IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ත්‍රී වීල් ගාස්තු අඩු කරන්න බෑ

(රංජන් කස්තුරි)

ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රමාණය මත කිසිසේත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුකළ නොහැකි යැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමය සඳහන් කරයි.

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60න් අඩුකර ඇති නිසා ත්‍රිරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 10කින් පහත දමන්නැයි ඇතැම් පිරිස් කරන ඉල්ලීම කිසිසේත් පිළිගත නොහැකි බද සමස්ත ලංකා ත්‍රි රෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති මෙරිල් දිසානායක මහතා පැවසීය.

ත්‍රිරෝද රථයක් පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමිටර 20ක් පමණ වන අතර පෙට්‍රල් ලීටරයකට රුපියල් 60ක් අඩුකිරීම නිසා කිලෝමීටරයකින් අඩු කළ හැක්කේ රුපියල් 3ක මුදලකැයිද දිසානායක මහතා කීය.

ටයර් මිල, නඩත්තු වියදම් හා පාරිභෝගික භාණ්ඩවල අධික මිල නිසාත් ත්‍රිරෝද රථවලින් ගමන් යෑම ජනතාව බොහෝ සේ සීමාකර ඇති නිසාත් මේ වන විට කර්මාන්තය කඩා වැටී ඇතැයිද දිසානායක මහතා කිවේය.

පෙට්‍රල් මිල අඩුවීම මත කිලෝමිටරයකින් රුපියල් 3 සහනයක් ත්‍රිරෝද හිමියාට ලැබුණු නමුත් අනෙකුත් අධික වියදම් සමඟ සසඳන කළ එය සොච්චමකැයිද ඔහු පැවසීය.

එම නිසා ත්‍රීරෝද රථ ගාස්තු කිසිසේත් අඩුකළ නොහැකි බවද මෙරිල් දිසානායක මහතා කීය



අදහස් (10)

ත්‍රී වීල් ගාස්තු අඩු කරන්න බෑ

thushara Thursday, 30 March 2023 04:34 PM

ආ කමක් නෑ .. අපි පික්මී යන්නම්

:       0       67

pakeer Thursday, 30 March 2023 04:54 PM

ආයේ අඩු කරත් උඹලාගේ ත්‍රී වීල් වල යන්නේ නැහැ .uber pickme තියනකම්

:       0       0

Lalla Thursday, 30 March 2023 05:20 PM

ඒකත් ඉවරකරගන්න හදන්නේ. මිල අඩුවීම අත්‍යාවශ්‍යයි.

:       0       0

ruwan Thursday, 30 March 2023 05:28 PM

අර 225ට අමතරව මේ ඉන්නෙත් එක විදිහකින් හොරාකන අය තමයි.

:       0       0

ranjith Thursday, 30 March 2023 05:52 PM

ත්‍රී වීල්වල යෑම නතර කරමු... අසාධාරණ ගාස්තු නිසා...

:       0       0

Mr Don Thursday, 30 March 2023 07:22 PM

පික්මී එක නම් හොඳයි.

:       0       0

TP Thursday, 30 March 2023 10:26 PM

එහෙනම් ලීටරෙන් 20ක් යන්න පුළුවන් නම් කිලෝමීටරේට රු17 ගානේ ගත්තා නම් හරි...

:       0       0

dana Thursday, 30 March 2023 11:02 PM

ඔව් ඒක ඇත්ත, අපි කූල් එකේ පික්මී එක්ක යමු. ඔයාලා අඩුකරන්න ඕනේ නැහැ පැටියෝ...

:       0       0

Sawa Friday, 31 March 2023 12:06 AM

මාවනැල්ලේ මීටර් 600 දුරකට 150ක් අයකරනවා. ඇහුව‍ාම කියනවා අඩුම ගාස්තුව 150ක්ලු. ඉතින් හයර් නැතිවෙයි...

:       0       0

Samitha S. Aluthgamage Friday, 31 March 2023 11:56 AM

මිනිසුන් ගැන හිතන, මිනිසුන්ගේ දුක දන්නා කාරුණික ත්‍රී වීලර් කරුවන් පිරිසක් තමන් ගාස්තු අඩු කළබව මාධ්‍යවලට පවසා තිබෙනු දුටුවා. මේ අය මෙසේ කීවත්, ඒ අයට අඩු කරන්නට පුළුවන් වුණේ ඇයි? ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්ෂව ත්‍රී වීලර් ගාස්තු අනිවාර්යයෙන්ම අඩු කළ යුතුයි. එසේ නොකරන අයට දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site