
(යොහාන් භාසුර)
ඉන්ධන සැපයුම අද (30) දිනයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ඊයේ පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ යැයි පැවසුව ද සේවකයන් වැඩි සංඛ්‍යාවක් සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරතව සිටින බව කී එම උසස් නිලධාරියා කොළොන්නාව තෙල් පර්යන්තයෙන් පමණක් අද දිනයේ බවුසර් 200 කට ආසන්න සංඛ්‍යාවක් පිටත්කර හැරි බව ද සඳහන් කළේය.
රටපුරාම ඉන්ධන තොග බෙදාහැරීම නිසා ඊයේ දිනයේ කිසිඳු ස්ථානයක පෝලිම් හෝ ඉන්ධන හිඟයක් වාර්තා නොවූ බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සියලු පරිශ්‍රයන් ඊයේ දිනයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම වැඩේ ඔය සමිති කාරයින්ට... පුද්ගලික අංශයේ මිනිස්සු මැරිලා වැඩ... මේ අයව නඩත්තු කරන්න.