
(යොහාන් භාසුර)
උපයනවිට බද්දට ඉවත්කරන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (27) උද්ඝෝෂණයක් පැවැත්වීය.
‘උද්ධමනය අහස උසට වෘත්තිකයන් මහ පාරට’ සහ ‘රුහුණේ අත්තනෝමතික පාලනයට එරෙහි චෝදනා විමර්ශනය ස්වාධීන පරීක්‍ෂණ කමිටුවකට ඉඩ දෙනු’ ආදි විරෝධතා පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු විරෝධතාවයේ නිතර වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකට නැති මිනිස්සු. මෙම ඇකඩමික්වරු සතියකට පැය 3/4 ක් පමණක් වැඩ කරන අතර අප ගෙවන බදු වලට ස්තූතිවන්ත වන්නට ඉතා ඉහළ වැටුපක් ලැබේ. ඔවුන් සිතන්නේ ඔවුන් විශේෂ පන්තියක් බවයි. ඇත්ත වශයෙන්ම ඔවුන්ට කිසිදු විදේශීය විශ්වවිද්‍යාලයක රැකියා ලබා ගැනීමට නොහැකි වනු ඇත.
මට හිතෙනවා පුද්ගලික අංශයේ රජයේ සේවකයින් නිළධාරින් ලබන ආදායම් ඉක්මවා වැටුප් ලබන නිළධාරින් ඉන්නවා කියලා .ඒත් ඔවුන් ඔවුන්ගේ යුතුකම් හා වගකීම් හරියාකාරව ඉෂ්ඨකරනවා.අනේ මිනිසුනේ රටේ දරු පරපුර රටට සම්පතක් කියලා ඔබතුමන්ලා සිතනවා නම් ඔවුන්ගේ අනාගතය අදුරු නොකරන ලෙස කාරුණිකව ඉල්ලන්න කැමතියි දරු පරපුරට වඩා ඔබතුමන්ලා තුමියන්ලා අදහන පක්ෂ දේශපාලනය වටිනවා නම් ඔය වැඩේ දිගින් දිගටම කරගෙන යන්න.
උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන් දහස් ගණනක් ප්රාන ඇපයට තබා ගෙන උත්තර පත්‍ර පරික්ෂා කිරීම වර්ජනය කරමින් හා විශ්ව විද්‍යාල වල අවසන් ප්‍රතිඵලය ලබා දී සෑහෙන කාලයක් ගත කර ඇති අවසන් වසර වල දරුවන් ගේ ඉතිරි කටයුතු නිම නොකර කල් මරමින් ඔවුන් ව කඩිනමින් පිටත් නොකර විශ්ව විද්‍යාල වල රදවා තබා ගෙන ඔවුන්ගේ අනාගත අවස්ථා අහිමි කරන මෙම පිරිස ගැන වැඩිහිටියන් හා විශ්ව විද්‍යාල වල සිසුන් නිහඩ මන්ද මානව හිමිකම් පිළිබඳ සංවිධාන දරුවන් වෙනුවෙන් හඩක් නැගීමට කටයුතු නොකරන්නේ මන්ද?
කඳුළු ගෑස් ගැහුවෙ නැත්ද ?
These guy are also typical Horu ... Universities should also be privatized ,,,
නිදහස් අධ්‍යාපනය, සෞඛ්ය සේවා, සමුර්ධි, මාර්ග නඩත්තුව වැනි සේවාවන් "නොමිලේ" ලැබෙන දේවල් නොවේ. ඒවාට සමාජයේ ඉහල වැටුප් ගන්න උදවිය වැඩියෙන් බදු ගෙවීම ඕනෙම රටක සිදු වෙන දෙයක්. රටේ සමහර කොටස් තමන් "විශේෂිත" පුද්ගලයින් යයි සැලකීම නැවත්වීමට කාලය පැමිණ ඇත.
කොන්දක් තියෙන්නේ රුහුණු උපකුලපති ට පමණි. වැඩ නොකර අරගල කළ එහෙත් වැටුප් ගෙවා අය විගණනය කර ඒවා අයකර නොගන්නේ මන්ද. විගණකාධිපති තුමනි මේ ඔබේ වගකීමයි.
ලක්ශ 5 වැඩි වැටුපක් ගන්න උම්බල බදු ගෙවන්නෙ නැතිනම් , බදු ගෙවන්න ඔනෙ දුප්පත් කම්කරුවද ?
කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ .........අපිට ඔබතුමන්ලා තුමියන්ලා ගැන හරියට දුකයි ඔය කාටවත් තවත් අවුරුදු පනහක් ඉන්න බැහැනේ සිතා බලන්න ඇත්තටම ඔබතුමා කොපමණ පැය ගණනක් ජීවත්ව සිටියාද තවත් පැය කීයක් ඉන්න ලැබේද කියලා කොහොම වුනත් කවදාහෝ විශ්‍රාම ගියාම හරිම කලකිරීමක් ඇතිවෙනවා ස්තිරයි අත්දැකීමෙන් කියන්නෙ ඉතින් ඉන්න ටිකේවත් තමන්ගෙ බඩවඩා ගැනීම නවතා සමාජයට සේවයක් කර හොද තැනකට යන්න ප්‍රමාණවත් ගමන් වියදම් සොයාගත්තොත් නරකද ගමන් වියදම් ප්‍රමාණවත් නොවුනොත් ඉතින් නරක,තිරිසන් ප්‍රේත ,අසුර කියන ප්‍රදේශවලට තමයි යන්න වෙන්නෙ
මෙහි පලවී ඇති අදහස් බොහොමයක් විවි ආචාර්යවරුන් පිලිබදව ද්වේශයෙන් ලියා ඇත. අදාළ ගැටලුව ගැන ජනතාව තුල පවතින නොදැනුම ඉන් පෙනෙයි. උගතුන්ට ඉරිසියා නොකර ඔබත් උගතකු වන්න උත්සහ කරන්න.