(අංජුල මහික වීරරත්න)
එළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුළු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන් සියයට 50කින් පහළ ගොස් ඇති බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අද(28) දැනුම් දුන්නේය.
වී හා බඩ ඉරිඟු වගාවන් සඳහා රජයේ පොහොර වැඩ සටහන යටතේ රසායනික පොහොර ලබා දුන්නද, අනෙකුත් බෝග සඳහා යොදන පොහොර නොමැතිවීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි කර තිබිණි.
එම කාරණය සැලකිල්ලට ගනිමින් වී හා බඩඉරිඟු හැර අනෙකුත් බෝග සඳහා භාවිතා කළ හැකි මිශ්‍ර පොහොරක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයේ පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන්ට උපදෙස් දුන්නේය.
ඒ අනුව දැනට වෙළෙද පොලේ අලෙවි කෙරෙන මිශ්‍ර පොහොර මිල ගණන්වලට වඩා විශාල අඩු මුදලකට ගුණාත්මක බවින් ඉහළ නව මිශ්‍ර පොහොර වර්ග කිහිපයක් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම විසින් හඳුන්වා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම හේතුව නිසා වෙළෙද පොලේ මිශ්‍ර පොහොර මිල සියයට 50කින් පහළ ගොස් ඇතැයි අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එලවළු, පොල්, තේ , කුරුඳු පොහොර මිල පහළට
de silva Tuesday, 28 March 2023 01:49 PM
වගාවන් වලට පොහොර දමන්න ඉස්සරවෙලා පස් සාම්පල් පරික්ශාකර අවශ්‍ය ප්‍රමානයට සංගටක මිශ්‍ර කර පසට යෙදීම මගින් , හොන්ද අස්වැන්නක් ලබාගැනිම, පොහොරවලට යන විශාල මුදලක් ඉතුරු කරගනිම සහ පරිසරය ආරක්ශාවිමද සිද වෙනව, ගොවිජන සේා මද්‍යස්තානවල සිටින කෘෂි නිලධාරින් මෙ ගැන හොදින් දන්න නමුත් මෙවනි වියාපෘති ක්‍රියත්මක කරන්න ඔවුන්ට කිසිම අවශ්යතාවයක් නැහැ, විශල නිලදාරින් ප්‍රමානයක් නිකරුනේ කාලය ගත කරනව,
Bamunuarachchi Tuesday, 28 March 2023 03:52 PM
ජෙප්පන්ට මාර ජුවල් ඇති.