(ඉන්දිකා රාමනායක)
අරගල සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා අනර්ථය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝට්ටේ නගර සභාවේ සමගි ජනබලවේගය පක්ෂයෙන් හිටපු මන්ත්‍රිවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකෝට්ටේ පදිංචි (50) හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සම්බන්ධයෙන් හෙළි කරගත් තොරතුරු අනුව ඊයේ (27) දින රාත්‍රියේ සැකකරු සිය නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල ලබා දීම, 2023. 07.09 දින රාත්‍රියේ අරගල අතරතුර පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිට නිවසට කඩා වැදී එහි දේපළ වලට ගින තබා අගාභ හානි සිදුව තිබුණ’.’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කොලොන්නාවෙ හකරි ඔකට සම්බන්ද නැැද්ද?
පව් කල ස ජ බ ගොනෝ ඇදපන් හපුතල් යනවා. දැන් සජියා ඒයි උඹව බේරගන්න. බලමු අර නීතිඥයෝ ඒවිද කියලා.