස්සු සමාජ ජාලා තුලින් හෝ උත්සාහ කර තිබීම අගයකලයුතු කාරනයක්. දේසපාලකයො, ඔවුන්ගේ වන්දි බට්ටයින්, ඉන් ප්‍රයෝජන ගන්න දූශිත ඉහල රාජ්‍ය නිලදාරීන් මේ රට හදන්න ඉඩ නොදේ.
අරගලයේ සංවිධායකයින් සොයා , ඔවුන්ට ලංකාවෙන් පිටත් වීමට කටයුතු සැලසුම් කිරීම , රජයේම උපායන් සහ සැලසුම් බව ආරංචි මාර්ග සඳහන් කරයි !
අද ඊයෙ නෙවෙය් මීට දශක ගනනාවක ඉදල වෘර්තිකයන් රට හැර යාම නිසා තමය් රට අද තියන තත්වෙට පත්වෙලා තියෙන්ෙන. අද රට හැර යන අයගේ බල පෑම එන්ෙන තව අවුරැදු 5කින් 10 කින්.