(ඉන්දිකා රාමනායක)
මාවනැල්ල ප්‍රදේශයේ මත්පැන් හලකට රුපියල් 1000 ව්‍යාජ නෝට්ටුවක් ලබා දී මත්පැන් බෝතලයක් ලබා ගැනීමත් තැත්කළ හිටපු පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි.
සැකකරු මාවැල්ල ප්‍රදේශයේ පදිංචි (36) හැවිරිදි පුද්ගලයකු බවත් ,2011 වසරේ ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින සිටියදී ස්ත්‍රි දුෂණයකට වැරදිකරුවී වැඩතහනමක් ලක් වු අයකු බවද පොලිසිය පවසයි.
මොහු ඊයේ (26) සවස් 7.00 ට පමණ රුපියල් 1000 ව්‍යාජ නෝට්ටුවක් ලබා දී රජයේ මත්පැන් ලබා ගැනීමට උත්සහ කිරීමේ දී මත්පැන්හලේ සේවකයන් ඔහු ලබාදුන් නොට්ටුව සම්බන්ධයෙන් සැකසිතී සැකකරු රඳවා තබාගෙන මාවනැල්ල පොලිසිය කැඳවා සැකකරු බාරදුන් බව පොලිසිය පවසයි.
පොලිස් අත්අඩංගුවට පත් වු සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තවත් රුපියල් 1000 ව්‍යාජ නෝට්ටුවක් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 1,000 මොකද්ද? දුලන්ජලී රු. 5,000 හොර නෝට්ටු ලක්ෂ 15 ක් එක්ක අහුවෙලත් කිසිම රාජකාරියක් කලේ නෑ. නීතිය කාටත් එකයි.