(අංජුල මහික වීරරත්න)
එළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුළු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන් සියයට 50කින් පහළ ගොස් ඇති බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අද(28) දැනුම් දුන්නේය.
වී හා බඩ ඉරිඟු වගාවන් සඳහා රජයේ පොහොර වැඩ සටහන යටතේ රසායනික පොහොර ලබා දුන්නද, අනෙකුත් බෝග සඳහා යොදන පොහොර නොමැතිවීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි කර තිබිණි.
එම කාරණය සැලකිල්ලට ගනිමින් වී හා බඩඉරිඟු හැර අනෙකුත් බෝග සඳහා භාවිතා කළ හැකි මිශ්‍ර පොහොරක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයේ පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන්ට උපදෙස් දුන්නේය.
ඒ අනුව දැනට වෙළෙද පොලේ අලෙවි කෙරෙන මිශ්‍ර පොහොර මිල ගණන්වලට වඩා විශාල අඩු මුදලකට ගුණාත්මක බවින් ඉහළ නව මිශ්‍ර පොහොර වර්ග කිහිපයක් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම විසින් හඳුන්වා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම හේතුව නිසා වෙළෙද පොලේ මිශ්‍ර පොහොර මිල සියයට 50කින් පහළ ගොස් ඇතැයි අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගාවන් වලට පොහොර දමන්න ඉස්සරවෙලා පස් සාම්පල් පරික්ශාකර අවශ්‍ය ප්‍රමානයට සංගටක මිශ්‍ර කර පසට යෙදීම මගින් , හොන්ද අස්වැන්නක් ලබාගැනිම, පොහොරවලට යන විශාල මුදලක් ඉතුරු කරගනිම සහ පරිසරය ආරක්ශාවිමද සිද වෙනව, ගොවිජන සේා මද්‍යස්තානවල සිටින කෘෂි නිලධාරින් මෙ ගැන හොදින් දන්න නමුත් මෙවනි වියාපෘති ක්‍රියත්මක කරන්න ඔවුන්ට කිසිම අවශ්යතාවයක් නැහැ, විශල නිලදාරින් ප්‍රමානයක් නිකරුනේ කාලය ගත කරනව,
ජෙප්පන්ට මාර ජුවල් ඇති.