
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණය ,මහා මැතිවරණය සහ පුංචි ඡන්දය යන තුනම එකට තැබිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
එය තමාගේ පෞද්ගලික යෝජනාවක් බවද අමාත්‍යවරයා කීය.
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙන අතර එය පනතත් ලෙස ඉදිරිපත් කරන බව කී නවීන් දිසානායක මහතා එම තීරණයෙන් විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන් බවද පැවසීය.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් සේවයක් වෙනවාද කියා ඇත්තටම හදවතට තට්ටුකරලා අහන්න පුලුවන්දැයි විමසූ දිසානායක මහතා දැන් නියම ප්‍රතිසංස්කරණ වලට යාම සඳහා කාලය පැමිණ තිබෙන්නේ යැයි කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ දේශපාලනය ගැන මොන විවේචන තිබුනත්. ඒ කියපු දේ හරියටම හරි.
ඔය ඡන්ද තුනම ලබන මාසෙ තියනවනම් කිසිම ප්‍රශ්ණයක් නෑ. නමුත් ඔක තියන්න යන්නෙ 2024 අගනම් විශාල ප්‍රශ්ණයක් පැන නගිනව.
පියාගේ අහලකින්වත් තියන්න බැරි ගෙඹි න්‍යාය අනුව වැඩ කරන දෙන්නෙක්. ඔයාලා මහජනතාව ප්‍රතික්ෂේප කරපු හා කරන අය. කියන කතා ජනතාවට ප්‍රයෝජන නැත.
පළාත් පාලන මන්ත්‍රීලාගේ හදවතට තට්ටුකරලා අහන්නට කලින්, ඔයාගේ හදවතට තට්ටු කරලා බලනවා නම්, හොඳයි.
මුලින්ම තමුන්ගේ හදවතට තට්ටු කරලා ඇහුවොත් නරකද තමන්ගේ විදුලි බිල ගෙව්වද කියලා?
කියන කෙනාගෙන් රටට උනු සේවය මොකක්ද ? ඔහේ රට වෙනුවෙන් ඩොලර් කීයක් උපයලා තියනවාද ?
මේහාදයා කාලයකට ඉස්සර නුවර එළියේදී මිටින් එකකදී මිනිහෙකුට පහර දුන්නා.පහර කාගෙන ගිය ඒ මනුස්සයා ඊළඟ මිටින් එකටත් ආවා,නැවතත් ප්‍රශ්න ඇහුවා.මේ නවින් කියන මොලේ අබ්බාගාත හිඟන්නා ඒ පාරත් අරමිනිහාට ගහන්න පන්නා.වැරදුනා. අර මනුස්සයා මුට මදි නොකියන්න නෙළුවා.ඔය ඔක්කොම දේශකාපාලුවෝ කියන්නේ හිඟන්නෝ. හොරු. වටේට සෙක්කෝ බට්ටෝ ඉන්නකම් හොඳයි,හැබැයි චන්දෙ පැරදුනාට පස්සේ මුන් හැන්ගෙනවා, මිනිස්සුන්ට බයේ.
4000, 8000 කරෙත් ඔගොල්ලම නේද?