( තිලකරත්න දිසානායක)
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් තම්මිට පදිංචිව සිටි 57 හැවිරිදි කාන්තාවකට,ඥාති පුත්‍රයෙකු විසින් පිහි පහරක් එල්ල කිරීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ ලියනගේ මේරි ස්වර්ණා නමැති තිදරු මවකි.
ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (29) සවස පිහි ඇනුම සිදුව ඇති බවත් ඉන් තුවාල ලැබූ කාන්තාව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවත් පොලීසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ඥාති පුත්‍රයෙකු වන 43 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත අපරාධ විමර්ශන අංශාධිපති පොලිස් පරීක්ෂක මාලින්ද කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙන අතර සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඥාති පුතාගේ පිහි පාරින් පුංචි අම්මා මරුට
Bunny Preena Thursday, 30 March 2023 12:15 PM
ඉඩකඩම්වලට මොකට මරා ගන්නවද මන්දාදා . වතුයායවල් ඉඩකඩම් කොච්චර ගොඩක් තිබුනත් අන්තිමට යන්ට වෙන්නෙ හතර රියනක තමයි.
cw Thursday, 30 March 2023 04:24 PM
AKD ගෙ පුංචි අම්මා නෙවෙයිනේ ද?
amila"gmail.com Friday, 31 March 2023 12:03 AM
ඔය ගෑනි මැරෙන්න ඇත්තේ ඉඩම නිසා නොවේ... කට නිසා. දැන් ගෙදර වටේ ගෙවල් වලට කනක් ඇහිලා ඉන්න පුළුවන් ඇති...