
(කේ බුද්ධික කුමාරසිරි)
කැළණි ගගේ නවගමුව මාපිටිගම පාලම අසල දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අතුරින් තිදෙනෙකු සැඩ පහරට ගසා ගෙන ගොස් අතුරැදහන් ව සිටි එක් අයෙකුගේ සිරැර නාවික හමුදා කිමිදුම් ඒකකය මගින් අද (01) දින උදෑසන සොයා ගත් බව නවගමුව පොලිසිය පවසයි
කඩුවෙල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන මෙම තරැණයින් සිව් දෙනා ඊයේ (31) සවස ගගේ නාමින් සිටියදී එක් අයෙකු සැඩ පහරට හසුව ගසාගෙන යනු දැක තවත් තරැණයින් දෙදෙනෙක් ඔහු බේරා ගැනීමට යාමේදී එම තරැණයින් තිදෙනාම ගගේ ගිලීමට ගොස් ඇති බවත් ඒ අසල සිටි ප්‍රදේශවාසියෙක් එම සිද්ධිය දැක තරැණයින් දෙදෙනෛකු බේරා ගැනීමට සමත්ව ඇති බවත් නවගමුව පොලිසිය පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ නුවර හබරගල ප්‍රදේශයේ පදිංචිව සිටි ජනිත් මහේන්ද්‍ර නැමැති 21 හැවිරිදි තරැණයෙකි
නවගමුව පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කණගාටු දායකයි කියන්න. තරුණ පරපුර නිරපරාදේ ජීවිත විනාශ කරගන්නවා. නොදන්නා දේවල් කරන්න ගිහින් එහෙම නැතිනම් අවවාද සහ අනතුරු ඇඟවීම් තඹේකට මායිම් නොකිරීමෙන් හෝ නොපිළිගැනීමෙන්. විශේෂයෙන්ම නොදන්නා පළාත්වල ගංගාවල නාන්න පිහිනන්න ගිහිල්ලා. ගංගාවල නෑමට සහ පිහිනීමට සුදුසු නානතොටවල් තියෙනවා. එවැනි තැනකට ගියානම් කිසිම කරදරයක් නැතුව නාගන්නත් ආසාවට පිහිනන්නත් පුළුවන්. ජීවිතේ බේරාගෙන ආයෙත් යහතින් ගෙදර යන්නත් පුළුවන්. පිහිනීම එකතරා විදියක කලාවක්. හරි විදියට ප්‍රගුණ කළ යුතුයි. වතුරට පැනලා අත්දෙක ගහපු ගමන් වතුර ඉදිරියට යන වැයි කියලා සමහර අය හිතාගෙන ඉන්නේ. ගොඩක් අයට වරදින්නේ එතැනයි. අපරාදේ රටකට හුඟක්ම වටින්නේ තරුණ ජීවිත.
නාන්න ගිහින් මැරෙන ජාතියක් හැටියටත් අපි එකටම එයි වගේ. ඔහොම යං. යම් කිසි තැනක ඊයෙ ගිලිලා මළා නං ඒකත් ගිහිංම බලලා, වීඩියොත් කරගෙන, ෂෙයා කරලා කමෙන්ට් කරලා අදත් එතැනම නාන්න යන ජාතියක් වෙන එකත් ලේසි නෑ. කාටවත් ගානකුත් නෑ කොච්චර මළත්. මළ එකාගේ පවුලට විතරයි පාඩුව.
තරුණ මදයයි, මෝඩකමයි ගෙනත් දෙන්නේ තරුණ කොල්ලන්ට මේවා වගේ දේවල් තමයි වෙන්නේ...