(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්‍ෂ 10 ක් කොළඹ වරායට ළගා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

එම බිත්තර තොගය ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිය යුතු බව කී එම නිලධාරියා එම දෙපාර්තමේන්තුව ඉදිරියේදී ඒ සඳහා සාම්පල ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.