IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්දියාවෙන් ගෙනා බිත්තර තොගය බේකිරි හිමියන්ට

( ප්‍රසංග පෙරේරා)

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය කෙළවරපිටිය ස්පෙට් ආර් ගබඩා සංකීර්ණයේදී අද (30)  වෙළද පොළට නිකුත් කරනු ලැබීය.

මෙරට බේකරි නිෂ්පාදකයින් අතර මෙම බිත්තර තොගය බෙදාහැරීම සිදු කළ අතර සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මෙලෙස බිත්තර ලක්ෂ 10 ක් එකක් රුපියල්  35/= ක මිලකට බේකරි හිමියන්ට ලබා දුන් බවයි.

ඉන්දියාවේ සිට ගෙන්වු මෙම බිත්තර තොගය මෙරට අදාළ සියළුම රජයේ ආයතන වල අනුමැතියන් ට යටත්ව ගෙනවා තිබෙන බවද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

බෙකරි හිමියන් හට අලවිකරණු ලැබූ මෙම බිත්තර වල නිශ්පාදිත දිනය ලෙස බිත්තරයේ 2023/03/18 දිනය සටහන්ව තිබු අතර එහි කල් ඉකුත් වන දිනය ලෙස 2023/06/15 දිනය සටහන්ව තිබිණි. දැන් ශ්‍රි ලංකාවේ බිත්තර නිශ්පාදකයින්ද තරගකාරී මිලකට බිත්තර අලෙවි කිරීම ආරම්භ කළ යුතු බව පැවසූ සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති වරයා ඉදිරියේදී මෙරට බේකරි, හොටල් හා ආපන ශාලා වලට බිත්තර ආනයනය කරන බවද ප්‍රකාශ කර සිටියහ.

 ඒ අනුව ඉදිරියේදී බේකරි නිශ්පාදන වල මිල අඩු කිරීමේ හැකියාව ඇති බවද ඒ මහතා පැවසීය. පාරිභොගිකයින් වෙනුවෙන් මෙලෙස කටයුතු කල වෙළද හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් ට ස්තූති පුද කර සිටින බවද එන්. කේ. ජයවර්ධන මහතා සදහන් කළහ.

 

 

 

 

 

 

 



අදහස් (4)

ඉන්දියාවෙන් ගෙනා බිත්තර තොගය බේකිරි හිමියන්ට

දිමුත් Thursday, 30 March 2023 02:25 PM

ඉන්දියාවෙන් 16ට ගෙනල්ලාද අපිට 35ට දෙන්නේ? යසයි වැඩේ.

:       10       6

don saman Thursday, 30 March 2023 07:09 PM

මොනවා කළත් සෑහීමකට පත් නොවන එකම ජාතිය සිංහලයින්... මොවුන් ඉල්ලන්නේ නිකන් පිනට වෙන්න ඇති...

:       0       0

nihal Friday, 31 March 2023 02:23 AM

ටයි, කෝට් දාගෙන මේ වගේ වැඩ කරන්න එපා...

:       0       0

පුරවැසියෙක්.... Friday, 31 March 2023 10:04 AM

රට සහ ජනතාව අපහසුතාවයට පත්ව සිටින මොහොතක බොර දියේ මාළු බාගන්න මාන බලන කුකුල් කොටු කාරයින් මට්ටු කිරීම පිණිස මෙවන් ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව රජයට ස්තූතියි. බිත්තර පාලන මිල සම්බන්ධයෙන්ද වැටලීම් දැඩිකළ යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site