(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

කොළඹ මහ නගර සභාවේ අනියම් කම්කරුවන් දෙදෙනෙකු කොටහේන හෙට්ටියාවත්ත හන්දියේ දී ගලි වළකට ඇද වැටීමෙන්  අද (27) මියගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ 14 ෆර්ගියුසන් පාර පදිංචිව සිටි එල් පි ප්‍රබාශ් 38 හා  කොළඹ 10 මරදාන පදිංචිව සිටි කේ ඩි සම්පත් 28  යන දෙදෙනාය

ඊයේ දහවල්  මියගිය පුද්ගලයන් දෙදෙනා ඇතුළු කම්කරුවන් කීපදෙනකු  හෙට්ටියාවත්‍ත හංදිය ගලි වලක නල පද්ධතිය අලුත්වැඩියා කටයුතු සිදු කරමින්  සිටියදී  එක් අයකු සිහිසුන්ව ගලි වලට වැටී ඇති අතර අවස්ථාවේදී අනෙක් පුද්ගලයා ඔහු බේරා ගැනීම සඳහා උත්සාහ කිරීමේදී ඔහු ද  එයට ඇද වැටී  අනතුර වී ඇතැයි පොලිසිය කියයි. 

වහා ක්‍රියාත්මක වූ සෙසු සේවකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා ගොඩ ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර මද වේලාවක දී මියගොස් ඇත. 

ගලි වළ තුළ විෂ ආඝ්‍රාණය වීමෙන් මෙම මරණ සිදු වී ඇති බවට බොහෝ දුරටත් සැක කරන බව පොලිස් නිලධාරියකු පැවැසීය.

කොටහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි.