(අංජුල මහික වීරරත්න)
ආර්ථික, ආගමික ,සංස්කෘතික ,දේශපාලනික හා ආර්ථික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ ආනන්දීය චරිතයකට ජීවිතයට එක්වරක් පමණක් ලබාදෙන ආනන්දාභිමානී සම්මානය කතානායක කරූ ජයසූරිය මහතාට ලබා දීමට කොළඹ ආනන්ද විද්‍යාලය තීරණය කර තිබෙි.
ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් කරූ ජයසූරිය මහතාට මෙම සම්මානය පිරිනැමෙයි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ 2020 සහ 2021 වර්ෂ සඳහා වන ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (29)පෙරවරු 9ට පැවැත්වෙි.
ආනන්ද විද්‍යාලයේ කලමනාකාරණ මණ්ඩලයේ තීරණයකට අනුව කරූ ජයසූරිය මහතාට මෙම සම්මානය පිරිනමයි.
කරූ ජයසූරිය මහතා මීට ඉහතදී ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොලොත් නොකර උන්නා නම් ගෝටට ඕක ගන්න තිබුනානේ ?
කරූ මොකද සම්මාන එකතු කරන්නෙ. හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි සම්මාන ගන්න පිස්සුව.
හොඳ මහත්මයෙක්. නමුත් පාර්ලිමේන්තුවෙදී මිරිස් ගහපු ඒවා, පිහි ගෙනාපු ඒව, මයික් කඩපු ඒවා. කථානයක පුටුව පොලෝ ගහපු ඒවට කිසිම ඇක්ෂන් එකක් නොගෙන ශේප් කලා
එතුමට හම්බවෙන්න ඔනෙ ඉන්දියානු අභිමානයයි. ලන්කාවෙ හොදම ශෙඩ් ටික IOC එකට දුන්නට.
සම්මාන ටික රාක්කෙක අහුරලා ඒ ටික දිහා බලාගෙන ඉඳලා හරි යන්නෙ මහත්තයෝ.ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව කටයුතු කරන ඔහේගෙ ගජ මිතුරට විරුද්ධව ජනතාව එක්ක හිටගන්න.හැංගිලා ඉඳලා බොරු ෂෝ නොදා
මිලියන 22ක් ජනගහනය ඉන්න රටක සම්මාන ගන්නේම ලොකු ලොකු පවුල් වල අය. ඒක පත්තරෙත් දා ගන්නවා. අනේ දෙවියනේ, මේ රට හැදෙන්නේ කවදාද ?
ඔය සම්මාන පෙන්නල යම රජ්ජුරැවන්ගෙන් නම් ෂේප් වෙන්න බැරිවෙව්.
ගුනත් නැත අගුනත් නැත, වැඩකුත් නැත
නිවන් සුව
මෙතුමාට ජනාධිපති කම ලැබුන නම් රට මීට වඩා ගොඩගන්න තිබුන. මෙතුමා දුෂණ විරෝධී නායකයක්. ව්‍යාපාරිකයෙක්, හොඳ පරිපාලකයෙක්, රනිල් සහ සජිත් නිසා තමයි මෙයා දේශපාලනයන් අයින් වුනේ.