
(නිමල කොඩිතුවක්කු)
කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් බිත්තරයක් රුපියල් 42 ක මුදලකට ලබාදීමේ හැකියාව ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
බිත්තර සඳහා පනවා ඇති ගැසට් නිවේදනය ඉවත් කර කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් එළැබෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ සිට හිඟයකින් තොරව බිත්තර ලබාදීමේ හැකියාවක් පවතින බවත් ඔහු පැවසීය.
බිත්තර සඳහා පනවා ඇති ගැසට් නිවේදනය හේතුවෙන් බොහෝ පිරිස් කර්මාණ්තයෙන් ඉවත්ව ඇතැයිද රත්නායක මහතා කීවේය.
මේ හේතුවෙන් බොහේ වෙළඳසැල්වල හොර අරක්කු මෙන් බිත්තර සඟවා අළෙවි කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම බිත්තර පිටරටින් ගෙන්වීමට කටයුතු කිරීමෙන් කර්මාණ්තය අනතුරකට ලක්ව ඇති බවත් කුරුලු උණ ඇතුලු ලෙඩ රෝග යලි පැතිරීමේ අවධානමක් පවතින බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ඉඳන් ලංකාවට වසරකට කුරුල්ලෝ මිලියන ගණනක් එනවා ,කුරුළු උන හැදෙනවා නම් කුරුල්ලන්ගෙන් හැදෙන්න සම්භාවිතාවය වැඩී බිත්තරෙන් ඕක බෝවෙනවට වඩා?
මොවුන්ට කිසිම බදු සහනයක් දෙන්න අවශ්‍ය නැහැ ..රටින් බිත්තර ගේනවනම් පහුවදාට ඊටත් වඩා අඩුවට අපි දෙනවා කියලා පම්පෝරි ගැහුවා මතකද? අනික ඩොලරය අඩු වෙන නිසා රටින් ගේන සත්ව ආහාර එහෙම තවත් අඩු වෙද්දී මෙයාලට විතරක් මොකටද ආයේ සහන..පොඩි මනුස්සයා මේ ව්‍යාපාරයෙන් අයින් කල්‍රෙ මේ මිනිස්සු තමයි ..බිත්තර හංගලා ලොකු ගානකට විකුණලා අන්තිමට ගැසට් එක ගැහුවම මෙයාලට අවුලක් වුනේ නැහැ ..
මෙන්න තවත් “ඩඩ්ලි සිරිසේන” කෙනෙක්. හාල් වගේ හංගපු බිත්තරත් එලියට ඒවි.