(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් (ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයන්) හය දෙනා අතරට තේරීපත්ව සිටියි.
මෙම තරුණ විද්‍යාඥයන් හය දෙනාගෙන් පස් දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර ලාංකික විද්‍යාඥයකු ඒ අතරට තේරී පත්වීම විශේෂත්වයකි.
චන්දිම ජීවන්දර මහතා ලෝකයේ තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට තෝරා ගනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයන්ගේ සංගමය විසිනි.
ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විද්‍යාවේ අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබන විද්‍යාඥයන් ඇගයීම උදෙසා පවත්වනු ලබන ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙලේදී ජීවන්දර මහතා මෙම සම්මානය ලැබීමට නියමිතය.
ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙල ලොව පිළිගත් වෛද්‍ය සම්මාන උළෙලක් වන අතර මෙහිදී සම්මාන ලැබීම සඳහා ලෝකය පුරා විද්‍යාඥයෝ තිස් දෙදෙනෙක් කාණ්ඩ හයක් යටතේ තෝරා ගනු ලැබ සිටිති.
සම්මාන උළෙල ලන්ඩන් නුවරදී අප්‍රේල් මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා කොවිඩ් 19 වයිරසය මෙරට පැතිරීම සම්බන්ධයෙන් පුරෝගාමී පරීක්ෂණ රැසක් සිදු කර ඒ සම්බන්ධයෙන් අලුත් තොරතුරු රැසක් අනාවරණය කරගත් විද්‍යාඥයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපන්බිමේ පිලිගැනීමක් නැතත් ලෝකය සුදුස්සා ඇගයීමට ලක් කරන බව තව දුරටත් තහවුරු වේ.
එහෙනම් ලඟදිම ඒහේ පදිංචියට යයි.
ලොකු දෙයක් නෑ. අප්ලිකේෂන් 4ක් පමණයි.
ලංකාවෙ තවත් විද්‍යාඥයන් ඉන්නව ලෝකෙ සම්මන ලබන. නමුත් මාධ්‍ය මගින් ප්‍රචාරය ලබා දෙන්නෙ වෛද්‍ය ක්ෂෙත්‍රයේ අයට පමණයි. උදාහරණ වෙනුවට මෑතකදි ලෝකෙ සම්මන ලැබුනු විද්‍යාඟයන් කීපදෙනෙක් හිටිය. වෛද්‍ය, ඉංජිනෙරු, කෘෂිකර්ම ආදී ක්ෂේත්‍ර කීපයක. නමුත් ප්‍රවෘතියේ මාතෘකාවෙන්ම තිබ්බෙ වෛද්‍ය ක්ෂෙත්‍රයේ අය ගැන පමණැයි. එහෙම දැම්මම සාමාන්‍ය ජනතාව සිතන්නේ වෛද්‍යවරු පමණයයි රටේ වැඩ කරන්නෙ කියල. එ නිසා ප්‍රවෘති දානකොටම සැමට සමානව දාන්න කාරුණික වන්න
ලංකා පුත්‍රයාට ගවෘරවය, සුභාෂිංශනය.
කෝවිඩ් 19 කාලයේ නිතරම වාගේ ප්‍රජාව දැනුවත් කළ විශේෂඥයෙක්... තවතවත් ඉහළින් සම්මාන ලැබීමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..
ඔබ අපේ රටට සම්පතක් සහ රටට ආඩම්බරයක්... අපේ ප්‍රණාමය..!