(සනත් ගමගේ )
හම්බන්තොට පොලිස් බල ප්‍රදේශයේ බූන්දල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්තොට රුහුණු රිදියගම විලියම් මාවත පදිංචි අශේන් කාවින්ද ගුනසේකර (31) විවාහක පුද්ගලයෙක් බව පොලීසිය කියයි.
මියගිය පුද්ගලයා වෙනත් ප්‍රදේශයක සිට බුන්දල කැලෑබද ප්‍රදේශයේ මාර්ගයක් අසලට රැගෙන විත් එම ස්ථානයේදී තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධව හම්බන්තොට මූලස්ථාන පොලීසිය වැඩිදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාසීසීටීවී කැමරා සවි කරන පුද්ගලයෙක් බව අනාවරණය වී ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පරීක්ෂණ පවත්වන හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂක ජගත් විජේගුණරත්න මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෝ බළල්ලු ගානට දැන් මිනිස්සු මරන්නේ. මිනිස්සු සත්තුන්ටත් එහා ගිහින්.මේවට මුලිකම හේතුව මිනිස්සු ආගමෙන් ධහමෙන් ඇත් වීමයි. අනික ගුණ ධහමින් තොර අධ්‍යාපන ක්‍රමය. මියගිය සොයුර ඔබට නිවන් දක්නා තුරු මෙවන් රුධුරු මටනයක් ඇත් නොවේවා... නිවන්සුව ලැබේවා ඔබට.!
රටේ නීතිය වල් වෙලා. දිනපතා නරක ආරංචි වැඩි වෙනවා මිස අඩුවීමක් දැක්නට නැහැ. ගිය සතියේ එක් පුද්ගලයකුගේ අත් දෙකම වෙන් වෙන්නට කපා, නැවත බද්ධ කරන්න බැරි විදියට අරගන ගිහින්. ඒ තරමට රටේ අපරාධය වෙඩි වෙලා. රටේ නීතිය හා සාමය ඇමතිට තියන චෝදනාවට ඔහු කිසිසේත්ම මේ තනතුරට සුදුසු නැහැ. පොලීස් සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ අකාර්යක්ෂමතාවය නිසා රටේ අපරාධ වැඩි වෙලා. නීතිපති දෙපාර්තුමේන්තුව පිල්ලයාන් ඇතුළු බොහෝ අපරාධකරුවන්ගේ විභාග වූ නඩු ගණනාවක් දේශපාලන උවමනා මත ඉල්ලා අස්කරගන තියන්නේ. ඩයනා ගමගේ රටේ ආගමන නීතිය කඩ කළා කියල ප්‍රමාණවත් සාක්ෂි තියද්දෙත්, ඔහුව අත්අඩංගුවට ගන්න බැරි කොන්දක් නැති පොලීසිය මේ රටේ තියන්නේ.
ඔය ඉතින් දකුණේ උදවියගේ හැටි තමා.